රාජ්‍ය පරිපාලනය ආපදාවට ලක්වේ.

Published in පුවත්
Monday, 12 September 2022 09:47

කොළඹ, නිදහස් චතුරස්‍රය ආන්නයේ පිහිටි රාජ්‍ය පාරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ගොඩනැගිලේ වූ ජල කාන්දුවක් හේතුවෙන් එහි වැඩකටයුතු අද දින මුළුමනින්ම නතර වී ඇතැයි වාර්තාවේ. විදුලි බලය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර මේ වන විට ගොඩනැගිලි පරිශ්‍රය ද වසා දමා ඇත.

කුඩා ප්‍රමාණයේ බටයකින් කාලාන්තරයක් පැවැති ජල කාන්දුවකට ප්‍රතිකර්ම නොකිරීම හේතුවෙන් මෙම ජල කාන්දුව ගොඩ නැගිල්ලේ මහල් කිහිපයක්ම ජලයෙන් යට කිරීමට සමත් විය.

රාජ්‍ය පාරිපාලන ලේකම්වරයාගේ නව කාර්යාලය 2 වන මහල වෙත නොබෝදා උත්සවාකාරයෙන් විවෘත වු අතර මෙම ජල කාන්දුව නිසා එහි අතුරා ඇති වටිනා බිම් පලස් මුළුමනින්ම විනාශ වී ඇති බව ද වාර්තාවේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් ඇමතිධුරය උසුලන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මෙසේ නිසි කළමණාකාරීත්වයක් නොමැති වීම විසින් මහජන දේපල විනාශ වීම හා අමාත්‍යංශයක කටයුතු දින කිහිපයක් ඇණ හිටීම රජය විසින් දැරිය යුතු පාඩුවකි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us