ආණ්ඩුව කරන්නේ අරගලය මර්දනයද? පැමිණිලි විමර්ශනය කිරීමද?

Tuesday, 23 August 2022 16:44

පැවැති ගෝඨාභය පාලනයට එරෙහිව විවිධ පාර්ශ්වලින් විවිධ මුහුණුවරින් පැන නැගුණු උද්ඝෝෂණ ක්‍රියාවලිය පසුව අරගලයක් ලෙස පොදු නාමකරණයකට යටත් වී මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන්ව තිබේ. මෙම අරගලය නම් සමස්ත ක්‍රියාවලිය තුළ සාමකාමී සහ ප්‍රචණ්ඩ මුහුණුවර ද දකින්නට ලැබිණි.මේ තුළ සාමාන්‍ය පුරවැසි ජනතාවට අමතරව විවිධ දේශපාලන වුවමණාවන් වෙනුවෙන සංවිධානය වී සිටි කණ්ඩායම් වල මැදිහත්වීමද තිබිණි.

අරගලකාරීත්වයට මූලික හේතුව වූයේ රාජ්‍ය ආදායම් අහිමිවීමත් විදේශ විනිමය හීඟ වීමත් සමඟ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් හෝ සපුරා දීමට රාජපක්ෂ ප්ලනය අසමත් වීමත් සමඟ පැන නැගුණ පිඩාකාරී තත්වයය.

රාජපක්ෂ පාලනය ගත් බොහෝ අමනෝඥ තීන්දු තීරණ රට ආර්ථික වශයෙන් බංකොලොත් තැනකට ඇද වැටෙන බවට පූර්ව අනතුරු හැඟවීම් පවා තිබුණද ඒ කිසිවක් නොසලකා පාලකයන් කටයුතු කිරීම නිසාත් තමන් මුහුණ දෙන පිඩාකාරිත්වය දිනෙන් දිනම දැඩි වීම නිසාත් ජනතාව තුළ පාලකයන් කෙරෙහි පැවැති කැමැත්ත ඉවත් විය. විශේෂයෙන්ම රාජපක්ෂ පාලනයක් වෙනුවෙන් ඡන්ද පාවිච්චි කළ ජනතාවම එයට දැඩිව එරෙහි විය. මේ තත්වයන් වෛරයක් දක්වා වර්ධනය වීමද සිදු විය. එය රාජපක්ෂ පාලනයට පමණක් සීමා නොවී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 මත් ඇතුලුව සමස්ථ පාලන පංතියට එරෙහිව දියත් වුණු අරගලයක් බවට පත් විය.

අරගලය යන්නම සාමකාමී සුන්දර අහිංසක භාවිතයක් නොවේ. බලයකට එරෙහිව තවත් බලයක් යෙදවීම කොහොමත් ගැ‍ටුමකි. බලහත්කාරයකි. එය ප්‍රචණ්ඩකාරිත්වය සමඟ ගැට ගැසුනකි. ඇතැම් විට ත්‍රස්ත ක්‍රියාවන් ඒ තුළ තිබිය හැකිය. එසේම විවිධ දේශපාලනික වුවමණාවන් සහිත පිරිස් මේ හරහා තම තමන්ගේ කූට දේශපාලන න්‍යාපත්‍රයයන් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ක්‍රියාතමක වූවා විය හැකිය. කුමන්ත්‍රණ සිදු වූවා විය හැකිය. ඇතැම් විට ජාත්‍යන්තර වුවමණාවන් අනුව කටයුතු කළා විය හැකිය. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සංවිධානය වූවා විය හැකිය.

කොහොම නමුත් අරගලය ගෝඨාභය රාජපක්ෂ ජනාදිපතිවරය එළවා දැමීම වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක නොවේ. වෙනත් වෙනත් අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වීම පැහැදිලිව දකින්නට ලැබිණි. මැති ඇමතිවරුන්ගේ ගෙවල් දොරවල් ගිනි බත් විය , එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසත් ගිනි බත් කළේය. මන්ත්‍රීවරයෙක් ඝාතනය විය. ජනාධිපති මන්දිරය,ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය මෙම අරගලකරුවන් අල්ලා ගත්තේය. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක විය. මේ සිදුවීම් මාලාව ජනතාව කෙරෙන් ස්වයංජාතව ඇති වූවක් නොවුණු බව පැහැදිලි විය.

අරගලය ජයග්‍රහණය කළා හෝ නොකළා පසුව අරගලය නිසා අගතියට පත් පාර්ශ්ව වලින් පැමිණිලි පිට පැමිණිලි පොලිසියට ලැබී තිබේ. එසේම මෙවැනි මොහොතක රජයේ වගකීම වන්නේ මේ වෙනුවෙන් වන යුක්තිය සාධාරණය ඉ‍ටු කිරීමය. රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකිය යුතුය, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කළ යුතුය. යුක්තිය පසිඳලීමේ කාර්යය ස්වාධීනව කරගෙන යෑමේ ඉඩ කඩ අධිකරණයට ලබා දිය යුතුය.

අරගලය මර්දනය කරනවා කියා විලාපයක් ඇසෙන්නේ මේ අරගලයෙන් පසුව අගතියට පත්වූ පාර්ශ්ව වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉ‍ටු කිරීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි.

අරගලකරුවන් රාජ්‍ය පාලන බලය අත්පත් කරගත්තා නම් සිදු විය හැක්කේ මෙහි අනෙක් පසය. එනම් ඔවුන්ට එරෙහි කොටස් මර්දනය කිරීමය. සම්මත නීතියේ ආධිපත්‍යය බිඳදමා ඔවුන්ගේ ක්‍රමයකටය. අරගලයේ සම්මුතිය තමයි දැන් ක්‍රියාත්මක නීතිය කියා අරගලකරුවන් මුලින්මත් පවසා සිටියේ එයය.

කොහොම නමුත් රජය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වන මූලික කාරණා ඉ‍ටු කිරීමට බලය පැවැරී ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියටය. ඒ අනුව තමන් වෙතට ලැබී තිබෙන පැමිණිලි විමර්ශනය කිරීම අරම්භ කර තිබේ. එහිදී වරදක් සිදුකළාය කියන සැකය මත පුද්ගලයන් රැසක් අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කිරීම මෙන්ම කැඳවා ප්‍රශ්න කිරීමද සිදුවෙ. එමෙන්ම අධිකරණ ක්‍රියාමර්ගද ගෙන තිබේ.

යම් සිදුවීමක් මත සැකපිට ප්‍රශ්න කිරීමේදී එතැනින් ලැබෙන තොරතුරු අනුව හෝ පාවාදීම් නිසා හෝ තවත් අය ප්‍රශ්න කිරීමට ලක්කිරීම සිදුවේ. එක වැලට බොහෝ පිරිස් අත් අඩංගුවට ගැනීම හෝ ප්‍රශ්න කිරීම වන්නේ ඒ අනුවය.

මෙය කිසිසේත්ම මර්දනයක් නොවේ. අරගලය සක්‍රීයව ඇති මොහොතේදී එයට බාධාකරමින් නීතියට එපිටින් හෝ ගොස් ක්‍රියාමාර්ග ගත්තා නම් ඒ සෘජු මර්දනයක් ලෙස හැඳින් විය හැකිය. එහෙත් සාමකාමීව සිදුවූ උද්ඝෝෂණීය ක්‍රියාමාර්ග වලට එරෙහිව රජය ත්‍රියාත්මක වූයේ නැත. දැන් සිදුවෙන්නේ ප්‍රචණ්ඩ වූ අරගලකරුවන් අතින් අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකි.

සාමාන්‍යයෙන් පොලිස් විමර්ශනයක් සිදු කිරීමේ අරමුණ වන්නේ යම් සිදුවීමක් සම්බන්ධයෙන් වරදක් සිදුවි තිබේදැයි ‍සොයා බැලීම, වරද සිදුකළ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ‍සොයා ගැනිම, වරදකරුට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනාව සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි රැස් කිරිම යන කරුණු කෙරෙහිය. එයට නීතියෙන් ප්‍රතිපාදන වෙන් කර අවශ්‍ය බලය පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දී තිබේ.

1975 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය මුලික නීති සංග්‍රහය වේ. වරදක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට, මහේස්ත්‍රාත් අධිකරණය, ග්‍රාම නිළධාරින්ට හෝ සාම නිළධාරින්ට ලැබෙන පැමිණිලි අනුව විමර්ශන ආරම්භ වේ.

වරදකට භාඡනය වූ අයෙක්ගෙන්, වරදක් සිදුකරනු දුටු අයෙක්ගෙන්,විත්තිකරුවාම පොලිසියට විත් පාපොච්චාරණය කිරීමෙන්, රෝහල් පොලිසිය මගින් ලැබෙන පැමිණිලි මත විමර්ශනයක් ආරම්භ කිරිමට මුල් තොරතුරු අත්‍යවශ්‍ය. එසේම මුල් තොරතුරක් නොමැතිව වුවද විමර්ශන ආරම්භ කළ හැකි බවට අධිකරණ තීන්දුවක්ද වේ.

මෙහිදී ‍පොලිස් නිළධාරියාට පැවැරෙන වගකීම් අතර සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම, සිද්ධිය ගැන කරුණු දන්නා අය‍ගෙන් ප්‍රශ්න කිරිම,පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම,විශේෂඥ වාර්තා සඳහා පුද්ගලයන්ගේ හිසකෙස්,නිය‍පොතු,අත් අනකුරු,කෙළ,මුත්‍රා වැනි ආදර්ශකයන් ලබාගැනීම ආදිය තිබේ. සැකකටයුතු තැනැත්තා මේවා ලබා දීම ප්‍රතික්ෂේප කරයි නම් අධිකරණ නියෝගයක් මත එය සිදුකළ හැකිය.

සැකකරුවා පොලිස් අත්අඩංගුවට ගැනීමට සිදුවේ නම් ඒ කළ යුතු නිත්‍යානුකූල ක්‍රමවේදයක් තිබේ. සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගන්නා අයෙක් පැය 24 ක කාලයක් ඇතුලත ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ යුතුය. එසේම අවශ්‍යතාවය අනුව ඒම කාලය දීර්ග කරගැනීම සඳහාද නීති ප්‍රතිපාදන ඇත.

අදාල කාලය තුළ විමර්ශනය අවසන් වී නැත්නම් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිස් ස්ථානාධිපතිට මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලීමක් කළ හැකියි. මේ සමඟ එතෙක් වාර්තා කළ ඇති සාක්ෂිවල සාරංශය ඇතුලත් B වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.මෙසේ සැකකරුවකු රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ හැක්කේ දින 15 ක කාලයකට පමණි.

මෙවැනි නඩු වලදි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ පොලිසිය ඉල්ලීමක් කළ පමණින් රිමාන්ඩ් කීරීම සඳහා නියෝ නොකළ යුතු බවයි.ඒ අනුව මහේස්ත්‍රාත්වරයෙක් සුදුසු නියෝග කරමින් විමර්ශන කාර්යට සහභාගී විය යුතුය.

එහිදී පහත නියෝග මහේස්ත්‍රාත්වරයකුට කළ හැකිය. අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කිරිම.සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ තැබීම.සෝදිසි වරෙන්තු නිකුත් නිරීම.හදුනාගැනීමේ පෙරෙට්ටු සඳහා නියෝග කිරිම. විමර්ශනයේදි ‍සොයාගත් භාණ්ඩ විශේෂඥ සාක්ෂිකරුවන් වෙත යොමු කිරිම සහ ඊට අදාළ වාර්තා කැඳවීම. විමර්ශන සඳහා අත් අකුරු,ඇගිලි සටහන් වැනි ආදර්ශක ලබාගැනිමට නියෝග නිකුත් කිරිම.අවශ්‍ය වූ විට සාක්ෂිකරුවන්ගෙන් හා සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම.

එමෙන්ම සැකකරුවකු සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි වල බරපතලතාවය අනුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් නොකර සැකරුවකු වැඩි මනත් කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා තවත් අනපනත් වලින් පැවැරුණු නීති ප්‍රත්පාදන ද ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මඟින් එවැනි නීති පනවා තිබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය බලය ඒ පැවැරෙන නිලධාරීන් නම් කර ඇතිවා මෙන්ම දින 90 ක් වැනි දීර්ගකාලීන රඳවා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත.

කෙසේ නමුත් මෙම නීති ගැන කවර විවේචන එල්ලවී තිබුණත් මේ වන විට මෙරට පිළිගන්නේ මේ නීති පද්ධතිය තුළ ඇති දේය. එම නීති අනුව කටයුතු කිරීම අනීතික නොවේ. එයට අභියෝග කිරීම පුරවැසියාට සිදු කළ නොහැක. අධිකරණය වුව සලකා බලන්නේ නීතිමය ප්‍රතිපාදන තුළ අදාල විමර්ශන සිදුවී ඇතිද යන්නය.

පොලිස් විමර්ශනයන් නීතියට එපිටින් ගොස් ඇති නම් ඊට එරෙහිව සැකකරුවන්ට අධිකරණය හමුවේ යුක්තිය ඉ‍ටුකර ගත හැක.

ඒ කවරක් වුවත් නීතියට එපිටින් ගොස් අත් අඩංගුවට ගත් පිරිස් ඝාතනයට ලක් කිරීම පවා මෙරටදී ඕනෑතරම් සිදුව තිබේ. ඒ වෙනම කතා කළ යුතු දෙයකි. එමෙන්ම බොරු සාක්ෂි මත එදිරිවාදීන් අත්ඩංගුවට ගෙන සිරගත කිරීම, බොරු නඩු පැටලැවීමද සිදුව තිබේ.

මේ තත්වයන්ට එරෙහිව අගතියට පත් පාර්ශ්ව වලට කටයුතු කිරීම අවස්ථාව තිබෙන අතර එමඟින් යුක්තිය ඉ‍ටුකර ගත් අවස්ථාද ඕනෑ තරම් ඇත. එහෙත් මේ අයුක්ති සහඟත තත්වයන් වහා වෙනස් කර පුරවැසියාට එල්ල වන නිරර්ථක පීඩාවන් අවසන් කිරීම විය යුතු බවට විවාදයක් නැත.

කොහොම නමුත් රටක පුරවැසියා අනුමත කළ ස්ථාපිත නීති පද්ධතියක් ඇති විට. එයට සියලු පුරවැසියන් යටත් විය යුතුය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පවා පාලකයන්ගේ අත්තනෝමතික නීති පැනවීමක් නොවේ. එය පුරවැසි නියෝජිතයන් විසින් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් නීතියකි. එය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම පාර්ලිමේන්තුවේ කටයුත්තකි.

මේ කවර තත්වයන් හමුවේ පවා අද දින පාලකයන් අරගලකරුවන් මර්දනය කරනවා කියා නඟන විලාපය රටේ පිළිගත් නීතියට අනුව නම් හිස් ප්‍රලාපයක් ලෙස සැලකිය හැකිය. එසේම මේ අරගලය නිසා අගතියට පත් පාර්ශ්ව වලට යුක්තිය සාධාරණය ඉ‍ටු නොවේ නම් රටෙහි නීතියෙන්ද පළක් නැත.

පවතින නීතිය සදොස් නම්, ප්‍රමාණවත් නැතිනම්, යුක්තිය සාධාරණය ඉටු නොවේ නම් ඒ සංශෝධනය කිරීමට හෝ වන නීති හඳුන්වා දීමේ අවශ්‍යතාවය පෙන්වා දීම, බලපෑම් කිරීම පුරවැසියාට අයිතියක් ඇති අතර පාර්ලිමේන්තුව මඟින් ඒ සිදු කළ හැක.

අරගල කරුවන්ට පොදු සමාවක් දීම ගැනද ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙන බවත් මේ දින වල දකින්න අහන්න ලැබේ. එහෙත් පොදු සමාවක් දෙන්නට නම් පළමුව වරදක් සිදුවී ඇති බව ඔප්පු වී තිබිය යුතු අතර ඒ සිදුවිය යුත්තේත් අගතියට පත් පාර්ශ්වලට සාධාරණයක් ඉටු වීමෙන් පසුවය.

එසේ නොවන්නට විමර්ශන කටයුතු පවා බැහැර කරන්නේ නම් වැරදි සාමන්‍යකරණය වී වැරදි ආදර්ශයයන් අනාගතයට ඉතිරි වෙනු ඇත.

 

 

-SJ

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us