ආදායම් නැතිනම් බදු ගෙවන්න එපා ! Featured

Saturday, 15 October 2022 11:11

රාජ්‍යය කියන්නේ මිනිසුන්ගේ නිර්මාණයකි. සම්මුතියකි. රාජ්‍යය නිර්මාණය කරගත් විට එහි සිටින මිනිසුන් පුරවැසියන් වේ. පුරවැසියන් විසින් රාජ්‍යය පවත්වාගෙන යෑම සඳහා රජය නමින් වන යාන්ත්‍රණය නැතිනම් සිස්ටම් එක පිහිටුවා ගනී. ඒ අනුව රජය පුරවැසි අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ හා සේවා හුවමාරුවට මුදල් නැමැති ඒකකය හඳුන්වා දෙයි.

මුදල් නිකුත් කරන්නේ රාජ්‍යය වෙනුවෙනි. මුදල් අයිති රාජ්‍යටය. භාණ්ඩ හා සේවා නිශ්පාදනය කර ඒවා රජයට විකුණා මුදලින් ආදායම් ඉපදවීම පුරවැසියා සිදු කරයි. මුදලින් ආදායම් ලබන පුරවැසියෝ එකිනෙකා හා භාණ්ඩ හා සේවා වෙළදාම මඟින් නැවත නැවත ද ආදායම් උපදවයි. එමඟින් තමන්ගේ පැවැත්ම සඳහා වන වුවමණාවන් සපුරා ගනී. සිස්ටම් එක දුවන්නේ එහෙමය.

මේ අනුව පුරවැසියෙක් ආදායම් උපදවන්නේ ඊට අවස්ථාවක් සහ අවශ්‍යතාවයක් ඇති බැවිනි. ආදායම් උපදවන්න අවශ්‍ය අවස්ථාව සහ පහසුකම්, සේවාවන් සලසා දෙන්නේ රජය විසිනි. රජය ආදායම් උපදවන්න සහය වෙනවා නම් එය වෙනුවෙන් පිරිවැයක් දරණවා නම් ඊට අදාල ගෙවීමකුත් තිබිය යුතුය. බදු කියන්නේ ඒවාටය.

රජය බදු අය කරන්නේ නැවත නැවත පුරවැසියන්ගේ ආදායම් ඉපදවීමේ අවස්ථා සහ අවශ්‍යතා සපුරා ලීමටය. ඒ අනුව බදු ගෙවීම පුරවැසියාගේ වගකීමක් වේ. බදු නොගෙවා සිටීම ආදායම් ලැබීමට ඇති අවස්ථා අවුරා ගැනීමකි. බදු නොගෙව්වොත් රටේ අධ්‍යාපනය කඩා වැටේ. රටේ සෞඛ්‍යය කඩා වැටේ, රාජ්‍ය සේවය කඩා වැටේ. යටිතල පහසුකම් සංවර්ධය අඩාල වේ. සෙසු සංවර්ධන ව්‍යාපෘති ඇණ හිටී.මේ සියල්ල රජය බලාගන්නේ පුරවැසියාට වැඩි වැඩියෙන් ආදායම් උපයා ගැනීමේ අවස්ථා සහ අවශ්‍යතා ඇති කිරීම වෙනුවෙනි.

අධ්‍යාපන ක්‍රියාවලිය කඩා වැටුණොත්. උගත් ප්‍රජාව අහිමි වෙනු ඇත.ශික්ෂණය වූ ප්‍රජාව අහිමි වෙනු ඇත. එසේ වූ විට ආදායම් උපදවන්න පුහුණු ශ්‍රමිකයන්,විශේෂඥයන්,වෘත්තිකයන්,විද්වතුන් අහිමි වේ. කර්මාන්ත ව්‍යපාර සේවා ආදිය පවත්වාගෙන යන්න පුරවැසියන් නැති වේ.

සෞඛ්‍ය සේවා අඩාල වුවහොත් පුරවැසියා රෝගීන් වෙයි. රෝගීන් සමඟ ආදායම් ඉපද වීමේ කිසිදු ක්ෂේත්‍රයක් බල ගැන්විය නොහැක.

යටිතල පහසුකම් නැති වුවහොත් වන දුෂ්කරතාවය කිව යුතු නැත.

රාජ්‍ය සේවය නොමැති වුවහොත් කිසිවක් කළමනාකරණයකින් තොරව රාජ්‍යයම අයාලේ යනු ඇත. විනයක් නීතියක් රට තුළ ස්ථාපිත කරගැනීමට නොහැකි වෙනු ඇත. රාජ්‍යයේ ආරක්ෂාව අවදානමට වැටෙයි.

මේ නිසා සියලු පුරවැසියන් තමන්ගේ ආදායම් අවස්ථා වෙනුවෙන් බදු ගෙවීම කළ යුතුමය. එය වගකීමක් යුතුකමක් මෙන්ම සදාචාර සම්පන්න විදියයි.වැඩියෙන් ආදායම් උපයන අය වැඩියෙන් ගෙවිය යුතුය. අඩුවෙන් ආදායම් උපදවන්නන් අඩුවෙන් ගෙවිය යුතුය. සෑම පුරවැසියෙකුම තමන් රාජ්‍යයෙන් ලබා ගන්නා දේ අනුව බදු ගෙවීම සිදුකරයි.

එමෙන්ම ආදායම් නැති අය බලාගැනීමත් රජයේ වගකීමකි. සහනාධාර දෙන්නේ ඒ වෙනුවෙනි. සහනාධාර කියන්නේ රජය එකතුකරන බදු මුදලින් කරන තවත් සේවාවකි. සහනාධාරය ද එය ලබන්නාගේ ආදායමක් වන විට ඊට ද බදු ගෙවිය යුතුය. සෘජුව හෝ වක්‍රව බදු එකතුකර ගැනීම රජය සිදු කරයි. මේ නිසා බදු ගෙවීම සෑම පුරවැසියකුම සිදු කරයි. ආදායම් නැති නම් බදු ගෙවන්න එපාය කිව්වාට ආදායම් නැති පුරවැසියකු නැත.

ගෙවන බදු නියමාකාරයෙන් රජය යොදා ගන්නවාද යන්න සොයා බැලීම පුරවැසියා කළ යුතුය. නැති නම් රජය බංකොලොත් වෙයි. සිස්ටම් එක හදා ගෙන තිබෙන්නේ එහෙමය.

chatham street journal පුවත් පතිනි.

Last modified on Saturday, 15 October 2022 11:13

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us