ප්‍රචණ්ඩකාරීන්ට, නීතිය ක්‍රියාත්මක කරන්න පසුබට වන්නේ නැහැ. ජිනීවා ගිහිනුත් කියයි.

Published in පුවත්
Monday, 12 September 2022 20:51

ප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාවලින් අවසන් වන සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසක් එක්ව සිටී.

මෙහිදී ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදය විසඳීමට ප්‍රමුඛත්වය ලබාදෙන අතර මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා එවැනිම ප්‍රමුඛත්වයක් ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා.

"මෑතකදී අපි සිදුකළ වෙනස්කම් ප්‍රජාතන්ත්‍රවාදි අගයන් සුරැකීම සඳහා අපේ රජයේ තිබෙන කැපවීම පිළිඹිබු කරනවා. රට තුළ ජනතාවවට සාමකාමීව එක්රැස්වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අප රජය තහවුරු කරනවාප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාවලින් අවසන් වන සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අප පසුබට වන්නේ නැහැ. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන අන්දමින් සිය ඉලක්ක කරා ලඟාවීමට දේශපාලනමය වශයෙන් දරණ ප්‍රයත්නයන්ද මෙම තත්ත්වයන්ට හේතු වී තිබෙනවා.

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ස්වාධීන ආයතන තවදුරටත් ශක්තිමත් කරලීමට හේතු වේවි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අප පුර්ණ සමාලෝචනයකට ලක්කරන අතර මේ වසරේදි එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පරිපුර්ණ ආරක්ෂක නීති පද්ධතියකින් ප්‍රතිස්ථාපනය කෙරෙනවා.

ආර්ථික අර්බුදය විසඳීමට ප්‍රමුඛත්වය ලබාදෙන අතර මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා එවැනිම ප්‍රමුඛත්වයක් අප ලබාදෙන බැවින් ඒ මඟ ඉදිරියට යාමේදි මානව හිමිකම් මණ්ඩලයේ සැබෑ අවබෝධාත්මක සහයක් අප අපේක්ෂා කරනවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us