මරික්කාර් කියනවා වගේ ජනමතයට රට හදන්න පුළුවන්ද? Featured

Tuesday, 27 September 2022 11:05

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ ඇමති ධුර වෙන්දේසි කර අටවාගෙන ඇති ආණ්ඩුවට හෝ කිසිදු ජනමතයක් නොමැති බවත් තවත් මන්ත්‍රී ධුර 10 ක් විපක්ෂයට එක් වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසා තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවම වශයෙන් නගර සභා, ප්‍රාදේශීය සභාවලට හෝ ජනබලයක් නොමැති බවත් මේ නිසා සැබෑ ජනමතය නියෝජනය වන ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගත යුතු බවත්, ඒ සඳහා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවත් මරික්කාර් මහතා සඳහන් කරයි.

මරික්කාර් පමණක් නොව සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද මහ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටී. ඊටත් එහා ගොස් ජනාධිපතිනරණයක්ද ඉලලි සිටි අවසථා තිබිණි. මහපැතිවරණයක් ඉල්ලා සිටින අය අතරේ ජනතා වුමුක්ති පෙරමුණද ඉදිරියෙන් සිටිය. මේ අය මේ වෙනුවෙන් දරන්නනේ මරිකකාර් දරණ මතයමය. එනම් වත්මන් පාලනයට රාජ්‍ය පාලනයට වෙනුවෙන් ජනමතයක් නොමැති බවය. ජනමතයක් ජනවරමක් නොමැතිව පාලනයක පවත්වාගෙන යෑම කළ නොහැකි බවත් රටේ අර්බුද සඳහා එවැනි පාලනයකින් විසඳුම් ලබා දිය නොහාකි බවය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් තෝරා පත් කරගැනීමේදී ඒ වෙනුවෙන ජන මතය විමසීම අනිවාර්යයක් වීම ගැන විවාදයක් නැත. වත්මන් පාර්ලිමේන්තුව යනු වසර 5 දක්වා ජනමතය විසින් තීන්දු කළ ආකාරයයි. එයට හිමි කාලය ලබා දීම හෝ නොවීම පාර්ලිමේන්තුවට තීරණය කළ හැකිය. ජනාධිපතිවරයාට එය තීන්දු කිරීමට ලබන වසරේ මාර්තුව පසු වෙන තෙක් සිටිය යුතුය. ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන ප්‍රතිපාදන අනුව විය යුතු දේ සිදුවිය යුතුය.

කෙසේ නමුත් පැවැති දේශපාලන අර්බුදකාරීත්වය යටතේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් වන්නේ පාර්ලිමේන්තුවේ තෝරා ගැනීමක් අනුවය. එනම් ජනවරමක් ඇති පාර්ලිමේන්තු නියෝජනයේ බහුතර කැමැත්ත අනුවය. එය ද ව්‍යවස්ථානුකූලවය. එය පිළිගත් සම්මතයයි. එම නිසා ඔහු ජනවරමක් නොමැති ජනාධිපතිවරයකු ලෙස හැඳින්වීමෙහි නිවැරදි නැත.එසේම රනිල් වික්‍රමසිංහගේ පත්වීම පුරවැසියාට බාරගැනීමට සිදුවෙනු ඇත. ඒ අනුව එම පත්වීමට හිමි ඉතිරි දෙවසරද ඔහුට ලැබිය යුතුය. ඊට පෙර ජනාධිපතිවරණයක් කැඳවන්නේ නම් එය ඔහුගේ කැමැත්තය.

මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලා සිටින අය ඒ ඉල්ලා සිටින පදනම වන්නේ රටේ ජනමතය වෙනස් වී ඇති බවත් ඒ නිසා නැවත වනවරම විමසා පාලකයන් තෝරා ගත යුතු බවය. එහෙත් ජනමතය වෙනස් වී තිබේද? එය සිදුවී ඇත්තේ කෙසේද යන්න ගැන පැහැදිලි නිශ්චිත කරුණු කාරණා මේ කිසිවකුත් ඉදිරිපත් කරන්නේද නැත. පසු ගිය කැරලිකාරි සමයේදී පැවැති පාලනයට එරෙහිව රටේ යම් කොටසක් පෙනී සිටීම මත හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා සහ එම ආණ්ඩුව එය රටේ බහහුතරයේ ජනමතය ලෙස විශ්වාස කර පාලනයෙන් ඉවත් වීම ඔවුන්ගේ කැමැත්ත මත තීරණය විය. ඒ ජනමතය අනුව වත්මන් පාලකයනුත් ඉවත් විය යුතු බව කිසිවකු විශ්වාස කරන්නේ නම් ඒ වෙන ඔල්මොරොන්දම් මානසිකත්වයක් විය යුතුය. අඩුම තරමින් රාජ්‍ය පාලනයට තමන්ට ජනවරමක් ති‌බේද යන්න ගැන හෝ මොවුන්ට තිබෙන විශ්වාසය කුමක්ද ?

ඒ කෙසේ නමුත් ජනවරමක් ලැබීම මත පාලනයක් නිවැරදි හෝ යහපත් වීමක් සිදුවෙන බවට තිබෙන විශ්වාසය කුමක්ද ? මීට පෙර මේ රට පාලනය කළ සියළු පක්ෂ කණ්ඩායම් රාජ්‍ය පාලනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ හරහා ලැබුණු බහුතරයකගේ ජනවරම අනුවය. එලෙස ලැබුණු ජනවරම අනුව මේ පාලනයන්ගෙන් වූ අමුතු හොඳක් තිබේ ද? පසුගිය ගෝඨා පාලනයට 69 ලක්ෂයක අති විශාල ජනවරමක් ලැබිණි. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක්ද ලැබිණි. එයින් සිදුවූයේ කුමක්ද යන්න යළි කිව යුතු නැත. ජනවරමක් ලැබුණා කියා පාලන තන්ත්‍රයක් නිවැරදි හෝ යහපත් වන්නේ නැත.

මහ මැතිවරණයක් ඉල්ලා සිටින අයට එය ලබා දීමෙන් පසුව ඡන්දදායක ජනතාව ගන්න තීන්දු තීරණ අනුව කවරාකාර රාජ්‍ය පාලනයක් බිහිවේදැයි ද කිව නොහැක. බහුතර බලයක් කිසිදු කණ්ඩායමකට නොලැබුණහොත් ඇතිවන තත්වය කුමක්ද? දැනට බහුතරය පවතින කණ්ඩායමටම නැවත ජනවරමක් හිමි වුවහොත් මොකද වෙන්නේ? එසේ නොවන්නේ යැයි කිව හැකිද? ජනමතය නිශ්චිතවම කුමක්ද යන්න දැන ගත හැකි වන්නේ මැතිරණයකින්ම පමණය. ඒ අනුව ලැබිය හැකි ප්‍රතිපළය නිශ්චිත නැති අතර එමෙන්ම අවදානම්කාරීය. ඒ වඩාත් අවදානම්කාරී වන්නේ රට මේ වන විට මුහුණ දී තිබෙන ආර්ථික සහ සාමාජීය අර්බුදයයන් මතය.

හෙට දිනය තුළ සිදුවිය හැක්කේ කුමක්ද යන්න ගැන හෝ පූර්ව විනිශ්චයකට පැමිණීමේ හැකියාව පවා නැති මේ මොහොතේ රට සමග පුරවැසි ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කළ නොහැක. රටේ ජනතාව බඩ ගින්නේ මැරෙනවා කියමින් ප්‍රචාරය කරන මේ විපක්ෂයට ඒ වැලැක්වීමේ වැඩ පිළිවෙක් තිබෙනවා ද ? ඔවුන් දෙගුණ තෙගුණ කර පෙන්වන අර්බුද වලක්වා ගැනීමේ සැලසුම කුමක් ද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇති මාර්ගය හෝ ඔහු අනුගමනය කරන මාර්ගයට හෝ වෙනස් මාර්ගයක් ගැන අදහසක් හෝ මේ විපක්ෂයට නැති බව පැහැදිලිය.  

රටක ගොඩ නැගීමේදි වඩා වැදගත් වන්නේ ජනවරමේ ප්‍රමාණය නොවේ..රට ගොඩ නැගීම සඳහා වන ප්‍රතිපත්ති සැලසුම් වැඩ පිළිවෙල සහ ඒ සඳහා ගන්නා අවංක ක්‍රියාමාර්ගයයන්ය. ඒ සදහා අවශ්‍ය කරන හැකියාව ශක්තියය. අධිෂ්ඨානශීලී නිවැරදි නායකත්වයය. රනිල් වික්‍රමසිංහ මේ වන විට මේ සමත්කම පෙන්වා තිබේ.

අද පුරවැසි ජන ජීවිතය පීඩාකාරී බව ඇත්තකි. රටේ ආර්ථිකය ඇත්තේ වළපල්ලේය. මෙයින් ගොඩ ඒ්ම සඳහා ඉතිරිව ඇති විකල්පය අද ක්‍රියාත්මකය. එයට සහය වී වළ පල්ලෙන් සියළු දෙනා ගොඩ එනවා වෙනුවට ඒක මේක හරි යන්නේ නෑ කියමින් කරන බොරු කුලල් කෑමේ ප්‍රතිපළය වන්නේ තවදුරටත් වළ පල්ලේම පල් වෙවී කුණු වෙවී සිටීමට සිදුවීම හැර අන් දෙයක් නොවේ. සජබෙ හෝ වේවා ජවිපෙ හෝ වේවා අද කරමින් සිටින්නේ රට වළ පල්ලෙන් ගොඩ ඒමට සහය වනවා වෙනුවට ඒ සඳහා උත්සහ ගන්නා වුන්වද යළි යළිත් වළ පල්ලටම ඇද දැමීමය.

ඉතිහාසයේ දරුණුම අර්බුද සමයක දී එයින් ගොඩ ඒම සඳහා අසීරු උත්සාහයක් කැපකිරීමක් පාලකයනුත් ජනතාවත් කරමින් සිටින මොහොතක මෙහෙම කල්පනා කරන විපක්ෂයකට රාජ්‍ය පාලනය සඳහා ජනවරමක් නොලැබීම නම් රටේ කුමක් හෝ වාසනාවකට සිදුව තිබෙන බව කල්පනා කිරීමෙහි වරදක් නැත.

 

 -SJ

Last modified on Tuesday, 27 September 2022 11:08

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us