සජිත්, චරිතව ආපහු කෝප් එකට දායි. දැන් අනුර එක්ක හොරු අල්ලතැහැකි. Featured

Tuesday, 04 October 2022 11:01

කෝප් කමි‍ටුවේ හිටපු සභාපති චරිත හේරත්ව යළි එම කමි‍ටුවට නම් නොකිරීම ගැන ඔහුගේ වේදනාව ප්‍රකාශයට පත් කරමින් ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අලුතෙන් පත්කිරීමේදී දූෂිත ක්‍රමයට පක්ෂව සිටින හොරු සහ ඩීල්කාරයන් දවසකට ජය ගෙන ඇතැයි ඔහු පවසයි.

තමන් අනුමාන කළ ආකාරයට ම මාස දෙකක කාලයක් ප්‍රමාද වී ප්‍රකාශයට පත්කළ කෝප් කමිටුවේ ලැයිස්තුවෙන් තමාගේ නම ඉවත් කර තිබෙන බව ද කෝප් කමිටුවෙන් තමා ඉවත් කිරීමට ආර්ථික අපරාධ පිටුපස සිටි අයට අවශ්‍ය වූ බවත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා පිළිබඳව ලැජ්ජා වන බව ද පවසයි.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීනව සිටිනවා යැයි කියන් චරිත හේරත් මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගනු ලබයි.

මේ අතර චරිත හේරත් යළි කෝප් කමිටුවට නම් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබේ. කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස පත් කර සිටි හර්ෂ ද සිල්වා ස්වේච්ජාවෙන් ඉන් ඉවත් වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට චරිත හේරත් ඊට නම් කිරීමට විපක්ෂනායකවරයා මෙම පියවර ගෙන තිබේ. එයින් හැඟවෙන්නේ අවශ්‍ය නම් විපක්ෂට චරිතව කෝප් කමිටුවට නම් කළ හැකිව තිබුණු බවය.

කොහොම නමුත් චරිතගේ පළවෙනි ප්‍රශ්නය වන්නේ තමන්ව කෝප් කමිටුවෙන් ඉවත් කිරීමේ වේදනාවය. තමන් පාර්ලිමේන්තුවේ වැදගත් කමිටුවක සභාපතිකමක් දරන්න තරම්වත් ලොකු පොරක් යැයි සිතා සිටීම එයට හේතුවය. චරිත ගෝඨා පාලන සමයේදී සිය දේශපාලන නායකයා වූ බැසිල් රාජපක්ෂගෙන් කැබිනට් ඇමැතිකමක් බලාගෙන සිටියාට නොලැබුණු තැන ඒ ගැන කන්කෙඳිරි ගාමින් සිටීම නිසා ඔහුව සැනසීම වෙනුවෙන් මෙම සභාපති පට්ටම ඔහුට ලබා දීමට කටයුතු කර තිබිණි. ඒ හැර එයට වෙනත් හේතුවක් තිබුණේ නැත.

දෙවන ප්‍රශ්නය ලෙස ඔහු හඟවන්නේ ඔහුව ඉවත් කිරිම නිසා හොරු සහ ඩීල්කාරයන්ට ජය ගැනීමට හැකිව තිබෙන බවය. මේවා විහිළුය. හොර නඩයකට රටේ පාලන බලය ලබා දීම වෙනුවෙන් වෙහෙසුන චරිත හේරත්ලා දැන් හොරුන් ඩීල්කාරයන් ජයගෙන ඇති බව ප්‍රකාශ කිරීම විහිළුවකට වඩා දෙයක් නොවේ.

එසේම පැවැති රාජපක්ෂ පාලනය තුළ රට බංකොලොත් තත්වයට ඇද දැමීමමට හේතු වූ මුග්ධ සහ තක්කඩි තීන්දු තීරණ සියල්ලටම කිසි වගවිභාගයක් නැතිව චරිත හේරත්ලා අත් දෙකම ඔසවා ඒවා අනුමත කළේය. අද රටේ ජනතාව මුහුණ දෙමින් සිටින පීඩාවන්ට හේතුව චරිතලාය. ඒ චරිතලාගේ තක්කඩි කමය. මෙය එසේ මෙසේ තක්කඩි කමක් ද නොවේ. අඩුම තරමින් තමන් වෙතින් වූ වරද නිවැරදි කරගැනීමේ උත්සාහයක් හෝ ඒ වැරැද්ද නිවැරදි කරන්න වත්මන් පාලනය ගන්නා උත්සාහයකට හෝ සහයක් නොදී තවදුරටත් රට වළපල්ලටම තල්ලුකරන තැනකට චරිතලා අමු තක්කඩියන් වී සිටිති. පසුගිය දින වල ගෑස් ටෙන්ඩරයක් අල්ලාගෙන නැටූ නාඩගම ද එහෙම වැඩකි.

කොහොම නමුත් චරිත හේරත් කෝප් සභාපතිවරයාව සිටියදී සිදුකළාය කියන අමුතු වැඩේ කුමක්ද ? එහෙම දෙයක් නැත. කෝප් කමිටුව කියන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් 27 දෙනකු පමණ නියෝජනය කරන කාරක සභාවකි. එවැනි සභාවක සභාපතිවරයා යනු තනියෙම තීන්දු තීරණ ගෙන, තනියෙම වැඩ පෙන්වන තැනක්ද නොවේ. එය තීන්දු ගන්නේ සභාවක් ලෙසය. සාමාන්‍යයෙන් ඒකමතිකව අවසන් නිර්දේශයන් නිකුත් කරන අතර සභාපතිවරයාට ඇත්තේ එම තීන්දු තීරණ ඇතුලත් වාර්තාව කථානායකවරයාට බාර දීමය.

කාරක සභා වාර්තාවක් නිකුත් කළ පමණින් චරිත කියන විදිහට ඩීල් කාරයන් හෝ හොරු ඇල්ලීමක් වන්නේද නැත. ඒ තබා නීතිමය පියවර ගැනීමක් හෝ වන්නේ නැත. යම් සිදුවීමක් සමබන්ධයෙන් කාරක සභාව දක්වන නිර්දේශ ක්‍රියාත්මක කරන්න යැයි කරන ඉල්ලීමකට පමණක් එය සීමා වෙයි.

අනෙක් කාරණය කාරක සභාවක නිර්දේශ වුවත් යුක්ති සහගතද සාධාරණද යන්න ගැන අවසානාත්මක තීන්දුවක් නොවේ. එය අධිකරණයක් නොවේ. මෙහි විමර්ශනයට ලක් කරන දේ සර්ව සම්පූර්ණයෙන් සිදු කරන්නේද නැත. එම වාර්ථා පරිශීලනය කරන විට ඇතැම් විට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ වැඩ ඊට වඩා ස්මාර්ට් බව හැඟීයාම ද සිදු විය හැකිය. මෙය මතුපිටින් කරන සාමාන්‍ය පරික්ෂා කිරීමක් පමණක් වේ. එහෙත් ඒවායේ අහුකොන් අල්ලාගෙන මාධ්‍ය සංදර්ශන කිරීම නම් නිතර සිදුවන දෙයකි.

සුනිල් හඳුන්නෙත්ති කෝප් සභාපතිවරයාව සිටියදී මහා හාහූවක් කරමින් සිදුකර බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනයේදී අඩුම තරමින් එය වංචාවක් කියා නම් කිරීමටවත් හැකියාවක් තිබුණේ නැත. ප්‍රධාන චුදිතයා ලෙස රනිල් වික්‍රමසිංහව නම් කිරීමට ලොකු උත්සහයක් ගත් නමුදු අදාල වාර්තාවේ ඔහුගේ නම චෝදනාවකට සැක හිතෙන ලෙසවත් ඇතුලත් කිරීමට හැකි වූයේ නැත. එහෙත් කෝප් කමිටුවෙන් එළියට පැමිණ මාධ්‍ය ඉදිරියේ කිව්වේ වෙන කථාවකි.

චරිත කළෙත් එහෙම සංදර්ශනාත්මක වැඩකි. විශේෂයෙන්ම තමන් සුදනා කියා පෙන්වීමට මේවා පාවිච්චි වෙයි. චරිතලා ආස එහෙම වැඩ වලටය. ඔහු සභාපතිවරයාව සිටි සමයේදී කළ කී දේවල් ගැන අවධානය යොමු කළා නම් මෙය පහසුවෙන් වටහා ගත හැක. ඒ අනුව චරිතලා වගේ කොමිටල් කාරයන් කෝප් සභාව නියෝජනය නොකළාය කියා වන අවැඩක් නම් කොහෙත්ම නැත. කෝප් නිර්දේශ වැදගත් වන්නේ ඒ නිර්දේශ අනුව වගකිව යුත්තන් ගන්නා ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් පමණි.

දැන් මහා දූෂණ විරෝධියා වන අනුර කුමාර දිසානායකද මේ කෝප් කමිටුවේ සාමාජිකයෙකි. ඒ නිසා චරිත කියන විදිහට හොරු සහ ඩීල්කාරයන්ට එහෙම ජය ගන්න වෙන්නේ නැත. ඒ නිසා ඒ ගැන චරිතට වද වෙන්න දෙයකුත් නැත.

කොහොම වුණත් දැන් සජිත්ගේ මහා කරුණාව නිසා හිතේ වේදනාව සමනය කරගෙන චරිතට කෝප් කමිටුවේ වාඩිලාගෙන වෙන දෙයක් බලාගෙන සිටිය හැකි වීම ලොකු දෙයකි. නැතිනම් මේ අඬවැඩියාව චිරාත් කාලයක් පැවැතීමට නියමිතව තිබිණි.

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us