රුහුණේ මී කිරි කතාව කියන තරම් රසවත් නැත. Featured

Saturday, 22 October 2022 18:47

මහ ලේවායේ මිදුණු ලුණුත්, ගෙපැලක් ගෙපැලක් පාසා මිදුණු මීකිරිත්, නිසා "රුහුණ” යනු මෙරට ජනයාගේ මිහිරි මතකයේ කොටසකි. ඉකුත් වු අතීතයටත්, ශේෂවු වර්තමානයටත්, ඒ මිහිරි මතකය ගලවා දැමීමට නොහැකිය. රජමැදුරත් ගැමි ගෙදරත් මුල්තැන් ගෙයත් කෑම මේසයත් යාකල කිරි සහ ලුණු යනු රස දෙකක් නොව රුහුණේ පාරම්පරික මහා කර්මාන්ත දෙකකි.

මහ ලේවායේ මිදෙන ලුණු වාණිජ කර්මාන්තයක් වුවත් කට දිව පිනවු මිහිරි "මි කිරි” යනු රුහුණු ජනපදයක් ජනපදයක් පාසා පැතිර ගිය නිපදවීමකි. විල් පොකුණුල කුඩා වැව්ල දියකඩිති, ඇල මාර්ගල ලඳු කැලෑ හා තණබිම් සහිත මේ නිවර්තන කලාපීය තැනිතලාවත් එහිම කකා බිබී නිදැලි ලෙස දිචි ගෙවු මි ගව රංචුවත් රුහුණු මී කිරි සන්නාමය ලොවට හඳුන්වාදීමට රුහුණේ ජනතාවට ලැබුණු දායාදයන් බඳුය. මේ සුමිහිරි ස්වභාවික අතුරුපස නිපදවිම යනු රුහුණේ ගොවිතැන් බත් කළ ජනතාවගේ සංස්කෘතියේම කොටසක් වුවා මිස අමුතු කාරණාවක් නොවිය. ගව රංචු වලට නිදැල්ලේ අවශ්‍ය ආහාර පාන සොයා ගැනීමට ඉඩහැර තිබු මේ සත්ත්ව පාලන ක්‍රමය නිදැලි ක්‍රමය ලෙස හදුන්වනු ලබයි.

කිරි වෙනස

කිරි කර්මාන්තයේදි එළදෙනුන්ගෙන් ලබා ගන්නා කිරි එළකිරි ලෙසත්, මී දෙනුන්ගෙන් ලබා ගන්නා කිරී මිකිරි ලෙසත් වර්ග කෙරේ. එළකිරි දොවා උණුකර උණූසුම් හෝ ශිතකළ පානයක් ලෙස පාරිභෝජනයට ගන්නා අතර මීකිරි දොවා උණුකර මුහුන් දමා නැවුම් ඇතිලිවල මුදවා අතුරු පස ලෙස ආහාරයට එක්කර ගැනීම රුහුණේ සිරිතයි. පුරාණයේ මී කිරි දෙවීමේ සිට කිරි මුදවීම ඉතාමත් පිරිසිදුව හා ගෞරවාන්විතව පවත්වාගෙන ගිය කර්මාන්තයකි.

images 1

එම නිසා එළකිරි දොවා මුදවා ගත් පසු ඒ මත සැදෙන "එඳේ ” එකතු කර එළගිතෙල් හෙවත් ගිතෙල් නිපදවා ගැනීමටත් මි කිරි දොවා උණුකර ඒ මත සැදෙන එඳේ එකතු කර දුන්තෙල් නිපදවා ගැනීමටත් ගැමිලියෝ කටයුතු කළාය. රුචිකත්වය අනුව රසයේ සුවඳ මිහිරි වෙනසක් මි කිරි හා එළ කිරිවල තිබේ. මහපැලැස්ස, විරවිල, තිස්සමහාරාමය, මත්තල වැනි ප්‍රදේශවල රුහුණු මිකිරි ඇතිලි වළං වල සිරුවට මිදෙන විට රුහුණේ දෙනියාය, කොටපොල, ලංකාගම, සියඹලාගොඩ වැනි ප්‍රදේශවල කිරි පදමට අනා කා හැකි කිතුල් පැණි හා වැලී හකුරු නිපදවිනි. ඉතිං කිරි පැණි වලට රුහුණ දෙවැනි වන්නේ කාටද?

ආහාර විද්‍යාඥයින්ගේ පර්යේෂණ අනුව සමතුලිත ප්‍රෝටින් අගය තිබෙනුයේ කිරිවලත්, බිත්තරවලත්, කුරහන්වලත් පමණි. මෙම සමතුලිතභාවය ලැබෙන්නේ සියලු ඇමයිනෝ අම්ල අවශ්‍ය පරිමාණයටම ආහාරවල අන්තර් ගතවීම නිසාය. ඒ අනුව රුහුණේ හරක්කාරයාද ගම්බාරේලා ද ඉටුකළේද ඉටුකරමින් සිටින්නේද සුළුපටු මෙහෙවරක් නොවන බව පැහැදිලිය. ඔවුනගේ කර්මාන්තයට මේ ආහාර වට්ටෝරු සියල්ලම ඇතුළත්ව තිබිණි. එසේම දින වනවාණු සඳහන් නැති අතිතයක්ද ඊට හිමියි.

හෙළ රජ සමයේ, බලහරුව නම් ගම ගෝණබැද්ද දිසාව යටතේ පාලනය වු බවත් එම දිසාවගේ විශේෂ වගකීම වුයේ රජවාසල සඳහා ඉතා උසස් තත්වයේ ගව පට්ටි මේ ප්‍රදේශයේ නඩත්තු කිරීම බවත් ඓතිහාසික ලේඛන වල දැක්වේ.

කිරි කලාව හෙවත් "පුදා වැඩිල්ල”

රසය සුවද හා කිරිවල ඝණත්වය අතින් ඉතා ඉහළ ප්‍රමිතියක් පවත්වාගෙන යාමේ කිරි කලාවක් පැරුන්ණෝ සතුව තිබු බව විරවිල ප්‍රදෙශයේ අප කළ සංචාරයේදී දැනගන්නට ලැබුණි.

රුහුණේ මේ කිරි කර්මාන්තකරුවෝ ඉතා සකසුරුවම් අන්දමින් කටයුතු කළ මිනිසුන් වුහ. ඔවුහු කිරි බිංදුවක් වත් අපතේ යාමට ඉඩ නොදුන්හ. උණු කළ කිරි නැවුම් වලං වල මුදවා ගැනිමට වත් කිරීමෙන් පසු නැවත කිරි උණු කළ භාජනයට වතුර කෝප්පයක් දමා උණූ කර පානයට ගැනුනි. එය මෝරු කොප්පය ලෙස හැඳින්විය. කිරි මිදුන පසු ලබා ගත් එඳේ එකතු කර එළ කිරි වලින් එළඟිතෙලුත් මි කිරි වලින් දුන්තෙලුත් සදාගනි. එළඟිතෙල් බත් සහ දුන්තෙල් බත් එකල රුහුණේ මඟුල් ගෙදරක වැරදුනේ නම් නැත. දේශිය වෙදකම සඳහා ඖෂධයක් වශයෙනුත් රසකැවිලි නිෂ්පාදනයටත් මේවා යොදා ගෙන තිබේ.

ගොවිතැන්බත් කළ ජනයා කමත් භාෂාව ව්‍යවහාරයට ගත්තා සේම රුහුණේ ගම්බාරේලාට ද සිය කරිමාන්තය වෙනුවෙන් අමුතු වචන වට්ටෝරුවක් තිබිණි. සිය ගව පට්ටි පවත්වාගෙන යාම වෙනුවෙන් දෙවියන්ගේ සහ ගවයන්ගේ පිහිට ලබා ගැනීමට පුදා වැඩිල්ල නමින් වු පුජා විධික්‍රමයක්ද ඔවුන් විසින් පවත්වාගෙන ගොස් තිබිණි. සම්ප්‍රදායත් නුතන තාක්‍ෂණයත් අඩු වැඩි වශයෙන් රුහුණේ මි කිරි රසවත් කිරීමට යොදා ගැනීම වත්මන් ගම්බාරේලාගේ රාජකාරියයි.

කිරි විදීය

රුහුණේ කිරි කර්මාන්තයේ සිමාව පහළ ඌවේ තැනිතලාවේ සිට බෙන්තර ගඟ දක්වාම පැතිරි තිබුණත් අද නම් එය ගිරුවාපත්තුවේ ප්‍රදේශ කිහිපයකට සිමා වි ඇත. තිස්සමහාරාම හම්බන්තොට මාර්ගයේ විරවිල ප්‍රදේශයේ කිරි වීදියක් තිබේ. ඕනැම කෙනෙකුට ඕනැම ප්‍රමාණයක කිරී හට්ටි ප්‍රමාණයක් මිලදී ගැනීමට තරම් කිරි මේ වෙළඳ වීදියේ තිබේ. එනමුදු දක්‍ෂිණ අධිවේගී මාර්ගය මත්තලට පැමිණිමෙන් විරවිල කිරි විදිය මඟහැරි ගිය බව වෙළෙන්දන්ගේ අදහසයි. මේ නිසා අද එහි ඇත්තේ ටිකක් පාලුව ගිය ස්වභාවයකි. මීකිරිත් එළකිරිත් රට වටේ යන්නේ රුහුණේ මි කිරි යන සන්නාමය යටතේය. මාතර බත් කඩයක් නැති නගරයක් නැතුවා සේම රුහුණු මිකිරි අලෙවි සැලක් නැති කුඩා නගරයක් වත් ලංකාවේ නැත.

අවශ්‍යතාවය හා අභියෝගය

අපේ රටේ වාර්ෂික ඒක පුද්ගල ද්‍රව කිරී පරිභෝජනය ආසන්න වශයෙන් ලීටර් 60 – 63 ක් ලෙස ගණනය කර තිබේ. මිලදී ගැනීමට පවත්නා විරලතාවය කිරිපිටි මිල ඉහළයාම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කිරි පරිභෝජනය අවම වේ. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2020 මෙරට සමස්ථ කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 491.5 පමණ වේ. මෙයින් ලීටර් 413ක් එළකිරි වන අතර ලීටර් මිලියන 78ක් මී කිරිය. එම වර්ෂවල සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් අනුව එළදෙනුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණයේ දෛනික සාමාන්‍ය අගය ලීටර් 3.35 පමණ වේ.

women curd

ඉකුත් වසර හයේ ගණනය කිරීම් අනුව මි ගව දෙනකගෙන් ලබා ගන්නා දෛනික කිරි නිෂ්පාදන අගය ලිටර් 2.5 ඉක්මවා නැත. වර්තමානයේ දී අපේ රටේ කිරි ගවයින්ගෙන් ලබා ගන්නා දියර කිරි වලින් සපුරා ගත හැක්කේ මෙරට සම්පුර්ණ කිරි අවශ්‍යතාවයෙන් 40 % - 41% ක් වැනි ප්‍රමාණයකි. ඉතිරිය ආනයනය කිරීමෙන් සම්පුර්ණ කර ගනී. ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව කිරිපිටි ආනයනය (Full Cream Milk Powder) පසුගිය වසර හයක කාලය සැලකිල්ලට ගැනිමේදී එක් වසරක් සදහා මෙට්‍රික් ටොන් 90,000 කි. 2020 වසරේ ආනයනික කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 96,811 කි. 2021 වසරේද ඊට සමාන අගයකි. මේ සඳහා රුපියල් බිලියන 55 – 60 ක් පමණ වැය කර ඇත. මහ බැංකු වාර්තාවලට අනුව කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සදහා වසරකට අපේ රට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් පමණ වැය කරයි.

 

බිඳවැටීමේ පරිමාව

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ රිදියගම ගොවිපල ප්‍රධාන වශයෙන් රුහුණු ප්‍රදේශයට විශේෂිත මි කිරි නිෂ්පාදන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකව පැවතිණි. 2014 ශ්‍රි ලංකීක දියර කිරි අවශ්‍යතාවය සපුරාලීම දායකත්‍වය දෙමින් ආනයනික කිරි ගවයින් 2500ක් යොදා ගෙන දියර කිරි නිෂ්පාදනය සඳහා යොමුවිය. 2016 වසරේ රිදියගම ගොවිපල දකුණූ ආසියාවේ විශාලතම ගොවිපොළ ලෙස පවත්වාගෙන ගිය අතර එවකට එහි දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් 30,000ක සීමාව ඉක්මවා යාමට සමත්ව තිබිණි.

ඒ එදායග රිදියගම ගොවිපලේ වත්මන් සහකාර සාමාන්‍යාධිකාරි තිලක් විදානපතිරණ මහතාගෙන් එම ගොවිපලේ දෛනික කිරි නිෂ්පාදනය කොපමණදැයි අසා අප විමසා සිටියේ 2022. 10. 08 වන දිනය. ඔහු පැවසුවේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් 5500 නොඉක්මවන බවයි.

 115676920

2016 වසරේ දකුූණ පළාතේ පශු සම්පත් සම්මාන උළෙලේදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොදම මධ්‍ය පරිමාණ එළගව ගොවිපොළ පවත්වාගෙන යාම වෙනුවෙන් සහ හොඳම සමෝදාන ගොවිපොළ පවත්වාගෙන යාම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වු එච්. එච්. කේ. රත්නසිරි මහතා ප්‍රදේශයේ කිර්තිමත් ගම්බාරේවරයෙකි. එවකට ඔහුගේ ගොවිපොළේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් 160 ඉක්මවා තිබුණි. දිස්ත්‍රික් මට්ටමෙන් පළාත් මට්ටමෙත් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් එච්. එච්. කේ. රත්නසිරි මහතාගේ ගොවිපලේ දෛනික කිරි නිෂ්පාදනය 2022. 10. 15 දින වනවිට ලීටර් 30 ඉක්මවා නැත. මෙකි නිෂ්පාදන බිඳවැටීම රිදියගම ගොවිපල රත්නසිරිට පමණක් නොව මුළු රුහුණටම බලපා ඇති ඛේදවාචකයකි. එසේ වීමට බලපෑ හේතු මොනවාද?

 

ගවයන්ගේ, නිළධාරින්ගේ සහ ගොවියන්ගේ ප්‍රශ්න

පුද්ගලික අංශයේ කර්මාන්ත කිහිපයක් හැරුණූ කොට අපේ රටේ පශු සම්පත් පාලනය විශේෂයෙන්ම ගව පාලනය පැවැතියෙත් පවතින්නේත් යැපුම් මට්ටමේය. ආගමික මතවාද හා වෙනත් බලපෑම් හේතුවෙන් එය කර්මාන්ත මට්ටමට පැමිණීයේ නැති බව සත්ව සංවර්ධන උපදේශකයින්ගේ අදහසයි. රුහුණේ මීකිරි නිෂ්පාදනය වර්තමානයේ මුහුණ පා ඇති අර්බුද හා ඊට පිළිතුරු සොයා පශු වෛද්‍යවරුන්ගේන් සත්ව සංවර්ධන උපදේශකයින්ගෙන් ගම්බාරේලාගෙන් හා රුහුණේ ගවපට්ටි පාලකවරුන්ගෙන් පුරාණයේ නම් දරා ඇති හරක්කාරයන්ගෙන් අප කළ විමසීම්වලදි සංකිර්ණ ගැටළු ගණනාවක් හෙළිදරව් කෙරිණ. හම්බන්තොට, මහපැලැස්ස, බලහරුව, මාතර, තිස්සමහාරාම හා විරවිල යන ප්‍රදේශවලදි අපට මේ කථානයකයින් හමු විය.

images 2

අවේණික සතුන් අහිමි විම

දේශීය බටු හරකා සහ දේශීය මී ගව වර්ග යනු මෙරට දේශගුණයට ඔරොත්තු දෙමින් නිදැල්ලේ හැදි වැඩි කිරි නිෂ්පාදනයට දායක වු පැරණි සාමාජිකයින්. උෂ්ණ දේශගුණයට ඔරොත්තු දෙන අයුරින් හම සැකසී තිබීම හා ඝණකමින් වන කෙටි රෝම වැඩි දිලෙසෙන ගතියක් තිබීම, උෂ්ණත්වය පාලනය කර ගැනීමට හැකි වන පරිදි බෙල්ලේ තැල්ලක් සහ මොල්ලියක් තිබිම දේශීය ගව වර්ගවල බාහිර ලක්‍ෂණ බව දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තණබිම් අහිමිවීම කෘෂිකාර්මික කටයුතු සදහා ඉඩම් අත්පත්කර ගැනීම වනරක්‍ෂිත තුළට ගවයින් ඇතුළු කිරීම තහනම් කිරීම නිසා සාම්ප්‍රදායික නිදැලි ගවපට්ටි පවත්වාගෙන යාම අතිශය සංකිර්ණ කාර්යක් බවට පත්විය. මේ නිසා පරම්පරාවෙන් පරම්පරාවට කිරි නිෂ්පාදන කාර්ය සදහා ගවපට්ට් පවත්වාගෙන යාමට තරුණ පිරිස යොමු නොවීම මේ කර්මාන්තය පවත්වාගෙන යාමේ අභියෝගයක් වි ඇති බව හෙළිදරව් වේ.

ගවපාලනය ගාල් කිරීම

රුහුණේ ගවපට්ටි පාලනය සංවර්ධනය කිරීම හා දියර කිරි නිෂ්පාදනය ඉලක්ක කර ගනිමින් විදේශිය දෙමුහුන් ගවයන් මෙරට හදුන්වාදෙන ලදි. දේශීය ගවයින් මෙන් මොවුන් නිදැල්ලේ යැවීමට නොහැකි වු අතර ඔවුන් සඳහා දියුණු ගවගාල් ඇති කිරීමට සිදුවිය. ක්‍රමවත් ජලසම්පාදනයක් ආහාර සදහා තණ වගාව වාතය උණුසුම් විම වැලැක්වීමට විදුලි පංකා සවිකිරීම වැනි සංකිර්ණ කටයුතු වලට යොමු වීමට ගොවීන්ට උපදෙස් ලැබුණි, එහෙත් ඒ සංකිර්ණ ක්‍රියාවලියට මුහුණ දිමටත් ඒ සඳහා රුහුණේ ගවපට්ටි පාලකවරුන් යොමු කිරිමටත් වගකිවයුතු අංශවලට තවමත් අභියෝගයක්ව තිබේ.

මෙරට ව්‍යාප්තව ඇති එළගවයින්ගෙන් 49% ක් යුරෝපීය දෙමුහුන් (European and Crosses) වන අතර 26% ක් දේශිය වර්ගවේ. ඉතිරි 25% ඉන්දියානු දෙමුහුන් (Breed) වර්ගයේ ගවයෝ වෙති. පාකිස්ථානයෙන් මෙරටට ආනයනය කරන ලද "සහිවාල්” "සින්දි” යන එළගව වර්ග දෙකක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ගීර් ගවයාත්, නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද ෆිෂියන් ගවයාත් බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ලද "අයර් ෂයර්” ගවයාත් යුරෝපයේ ජර්සි දුපත්වලින් ආනයනය කරන ලද ජර්සි ගවයාත් දැන් මෙරට කිරි නිෂ්පාදනයට දායකවි සිටී. උෂ්ණත්වයට ඔරොත්තු නොදීම හම තුනි වීම නිසා ඉතාමත් ආරක්‍ෂිත ගවගාල් මොවුන් සඳහා අත්‍යාවශ්‍ය බව සත්ත්ව සංවර්ධන උපදේශකයින්ගෙ නිගමනයයි. තවද දේශීය මී ගව වර්ග වෙනුවට ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද මුරාල සුර්ති මී ගව වර්ග දෙකක් පාකිස්ථානයෙන් ආනයනය කරන ලද නිළිරවි යන ගවයාත් මෙරට මි කිරි නිෂ්පාදනය සඳහා දායකවී සිටී. කිරි කර්මාන්තය මැනවින් ක්‍රියාත්මක කරන රටවල එළ දෙනෙකුගෙන් දිනකට කිරි ලීටර් 20 - 30ක් පමණ ලබා ගනි. පෝෂණය හරියාකාරව නොලැබීම හා පෝෂණ ඌනතා නිසා අප රටේදී එවැනි කිරි ප්‍රමාණවත්ව ලබා ගැනීමට නොහැකි වි ඇත.

ආහාර සැපයීම හා තෘණ වගාව

අපේ රටේ නිදැලි ගව පාලනයේදී තෘණ වගා කිරීමට ගොවින් පෙළඹුණේ නැත. එසේම ප්‍රතිපත්තියක් ලෙස තෘණ වගාව මේ විෂයට ඇතුළත් කර ගැනීමට පෙළඹුනේද නැත. කාර්යක්‍ෂම එළදෙනෙකුට උගේ දේහ බරින් 3% වියළි ආහාර ප්‍රමාණයක් හා 10% ක නැවුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් දෛනිකව ලබා දිය යුතුය. කිරි ගවයන්ගේ ආහාර පිණිස බඩඉරිගු (Maize) සෝගම් (Sorghum) CO3 බ්‍රැකුකෙරියා (Brachiaria) Super napicr Packchong තෘණ වගා කළ යුතුය. මේ සඳහා ප්‍රමාණවයත් ජල සම්පාදන පහසුකම් අවශ්‍ය වේ.

ආහාර සැපයිමේ කාර්යය සඳහා කිරි ගොවීන්ට තෘණ වගා කිරීිමට ප්‍රමාණවත් ඉඩම් නොමැතිවිමද කිරි කර්මාන්තය බරපතල ගැටළුවක්ව තිබේ. එබැවින් දළ තන්තුමය ආහාර වගාව සඳහා ගොවින්ට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් (LRC) ඉඩම් ලබා දීම කටයුතු කළයුතු බවත් නිවැරදි නිරෝදායන ක්‍රමවේද අනුගමනය කරමින් ආනයනික තෘණ බිජ හා තෘණ දඩු ගොවීන්ට ලබා දිය යුතු බවත් සත්ත්ව සංවර්ධන උපදේශකයින්ගේ අදහසයි. සෞම්‍ය දේශගුණයක් සහිත රටවල් වෙසෙන කිරිගව වර්ග විශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීම දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට හේතුවන හෝ උත්තර නොවන බව ඉකුත් වසර කිහිපයේ මෙරටට ලැබුණූ අත්දැකිමයි.

මෙරට කිරී නිෂ්පාදනයෙන් 80%, 85% ත් අතර කුඩා පරිමාණ කිරි ගොවීන් ය. වියළි කලාපයෙන් මැයි සිට ඔක්තෝබර් දක්වා දිගු වියළි කාලගුණයකට මුහුණ දීමට රුහුණේ කිරිගොවීන්ටද සිදු වේ. එම කාල සිමාව යනු ගවයින්ට දළ තන්තුමය ආහාර හිඟයකට මුහුණු දිමට සිදු වන කාලයයි. වගකිව යුතු අංශ කළ යුත්තේ කිරි ගොවීන්ට මේ සඳහා වඩා සාධනීය විසදුම් සොයා දිමයි. තෘණ අස්වනු නෙලා සංරක්‍ෂණය කර තැබීම (Silage) වන රක්‍ෂිත තුළට ගවයින් ඇතුල් කිරීමට සාධාරණ අවස්ථාවක් ලබා දීම වැනි විසදුම්වලට කිරිගොවීන් යොමුකළ යුතුයි. ගවයින්ට අවශ්‍ය තෘණ සොයා ගැනීමට නොහැකි වු බැවින් 2014 වර්ෂයේ තමන්ගේ හරක් පට්ටිය මාදුරු ඔය රක්‍ෂිතයට රැගෙන යාමට සිදු වු බව තිස්සමහාරාම ප්‍රදේශයේ කිරි ගොවීයකු අප සමග පැවසීය.

800px Murrah buffalo

පොදුවේ මතුවන ගැටළුවලට පිළිතුරු සොයා ගැනිම

දේශිය ගවයින් සදහා පුරාණයේ දේශීය ප්‍රතිකාර ක්‍රම තිබුණත් දෙමුහුන් ගවයින් සඳහා නියමිත ප්‍රමිතියෙන් යුතු ඖෂධ නියමිත කාලයේ ලබා දිමට සිදු වේ. ආරයෙන් උසස් ගවයින් ගොවීන්ට ලැබුණත් රෝගවලට ඔරෝත්තු දිම අතින් ඔවුන්ගේ හැකියාව ඇත්තේ ඉතාමත් අඩු මට්ටමකය. ආරයෙන් උසස් ගවයින් ගොවීන්ට ලබා දිමට කටයුතු කළේ ඒ සඳහා අවශ්‍ය දළ තන්තුමය ආහාර වගා කළ යුතු බවට ප්‍රතිපත්තිමය ලෙස ගොවීන් යොමු නොකරමිනි.

මේ නිසා ආරයෙන් උසස් ගවයින් සමඟ කිරි නිෂ්පාදන ක්‍රියාවලිය කෙරුණේ සාම්ප්‍රදායිකව හුරුවී සිටි ක්‍රමවේදයන්ට අනුවයි. මේ නිසා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ රිදියගම ගොවිපලෙන් අධීක පිරිවැයක් දරා ලබා ගත් දෙමුහුන් ගවයින් විශාල ප්‍රමාණයක් වසර තුනකදී කිරිගොවීන්ගේ ගව ගාල තුළදීම අවසන් හුස්ම හෙලුහ. ( 2021 රිදියගම ගොවිපලෙන් ලබා ගත් දෙමුහු ගවයින් 13 අතරින් දැනට ජීවතුන් අතර සිටින්නේ තිදෙනෙකි). දෙමුහුන් ගවයින් ගොවීන්ට හදුන්වා දුන්නත් තම දෙපාර්තමේන්තුව ඊට අනුව හැඩ ගැසුණේ නැති බව දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව සංවර්ධන උපදේශකයකු අපට පැවසීය. පශු වෛද්‍යවරුන්ගේ හිඟකම දැනට සිටින පශු වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කටයුතු වලට අමතරව පරිපාලන කටයුතු වලට මැදිහත්වීමට සිදුවිම, සත්ත්ව සංවර්ධන උපදේශකයින්ගේ රාජකාරියට ඇතුළත් අභිජනන කටයු තුළ ව්‍යාපෘති කටයුතු, කළමණාකාරිත්ව කටයුතු, පුහුණු වැඩසටහන්, වසංගත රෝග නිවාරණයට කටයුතු කිරීම, එන්නත්කරණය හා ගැබ් පරික්ෂාව ඇතුළු රාජකාරිමය කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම් නොමැති වීම වර්තමානයේ බරපතල ගැටලු ගණනාවකට මඟ පාද තිබේ.

පාරිභෝගික පැමිණිලි

කිරි ආහාරයට ගැනීමෙන් සිරුරට දැනෙන්නේ සනීපයකි. සැහැල්ලුවකි. මිහිරකි. මෑතක සිට අසන්නට ලැබුණේ කිරි ආහරයටගත් පසු අසනීප වීමය. ඕක්කාරය හා වමනය බඩේ දැවිල්ල හටගන්නේ ඇයි ? කිරි මුදවීම හා කල් තබා ගැනීම වෙනුවෙන් මිනිස් සිරුරට අහිත කර රසායනික ද්‍රව්‍ය දෙකක් (නම් සඳහන් නොකරමි) එකතු කිරීම මෙම තත්වයට හේතුව බව කිරිගොවිහු පෙන්වා දෙති. මෙම අවාසනාවන්ත තත්වය වැලැක්වීම සඳහා අදාල නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන වල සාම්පල් පරික්‍ෂා කර පාරිභෝගික ආරක්‍ෂාව සලසන ලෙස රුහුණේ ගොවිහු මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන්ගෙන් ඉල්ලා සිටිති. ඉතා දුෂ්කරතත්වයේ නමුත් රුහුණු මි කිරි වඩාත් සෞඛ්‍යාරක්‍ෂිතව නිපදවීමට රුහුණේ කිරී ගොවීහු අදත් දැඩි කැප වීමෙන් ක්‍රියා කරයි. එහෙත් කිරි මුදවීම හා කල්තබා ගැනීම වෙනුවෙන් කිරි වලට විවිධ අකාලන ද්‍රව්‍ය එකතු කරන්නේ (Intentional Adulteration) දියර කිරි එකතු කර මුදවා අලෙවි කරන ඇතැම් ව්‍යාපාරිකයින් මිස රුහුණේ කිරි නිෂ්පාදකයින් හෝ ගම්බාරේලා නොවේ.

1562934949 kiri l

වසා දැම්ම හා අක්‍රීය වීම්

මට්ටක්කුලියේ පිහිටි සම් පදම් කිරීමේ කර්මාන්තය, දෙමටගෙඩ පිහිටිි සත්ත්ව ඝාතකාගාරයත් ක්‍රියාකාරි මට්ටමේ නොතිබීම පුන් ගවයින් (පිරිමි ගවයින්) මස් පිණිස අලෙවි කිරීමට සාධාරණ අවස්ථාව ගොවීන්ට නොමැති ව තිබේ. නිත්‍යානුකූල ගව ඝාතකාගාර නොමැති වීම නිසා ගවයින් සොරකම් කරන හරක් හොරුන් බිහි වීම කිරි ගොවීන් වීෂයෙහි බලපාන තවත් ගැටලුවකි.

පශු විමර්ශන මධ්‍යස්ථානය පශු පර්යේෂණායතනය යන ආයතන වලින් ඉටුකරන සේවාවන් ඉතා දුර්වල මට්ටමක පැවතීම. කැකණදුර තෘණ සම්පත් මධ්‍යස්ථානය වසා දැමීමල සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානවල ප්‍රමාණවත් නිදර්ශණ නොමැති වීම. කෘතීම සිංචන කටයුතු නිසියාකාරව සිදු නොකිරීම කිරිගොවීන් විෂයෙහි බලපාන තවත් ගැටලු ගණනාවකි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉකුත් මස කිහිපයේ දකුණු පළාතේ කෘතිම සිංචන කටයුතු සම්පුර්ණයෙන්ම නතර වී තිබිණි. ද්‍රව නයිට්‍රජන් නොමැති වීම නිසා ගව ශුක්‍රාණු බහා තබන බහාලුම් විනාශ වී යාම නිසා බරපතල පාඩු සිදු වු බවට සත්ත්ව සංවර්ධන උපදේශකයින් පැවසීය. කෘතිම සිංවන ක්‍රමවේදය මගින් වැස්සි පැටවුන් බිහිකිරිමේ නව ක්‍රමවේද ප්‍රචලිත කර ව්‍යාප්ත නොකිරිමත් දක්‍ෂ සහ පුහුණු විශේෂඥ නිළධාරින්ගේ සහාය නොමැති වීමත් දකුණේ කිරි නිෂ්පාදකයින් බරපතල ගැටලු ගණනාවක් මතුකර තිබේ.

ස්කෑන් පරික්‍ෂාව සඳහා දකුණ පළාතට ගෙන්වනු ලැබු යන්ත්‍ර 03 ක් භාවිතයට නොගැනිම, සාන්ද්‍ර ආහාර නිෂ්පාදනය අඩාල වීම හා කැකණදුර සාන්ද්‍ර ආහාර නිෂ්පාදනාගාරය වසා දැමීම සත්ත්ව එන්නත් නිෂ්පාදනාගාරයක් නොමැති වීමද සත්ත්ව සංවර්ධන උපදේශකයින් හා කිරිගොවීන් මුහුණ දෙන තවත් ගැටළුවකි.

අභිජනන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම සත්ව පාලනයට හා කළමණාකාරීත්‍වයට තිබෙන රාජ්‍ය ආයතන නොතකා හිතුමතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතින්ද නිරාපරාදේ මුදල් නාස්ති කිරීමක් බව අදාල අංශ පෙන්වා දෙති. එවැනි ව්‍යාපෘති අතර පොල් වගා කිරිමේ මණ්ඩලයෙන් ගව ගාල් ඉදිකිරීම්, කුඩා තේවතු සංවර්ධන අධිකාරියෙන් කිරි ගවයින් ලබා දීම, සමෘද්ධි අධිකාරියෙන් කිරිගවයින් හා කුකුළු පැටවුන් බෙදා දීම, කිසිදු තාක්‍ෂණික ඇගයිමකින් තොරව සත්ත්ව සංවර්ධන උපදේශකයින් හා පශු වෛද්‍යවරුන් නොසලකා හැර සිදුකරන බවද ඔවුහු පවසති. කිරි ගොවියන් ගෙන් කිරි එකතු කිරිම් සඳහා මධ්‍යස්ථාන 3918ක් හා කිරී ශිත කිරීමේ මධ්‍යස්ථාන 284 තිබුණත් කිරි ගොවියන්ගෙන් මිලදි ගන්නා දියර කිරි එකතු කරන සමාගම් විසින් කොල්ලකාරි ලෙස ගොවීන් ලබා දෙන කිරි වංචාකරණ බව ඔවුහු පෙන්වා දෙති. කිරිවල අගය හා ඝණත්වය එවෙලේ පරික්‍ෂා කිරීම වෙනුවට ඒවා රැගෙන යාමෙන් පසු ගොවින්ට විවිධ හේතුන් පෙන්වා ලබා දුන් කිරිවලට සාධාරණ මිලක් ලබා දෙන්නට කටයුතු නොකරණ බව මාතරල ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කිරි ගොවීහු චෝදනා කරති. එකතු කිරීම් මධ්‍යස්ථාන වල සිටින සේවකයින් ගිතෙල් නිපදවන්නේද එවැනි වංචනික ක්‍රමවලිනි. ගොවින්ගෙන් එකතු කර ගෙන යන කිරි අතරමගදී රසකැවිලි නිෂ්පාදකයින්ට විකුණා ජලය මිශ්‍ර කිරීම පිළිබඳව සිදු විම් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන්නේය. තත්වය මෙසේ නම් කිරි එකතු කිරීමේදි ගොවීන්ගේ කිරිවල ප්‍රමිතිය පරික්‍ෂා කිරීමේ ක්‍රමවේදයක් හෝ ගොවීන්ට ඊට අදාල තාක්‍ෂණික උපකරණ ලබා දීම රජය වගකිමයි.

download

නිලධාරීන්ගේ කෙනහිලි

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට ප්‍රදේශයේ කිරි ගොවි සමිති නියෝජිතයින් සහභාගී කර ගැනීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ වගකීම වුවත් මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා ඊට අවස්ථාව ලබා දි නැත. 2022. 09. 06 දින මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සහභාගී වු මාතර දිස්ත්‍රික් කිරිගොවී සංවිධානයේ ලේකම් සම්මානනීය ව්‍යවසායක එච්. ජී. සංජය ලාල් මහතා එතැනින් පන්නා දැමීමට ක්‍රියාකර තිබුණේ අනාරාධනයෙන් සහභාගි වු බව පෙන්වා දෙමිනි.

එසේම මාතර දිස්ත්‍රික්කයේ කිරිගොවීන් එකතුව 2022. 09. 08 දින මාතර සණස ශාලාවේදී පැවැත්විමට සුදාණම් කර තිබු මාතර දිස්ත්‍රික් කිරිගොවි සමුළුව කඩාකප්පල් කිරිමට කටයුතු කර තිබුනේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපර්තමේන්තුවේ දකුණු පළාත් අධ්‍යක්‍ෂක සුනිල් කෙරමිණිය මහතා විසිනි. ඊට අදාල ලිපියක් පවා ඔහු විසින් නිකුත් කර තිබීම පුදුම සහගතය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සම්මානනීය කිරි නිෂ්පාදකයෙකු හා මධ්‍ය පරිමාණ ගොවිපොළ හිමිකරුවකු වන තිස්සමහාරාමයේ එච්. එච්. කේ. රත්නසිරි මහතාගේ ගොවිපොළේ කෘතිම සිංචන කටයුතු සදහා සත්ව සංවර්ධන උපදේශකයින් 2022. 05. 23 දිනෙන් පසුව පැමිණ නැත. එසේම එම දෙපාර්තමේන්තුව 2020. 01. 28 දින දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවත්වාගෙන ආ පශු සම්පත් පුහුණූ වැඩ සටහන් සියල්ලද ඉන්පසුව නවතා දමා තිබේ.

අසමත්කම තේරුම් ගැනීම

ශ්‍රී ලංකාවේ පශු සම්පත සංවර්ධන කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවයක් ලෙස සත්ව නිෂ්පාදාන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1978 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදීය. 2022 වන විට ඊට වසර 44 සපිරේ. මේ හා සමානව පශු සම්පත් සංවර්ධනය වෙනුවෙන් තවත් ආයතන ගණනාවක් ද බිහිවිය. ඛේදවාචකය නම් තමවත් ලංකාවේ දේශගුණයට ගැලපෙන භුමියට උචිත ගවයෙකු අභිජනනය කිරීමට මේ දෙපාර්තමේන්තුව හෝ ආයතන අපොහොසත් විමයි.

වෙනත් රටවල් එම අත්හදා බැලිම් සාර්ථකව අවසන් කර තිබේ. අසල්වැසි ඉන්දියාව නෙදර්ලන්තය නිජබිම කර ගත් ෆිෂියන් ගවයා සහ මුලාරම්භය ඉන්දියාව නිජබිම කර ගත් ගීර් ගවයා දෙමුහුම්කර ඉන්දියාවේ දේශ ගුණයට ගැලපෙන "ගුරු ලන්ඩා” (GO) බිහි කරගැනීමට සමත්විය.

එහෙත් අප තවමත් කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ඉක්මවු මුදලත් වැයකරන්නේ ස්වභාවික ලැබුණ මේ සියලු පහසුකම් හා සම්පත් ගොම තල්ලියක් තරම් වත් නොගනිමිනි.

රුහුණේ පශු සම්පත

 වර්ගය  ගොවිපල සංඛ්‍යාව  සතුන් සංඛ්‍යාව
 එළ ගව   2747  8878
 මී ගව  488  5510

රුහුණේ දෛනික

 වර්ෂය  දෛනික නිෂ්පාදනයේ සාමාන්‍ය අගය
 2020  ලීටර් 18600
 2021   ලීටර් 19356

(වාර්තා : දකුණූ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව)

 

 - දයා නෙත්තසිංහ

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us