ඇත්තටම කන්න නැතිනම් කියන්න..!

Published in පුවත්
Thursday, 22 September 2022 20:27

වත්මන් ආහාර අර්බුදයට විසඳුම් ලබාදීමට ජනාධිපති කාර්යාලය විධිමත් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කර ඇත.

ඒ අනුව, රටේ ඕනෑම තැනක දරුවෙක්, පුද්ගලයෙක් හෝ පවුලක් ආහාර නොමැතිකමින් පීඩාවට පත්ව ඇත්නම් දුරකතන අංක 0114354647 හෝ 0114354354 අමතා දිගු අංක 5705 / 5707 ඔස්සේ සම්බන්ධ වී තොරතුරු ලබාදිය හැකිය.

සාමාජිකයන් 05 දෙනෙකුට වැඩි සමෘද්ධිලාභී පවුල්, ආබාධිත හා නිදන්ගත රෝගීන් සිටින පවුල්, අවුරුදු 05 ට අඩු ළමයින් සිටින දුගී පවුල්, ස්වාමියා හෝ බිරිඳ නොමැති පවුල්, ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනයවත් නොලැබූ දුගී පවුල්, දරුණු ආහාර අහේනියකට මුහුණ පා සිටින පවුල් සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර්ණායක ලෙස හඳුනාගෙන ඇත.

මෙවැනි පවුල් සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ මාසිකව රු. 15,000 ක් ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබාදිය හැකිය.

එහිදී මුල් මාස 03 සඳහා මුදල් ලබාදෙන අතර තවත් මාස 06 ක් සඳහා ආහාර ලබාදෙනු ඇත.

මීට අමතරව අධික ආහාර අහේනියකින් පෙලෙන පවුල් 61,000 ක් සඳහා රජයෙන් මාසිකව රු. 10,000 ක්, මාස 06 ක් දක්වා ලබාදීමට නියමිතයි.

මෙම කිසිවකට ඇතුළත් නොවන සහ ආහාර නොමැතිකමින් පීඩාවිඳින පවුල් සඳහා ද කෙටිකාලීනව ආහාර ලබාදීමේ හැකියාවක් පවතින අතර, ඔවුන් ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් හරහා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකය වෙත ඉල්ලීමක් කළ යුතුය.

ඊට අමතරව මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සිටින පවුල් සඳහා රජයෙන් ක්‍රියාත්මක කෙරෙන මාපිය කැපකරු ක්‍රමය වැනි වැඩසටහන් ඔස්සේ ආහාර ආධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මකය.

එමෙන්ම, ආහාර නොමැති පවුල් පිළිබඳව තොරතුරු පාසල් ගුරුවරුන්ට ද අදාළ අංශ වෙත යොමු කළ හැකි අතර එවැනි පවුල් සඳහා ආධාර කිරීමට කැමති හා හැකියාවක් සහිත අයට ද මේ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව පවතී.

ආහාර නොමැතිව පීඩාවිඳින පවුල් සඳහා ආහාර සැපයීමේ වැඩසටහනක් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මකය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us