සජිතුත් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන්න නියමිතය Featured

Tuesday, 23 August 2022 11:59

ආණ්ඩුව සමග එකතු වෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (අගෝ. 22) කළ ආරාධනාවක් ද විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප කළ බව වාර්තා වී ඇත.

සමගි ජන බලවේගයේ නිලධාරීන් කණ්ඩායමක් හා ජනාධිපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම ආරාධනාව සිදුකර තිබිණි.

එහෙත් සාම්ප්‍රදායික ලෙස පාර්ලිමේන්තු ක්‍රමය යටතේ විපක්ෂයේ සිට ආණ්ඩුවේ කටයුතු සඳහා සහය දීමට විපක්ෂය සූදානම් බව ද විපක්ෂ නායකවරයා එහිදී පවසා තිබෙන බවත් සාධනීය කටයුතුවලදී ආණ්ඩුවට විපක්ෂයේ සිට සහය දිය හැකි යැයි ද එහිදී ඔහු අවධාරණය කර ඇතැයිද පැවසේ.

මෙහිදී මේ වන විට ඇමති තනතුරු රටට බරක් වී ඇති බව ත් ජනතාව ඇමති තනතුරුවලට දැඩි විරෝධයක් පළ කරන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙන බවත් වැඩි දුරටත් වාර්ථා වෙයි.

මෙම තොරතුරු අනුව සමගි ජන බලවේගය සර්වපාක්ෂික ආණ්ඩුකරණයකට එරෙහි වන්නේ ඇමැති තනතුරු රටට බරක් වීම නිසාය. ඇමැති තනතුරක් රටකට බරක් විය හැක්කෙ අදාල ඇමැති තනතුර බාර ගන්නා මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය ඇමැති තනතුරෙහි වගකීම ඉ‍ටු කිරීමට අසමත්නම්ය. නැතිනම් අදාල වගකීම වෙනුවට වංචාවට දූෂණයට නාස්තියට අකාර්යක්ෂමතාවයට යොමු වුවහොත්ය.

මේ අනුව සමගි බල වේගයට ඇමැතිකමක් දරන්න තරම් සුදුසුකම් සහිත කිසිවකුත් නොමැති වීම මත ජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇතැයි සිතුවාට වැරදි නැත. එසේම යම් ලෙසකින් සමගි ජන බලවේගය ආණ්ඩු බලයක් ගත් විට ඇමැතිවරු පත් නොකර ආණ්ඩු කරණයෙහි යෙදීමට අපේක්ෂාවක් තිබෙනාවද යන්න නොදනිමු.

කොහොම නමුත් ජනාධිපතිවරයා මෙන්ම තවත් පාර්ශ්ව සර්ව පාක්ෂික පාලනයක් ස්ථාපිත කළයුතු බවට යෝජනා කර ඒ වෙනුවෙන් වෙහෙසක් ගන්නේ ඇමැති පට්ටම් තොගයක බෙදා හදාගෙන එකිනෙකාට ආතල් ගන්නට නොවේ. රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු කණ්ඩායම් වල සහයෙන් සාමුහික විසඳුමක් ක්‍රියාත්මක කර අර්බුදය ජය ගැනීම වෙනුවෙනි.

යෝජිත අධීක්ෂණ කමිටු ක්‍රමය හරහා අරගලයෙහි තිරතව සිටි තරුණ ප්‍රජාවද ආණ්ඩුකරණය සඳහා සම්බන්ධ කර ගැනීමේ දියුණු ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයක්ද ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නංවා ඇති මොහොතක ඒ වෙනුවෙන් ඒකරාශී වීම සහ එය සාර්ථක කර ගැනීම සියළු බලවේග වල වගකීමකි.

එය සමගි බලවේගයට නොතේරීම නම් පුදුමයකි. සාම්ප්‍රදායික ලෙස විපක්ෂයේ භූමිකාවට පණ දීම මේ මොහොතේ තමන්ගේ දේශපලනය කර ගැනීමට සජබය තීරණය කරන්නේ රට මුහුණ දෙන අර්බුදය විසදීම හෝ නොවීම තමන්ට අදාල කරුණක් ලෙස නොසැලකීම නිසාය.

විපක්ෂයට වී ආණ්ඩුව කරන කරන දෙයට විරුද්ධ වීම මේ රටේ සාම්ප්‍රදායික විපක්ෂ ක්‍රියාකාරකම වෙයි. ආණ්ඩුව ගන්නා සාධනීය පියවරයන්ට අවශ්‍ය නම් සහයෝගය දීම කළ හැකි නමුත් ආණ්ඩුව හා විපක්ෂය ලෙස පසමිතුරුව බෙදී වෙන්ව සිටීම එහිදී තහවුරු කරන්නක් බැවින් එය කිසිසේත්ම රට මුහුණ දී තිබෙන අර්බුදය විසඳීමට සක්‍රීයව දායක වීමක් වන්නෙ නැත.

රටේ අර්බුද විසැඳීම ආණ්ඩු පක්ෂයකට බාර දී සිටීම මේ මොහොතේ රට ඉල්ලා සිටින දේශපාලනය නොවේ. ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටින්නේ, අරගල කළේ එකතුවෙලා මේ අර්බුද විසඳා දෙන ලෙසය. ජනතාවට තව දුරටත් පාර්ලිමේන්තුවේ 225 වැඩක් නැත.ඔවුන් දරන ඇමතිකම් හෝ කවර තනතුරක්වත් අදාල නැත. රට අර්බුදයට හෙළීම සම්බන්ධයෙන් මේ 225 මත් වගකිව යුතු බව ජනතාව දැඩිව විශ්වාස කරන්නකි.මේ නිසා

ඔවුනොවුන්ගේ පක්ෂ දේශපාලනික බෙදීම් වලින් ජනතාවට වැඩක් නැත.එය බොරුවක් බව ජනතාව ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නා සත්‍යයකි.

ජනතාවට අවශ්‍ය වන්නේ කැමැති වුවත් අකමැති වුවත් මේ සිටින 225 කවුරු වූවත් ඔවුන් හෝ එකතු වී එක් ස්ථාවරයකට පැමිණ ජනතාව මුහුණ දෙමින් සිටින අර්බුදය විසඳා ගැනීමය. ඒ අභියෝගය කර හරිමින් සිටින කවරකු හෝ වේවා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන, ජනතාවගේ පිළිකුලට පත් වන තැනට පත් වෙනවා මිසක් වෙන යමක් වන්නේ නැත.

එහෙත් සමඟ ජන බලවේගයත් සජිත් ප්‍රේමදාස සමඟ ඉතිහාසයේ කුණු බක්කිය තෝරා ගන්නවා නම් වෙන කරන්න දෙයක් නැත.

-SJ

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us