subash
ටෙන්ඩර් කතාවෙන් ඔප්පු වුණේ චරිත කියන්නේම හිස් ගෑස් ටැංකියක් බවය
ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරයෙන් කොටි 130 ක් ගසා කාලා යැයි කෝප් කමිටු සභාපති චරිත හේරටත් විසින් දේශපාලන වේදිකාවක කළ කතාවක් ගැන පුවත් වාර්තා වෙමින් ඇත.
වෙබ් අඩවියක සඳහන් වූ මේ පුවත ගැන සටහන් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ද තිබේ.
ප්‍රචණ්ඩකාරීන්ට, නීතිය ක්‍රියාත්මක කරන්න පසුබට වන්නේ නැහැ. ජිනීවා ගිහිනුත් කියයි.
ප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාවලින් අවසන් වන සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා
වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස විපක්ෂය සහ සිවිල් සංවිධාන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මියගෙන් ඉල්ලීමක් කොට ඇත. ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හි දී (11) පැවැති සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම කර තිබෙන බව එම ආරංචි මාර්ග පවසයි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙරටට හදිසියේ එන්නේ මෙරට මානව හිමිකම් උල්ලංඝණය වීම ගැන සොයා බලා ජනාධිපතිවරයාට තරවටු කර යන්න බව විපක්ෂයට පක්ෂපාත ප්‍රධාන පෙළේ මාධ්‍ය , සමාජ මධ්‍ය වල පසුගිය සතියේ ලොකු ප්‍රචාරයක් ලබා දී තිබිණි. සමන්තා පවර් ආපහු යද්දි හොඳවැයින් දෙකක් කියා යනු ඇති බවද මේ අය සිතා සිටියහ.
කොළඹ, නිදහස් චතුරස්‍රය ආන්නයේ පිහිටි රාජ්‍ය පාරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ගොඩනැගිලේ වූ ජල කාන්දුවක් හේතුවෙන් එහි වැඩකටයුතු අද දින මුළුමනින්ම නතර වී ඇතැයි වාර්තාවේ. විදුලි බලය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර මේ වන විට ගොඩනැගිලි පරිශ්‍රය ද වසා දමා ඇත.
ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්
ජනාධිපති රනිල් වික්‍රසිංහට රාජපක්ෂවරුන්ගෙන් සහ පොහොට්ටු කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් අවම කිරීම වෙනුවෙන් ජාතික සභාව ශක්තිමත්ව ගොඩනැංවිය යුතු බව එජාපයේ ජ්‍යේෂ්ට සමාජිකයන් මෙන්ම මේ වෙනුවෙන් පෙනී සිටින විද්වතුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය ඇමැතිවරුන් 37 ක් දිවුරුම් දෙති. හම්බෝ ඇමැතිවරු ගොඩ..
තිස් හත දෙනෙකු තරම් විශාල රාජ්‍ය ඇමැතිවරු ප්‍රමාණයක් දිවුරුම් දීම සම්බන්ධයෙන් මේ වන විටත් විශාල විවේචනයක් ජනාධිපතිරයාට එරෙහිව එල්ල වෙමින් පවතී.. රාජ්‍ය සේවය කප්පාදු කළ යුතු බවට මතයක් ආණ්ඩු පාර්ශ්වය විසින් පතුරුවමින් සිටින මොහොතක ජනාධිපතිවරයා විශාල රාජ්‍ය ඇමැති මණ්ඩලයක් පත් කිරීම ගැන එල්ල වන විවේචනය සුළුවෙන් තැකිය යුතු නැත. එහෙත් ඇත්ත තත්වය මඟහැර එම විවේචනයන් බාරගත යුතු ද නැත.
අරගලයේ ඉල්ලීමක් වූ මහජන කවුන්සිලය, ජනසභා නමින් පිහිටුවයි
ගාළු මුවදොර අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ, සාමාන්‍ය ජනතාවගේ අදහස් සාකච්ඡා කොට ඒ්වා සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම සදහා වන ව්‍යුහයක් ගොඩ නැගීම ක්‍රියාත්මක වන ලකුණු පහළව තිබේ.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඇරැඹේ.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් පිහිටුවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පසුගිය මැයි 09 වනදා සහ ඒ ආසන්න දිනවල රට තුළ සිදුවූ කැරළිකාර සිදුවීම් මත විනාශයට පත් දේපොළ වෙනුවෙන් රජය සාධාරණ වන්දි මුදලක් ගෙවීමේ තීරණ ගෙන ඇතත් එම වන්දී මුදල දෙගුණ තෙගුණ කිරීමේ තීරණයක් ගෙන නැතැයි රජයේ තොරතුරු මාර්ග තවුරු කරයි.
