subash
අරක්කු ගාන වැඩි කරාට ඇමැතිට හෙන ඉල්ලා තැපැල්පතක්..
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියට පරුෂ වදනින් හෙන ඉල්ලා පුද්ගලයෙකු තැපැල්පතක සටහනක් එවා තිබෙනවා, ඒ අරක්කු මිල වැඩිකිරීම සම්බන්ධයෙන්.
ජනතාවගේ ගැටළු විසැඳීමට ගෙන ආ ජාතික සභාවත් විපක්ෂය මඟ හරී
පසුගියදා පාර්ලිමේන්තුවේදී යෝජනාවකින් සම්මත කරන ලද ‘ජාතික සභාව’ කාරක සභා සමාරම්භක රැස්වීම ලබන 29 වැනිදා පෙ.ව 10.30 ට පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
ජවිපෙ රඟපු අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ජනපති සැරසෙයි
කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.
සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කෙරේ
සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මරික්කාර් කියනවා වගේ ජනමතයට රට හදන්න පුළුවන්ද?
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ ඇමති ධුර වෙන්දේසි කර අටවාගෙන ඇති ආණ්ඩුවට හෝ කිසිදු ජනමතයක් නොමැති බවත් තවත් මන්ත්‍රී ධුර 10 ක් විපක්ෂයට එක් වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසා තිබිණි.
රටේ කෑම හිඟයක්ද ? නැතිනම් තියෙන දේ කන්න දන්නේ නැද්ද?
ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා දුර්වල තැනක බව දැන් කලාන්තරයක් තිස්සේ නැඟෙන අඳෝනාවකි. වත්මන් තත්වය තුළ ජාත්‍යන්තර සමීක්ෂකයන්ට අනුව පවුල් 10 න් 08 කට පමණ ආහාර ප්‍රමාණාත්මකව සපයාගැනීම ගැටළුවක් වී තිබේ. ළම හා කාන්තා මන්ද පෝෂණය උග්‍ර වී ඇත. විශාල ප්‍රමාණයේ ඉලක්කම් සමඟ දැන් කියැවෙන්නේත් මේ රටේ ආහාර සුරක්ෂිතතාවයක් නොමැති බවය.
කිසිවකුත් බඩගින්නෙ නොතැබිය යුතුය කියන රජයේ ප්‍රතිපත්තිය මත මෙරට මුහුණ දෙන ආහාර හිඟතාවය මුළුමනින්ම අවසන් කිරීම වෙනුවෙන් නව වැඩ පිළිවෙල ගනනාවක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. පසුගිය ගෝඨා පාලන සමයේ ගත් ඇතැම් තීන්දු තීරණ නිසා මෙරට ආහාර හීඟතාවයක් මෙන්ම අධි උද්ධමන තත්වයක ඇති වීමට හේතු විය. මේ නිසා සමස්ත සමාජයම පීඩාවකට ගොදුරුව සිටී.
වත්මන් ආහාර අර්බුදයට විසඳුම් ලබාදීමට ජනාධිපති කාර්යාලය විධිමත් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කර ඇත.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදව් ලබා ගැනීමට පූර්ණ සහය ලබා දෙන බව විදෙස් තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ සහතික වී තිබේ.
නීත්‍යානුකූලව මෙරටට මුදල් එවන විදෙස් ශ්‍රමිකයන් සඳහා යෝජනා කළ විශේෂ විද්‍යුත් වාහන ආනයන පළමු බලපත්‍රය අද දින ප්‍රදානය කර තිබේ.
