subash

subash

 රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි මස අගමැතිධුරය බාරගත් මොහොතේ පවසා සිටියේ හුණුවටයේ කතාවේ මෙන් අනුන්ගේ දරුවකු රැගෙන ගෲෂා මාරක වැල් පාලමෙන් එගොඩ වූවා සේ අසීරු ගමනක් යන්නට සිදුව තිබෙන බවය.

ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (අගෝ. 24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබ තිබේ.

දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ව පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තෝරගත් ආනයනික භණ්ඩ 305 කට පනවා තිබු තහනම තව දුරටත් දීර්ග කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබීම ගැන ඇතැමුන් කලඹල වී සිටින බව සාමාජ මාධ්‍යයන්හි පෙනෙන්නට තිබේ.

පැවැති ගෝඨාභය පාලනයට එරෙහිව විවිධ පාර්ශ්වලින් විවිධ මුහුණුවරින් පැන නැගුණු උද්ඝෝෂණ ක්‍රියාවලිය පසුව අරගලයක් ලෙස පොදු නාමකරණයකට යටත් වී මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන්ව තිබේ. මෙම අරගලය නම් සමස්ත ක්‍රියාවලිය තුළ සාමකාමී සහ ප්‍රචණ්ඩ මුහුණුවර ද දකින්නට ලැබිණි.මේ තුළ සාමාන්‍ය පුරවැසි ජනතාවට අමතරව විවිධ දේශපාලන වුවමණාවන් වෙනුවෙන සංවිධානය වී සිටි කණ්ඩායම් වල මැදිහත්වීමද තිබිණි.

ආණ්ඩුව සමග එකතු වෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (අගෝ. 22) කළ ආරාධනාවක් ද විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප කළ බව වාර්තා වී ඇත.

රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී .

රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ගැටළුකාරී තැනකට ඇද වැටෙන බව විදේශ කටයුතු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබී ඇතැ යි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පවසනවා.

අලුතින් පත් කෙරෙන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් අමාත්‍යවරුන්ට සමාන බලයක් දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ් අනුව අවශ්‍ය අවස්ථාවන්හි දී ඔවුන් කැබිනට් මණ්ඩල රැස්වීම්වලටද සහභාගි කර ගැනෙයි.

Connet With Us