LGBTQ+ තහංචි ඉවත් කිරීම මානව හිමිකම් සුරැකීමට ගත් පියවරක්

Published in පුවත්
Thursday, 25 August 2022 10:48

ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (අගෝ. 24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබ තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරිම සඳහා වූ මෙම පනත් කෙටුම්පත පෙරේදා (අගෝ. 23) පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දොලවත්ත මහතා පාර්ලිමේන්තුට ඉදිරිපත් කර ඇත.

LGBTQ+ ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් වන අතර මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට සහ අතවරයන්ට පත් වූ අවස්ථා බහුල බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එසේ ම. ඇතැම් අවස්ථාවලදී ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පවා මෙම ප්‍රජාවගේ උල්ළංඝණය වූ අවස්ථා ද වාර්තා වී ඇතැයි එහි දැක්වේ.

ලිංගික දිශානතීන් සහ ලිංගික හැඳිනීම් මත පුද්ගලයන් දණ්ඩනයට ලක් කිරීම වික්ටෝරියානු යුගයේ යටත් විජිතවාදී නීති පද්ධතීන් මගින් ලොව පුරා ව්‍යාප්ත කරනු ලැබූවකි.

නමුත් නූතන මනෝ – වෛද්‍ය විද්‍යාව තුළ මෙය අපරාධයක් හෝ විකෘතියක් ලෙස නොසලකයි. එසේ ම දියුණු රටවල් මෙම ප්‍රජාව දණ්ඩනයට ලක් කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට පනවා ඇති නීති රීති සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.

ඒ සියල්ල සැලකිල්ලට ගෙන මෙම පුද්ගලික මන්ත්‍රී යෝජනාව නීතිඥ ‍ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් යොමු කරනු ලැබ තිබේ.

Lesbian (සමලිංගික කාන්තාවන්), Gay (සමලිංගික පිරිමි), Bisexual (ද්වි ලිංගික),Transgender (සංක්‍රාන්ති ලිංගික),Queer (අනෙක්)
මේ සෑම වෙනස් ලිංගිකත්වයක්ම ඇති පුද්ගලයන් මෑතක් වන තුරු මානසික රෝගීන් ලෙස ලොව පුරා වෛද්‍ය ප්‍රජාව ද සැලකිය.මේ වන විට එය උපතින් ඇති වන මානසික හා කායික හැඩගැසීමක් බව වත්මන් අදහසයි.

කෙසේ නමුත් ලිංගිකත්වය හා ස්ත්‍රි/ පුරුෂභාවයේ දිශානතිය (sexual / gender orientation) යනු කෙනෙකුගේ පෞද්ගලික කාරණාවක් මිසක එය ඔවුන්ට හිංසා කිරිමට තරම් දෙයක් නොවන බව අද ලෝකය පිළිගන්නා ශිෂ්ට සම්පන්න මතය වේ.

ලංකාවේ සමලිංගික කියා තමන් ප්‍රසිද්ධියේ හඳුන්වා ගනු ලබන හො නැති පුද්ගලයින් සමස්ත ජනගහනයෙන් 5% ක් වත් සිටින බව වාර්ථා වෙයි.නමුත් මෙරට පවතින සමාජ ආකල්ප නිසා ගොඩ නැගෙන බිය හේතුවෙන් ඔවුන් දෙබිඩි ජීවිත ගත කරයි. මානසික, සාමාජීය හා අනෙක් සාධක නිසා LGBTQ ප්‍රජාව තුළ ඉහළ සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවක් ඇති අතර එය විෂම ලිංගිකයන් මෙන් තුන් ගුණයක් බවත් වාර්ථා වෙයි.

කෙසේ නමුත් මෙරට පවතින සමලිංගික තහංචි ඉවත් කිරීම සිදුවන්නේ නම් එය වඩා වැදගත් වන්නේ වෙනස් අනන්‍යතාවයන් සහිත පුද්ගලයන් හෝ සමාජ කණ්ඩායම් වෙත වෙනස් කොට සැලකීමේ අශිෂ්ට ප්‍රචණ්ඩ පුරුද්ද වත්මන් සමාජය තුළින් ඉවත් කිරීමට අනුබලයක් ලැබීමය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us