ඩොලර් එවා වාසනාව උදාකරගත් පළමුවැන්නා මෙන්න

Published in පුවත්
Tuesday, 20 September 2022 20:04

 නීත්‍යානුකූලව මෙරටට මුදල් එවන විදෙස් ශ්‍රමිකයන් සඳහා යෝජනා කළ විශේෂ විද්‍යුත් වාහන ආනයන පළමු බලපත්‍රය අද දින ප්‍රදානය කර තිබේ.

 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එය ප්‍රදානය කළේ, අදාළ විද්‍යුත් වාහනය ගෙන්වා ගත් විදේශ ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිත දහම් පෙරේරා මහතාට ය.

විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය සඳහා විදෙස් රටක ජීවත්වන, රැකියාව කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු මේ සඳහා මූලික සුදුසුකම සපුරන්නේ වෙයි.

ඊට අමතරව, මැයි මාසයේ 01 වැනිදා සිට දෙසැම්බර් 31 දා දක්වා මෙරටට එවන ඩොලර් විසි දහසක් හෝ ඊට වැඩි වටිනාකම සහිත මුදල විද්‍යුත් මෝටර් රථ සදහාත්, මැයි මස 01 වැනිදා සිට 2023 වසරේ මැයි මාසය දක්වා එවන ඩොලර් තුන්දහසක් හෝ ඊට වැඩි මුදල විද්‍යුත් යතුරුපැදි ආනයනයට වලංගුය.

එමෙන්ම, මෙරටට එවන මුදලින් 50% ක් රුපියල් බවට පරිවර්තනය අනිවාර්ය වන අතර, එම මුදලේ වටිනාකමට යතුරු පැදිය හෝ මෝටර් රථය ආනයනය කළ හැකිය.

පළමු ලියාපදිංචියෙන් වසරක් තුළ මෙම බලපත්‍රය යටතේ ආනයනය කළ හැක්කේ, භාවිත නොකළ, ධාවන දුර කිලෝමීටර ‘0‘ හෝ නව වාහන පමණයි.

වාහනයේ බැටරි ඇසුරුම සහ විදුලි මෝටරය සඳහා අවම වශයෙන් වසර තුනක වගකීම, ජාත්‍යන්තර විදුලි වාහන ආරක්ෂණ ප්‍රමිතීන් සහ සම්මතයන්ට අනුකූලව බැටරිය බැහැර කිරීමේ සහතිකය සහ මෝටර් රථයක් වරක් ආරෝපණය කර අවම වශයෙන් කිලෝමීටර් දෙසීයක් ධාවනය කළ හැකි විය යුතු බව ද මනුෂ නානායක්කාර මහතා පවසයි.

මෙලෙස ආනයනික වාහනයක වටිනාකමට අමතරව 10% ක ඩොලර් ප්‍රමාණයක් ගෙවීමෙන් පමණක් ලියාපදිංචියෙන් වසර දෙකකට පෙර වාහනය තුන්වන පාර්ශවයකට පැවරිය හැකිය.

Last modified on Tuesday, 20 September 2022 20:06

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us