රනිල් සමඟ වැල් පාලමේ ගිය දරුවාට මොකද වෙන්නේ ? Featured

Thursday, 25 August 2022 14:06

 රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි මස අගමැතිධුරය බාරගත් මොහොතේ පවසා සිටියේ හුණුවටයේ කතාවේ මෙන් අනුන්ගේ දරුවකු රැගෙන ගෲෂා මාරක වැල් පාලමෙන් එගොඩ වූවා සේ අසීරු ගමනක් යන්නට සිදුව තිබෙන බවය.

 

ඒ මොහොතේදී ගෲෂාගේ තැනට පත්ව සිටියේ රනිල් වික්‍රමසිංහ ය. ඔහු අත සිටින දරුවා වූයේ රාජපක්ෂවරු විසින් අර්බුදයකට ඇද දැමූ මේ රටේ ආර්ථිකය ය. දරුවා අනුන්ගේ බැවින් මේ ගමනේ වගකීම දැරීම ඔහුට කිහිප ආකාරයකින් අනතුරුදායක විය. වැල් පාලම කඩා වැටුණොත් රනිලුත් රනිල්ගේ දේශපාලනයත් අවසන් වීමට නියමිත විය. රටේ ආර්ථිකයත් අවසන් වීමට නියමිත විය. ආර්ථිකය කඩා වැටුණොත් රටත් සහ ජනතාවත් යන දෙකම අවසන් වීම නියතයක් විය.

කොහොම වුණත් ඒ වැල් පාලමෙන් රනිල් එගොඩ විය. දැන් දරුවා සිටින්නේ රනිල්ගේ හිමිකාරිත්වය යටතේය. දරුවා පෝෂණය කර රැකබලා ගැනීමේ වගකීම ඔහුට පැවැරී ඇත.

ශ්‍රී ලංකාව දැන් පවතින ආර්ථිකය, පොළොවේ පය ගසා නැගිටින්න හදන දරුවකු සිටිනා තත්වයෙන් පසුවේ යැයි කීම වැරදි නොවේ. එසේ කියන්නේ මේ හතර හන්දි කැඩී බිම වැටී සිටින අසරණයකු ලෙස නොසලකා අලුත් බලාපොරොත්තුවක් ඇතිව ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම මේ මොහොතේදී අත්‍යාවශ්‍ය වන නිසාය.

දේශපාලනික වියවුල් සමයකින් පසුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති පදවියට පත් වීම අලුත් ශ්‍රී ලංකාවක් ගැන බලාපොරොත්තු දල්වන පසුබිමක් ගොඩනැගීමට සමත්ව තිබේ.

පැරණි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ගෙන් වියුක්තව අලුත් දේශපාලන සම්ප්‍රදායයක් වෙත ගමන් කළ යුතු වීමේ අභිප්‍රාය වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වා ඇත.

තවමත් එවැනි නූතනවාදී නැවුම් අදහසකට පැමිණීමට අසමත් ව සිටින් විපක්ෂ කොටස් ජනාධිපතිවරයාගේ නව දේශපාලන එළඹුම හමුවේ ඉතිහාසයේ කුණු බක්කියට වැටීම ද වැලැක්විය නොහැක.අලුත් පරිසර තත්වයන් පිළිගෙන ඊට අනුකූලව හැඩ ගැසෙන්න බැරිනම් වඳවී යෑම ස්වභාව ධර්මයේ ද නියමයකි.

කොහොම නමුත් රට මුහුණ දෙන අර්බුද හමුවේ අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳ අදහස මුලික කරගත් ජනාධිපතිවරයා 2022 වෙනුවෙන් සංශෝධිත අතුරු අය වැය යෝජනාවලියක් එළැඹෙන 30 වන දා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලබයි.

මෙම අතුරු අයවැය යෝජනා ඉදිරිපත් වෙනු ඇත්තේ පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු එළැඹෙන 2023 වසර සඳහා වන අය-වැය ඇස්තමේන්තුව සකස් කිරීම සම්බන්ධ යෝජනා වලට අනුකූලව බව සැකයක් නැත.
ඒ් අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 9ක් වන රාජ්‍ය ආදායම සියයට 11.3ක් දක්වා ඉහළ නංවා ගැනීමටත්, සියයට 18.9ක් වන රාජ්‍ය වියදම සියයට 18.1ක් දක්වා අඩුකර ගැනීමටත් ප්‍රාථමික අය - වැය ශේෂය සෘණ සියයට 4 සිට සෘණ1 දක්වා අඩු කර ගැනීමටත් අය - වැය පරතරය සෘණ 9.9 සිට සෘණ 6.8ක් දක්වා අඩුකර ගැනීම යන ඉලක්කයන් මෙමගින් අපේක්ෂා කෙරෙයි.

2023 වසරේ අයවැය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කරන ඉලක්ක අනුව මෙහිදී නව බදු යෝජනා, රාජ්‍ය වියදම් විශාල වශයෙන් කපා හැරීම, පාඩු ලබන රාජ්‍ය ආයතනන ප්‍රතිවුහගත කිරීම, අපනයනය අරමුණු කරගත් දේශීය කෘෂි සහ කාර්මික නිශ්පාදන ධාරිතාව ඉහළ නංවා ගැනීම් ඇතුළත් විය හැකිය. එමෙන්ම මෙහිදී වඩා වැදගත් වෙනු ඇත්තේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති පිරිස වෙත රජයෙන් යම් සහනදායක පියවරයන් ගත යුතු වීමය.එය මෙවර අතුරු අයවැයෙන් ඉටු වෙනු ඇතැයි බලාපොරොත්තු තබැ ගත හැක.

කෙසේ නමුත් තවත් වසරක කිහිපයක කාලයකට දැඩි ආර්ථික ප්‍රතිපත්තීන් තුල සිටිමින් ආර්ථිකය ශක්තිමත් කරගත යුතු වීම අනිවාර්ය තත්වයක් වෙනු ඇත.

ලංකාවේ ආර්ථිකය අප දන්නා ඉතිහාසයේ දුෂ්කරම තැනට පත්ව තිබෙන මොහොත මෙයය. දැවැන්ත රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණයකින් හැර යහපත් වෙනසක් අපේක්ෂා කළ නොහැකි වීම පිළිගැනීමට ඇති එකම යථාර්තයය.

මේ වෙනුවෙන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් වල මෙන්ම ජනතාවගේ කැපවීමත් මේ පවතින අර්බුද ජය ගැනීම වෙනුවෙන් ලැබීම විය යුතුව තිබේ. රාජ්‍යයක් ගොඩනැගීම රාජ්‍ය පාලකයාට තනිවම කළ හැකි දෙයක් නොවේ. ජනතා සහභාගිත්වය, කැපකිරීම ඊට අත්‍යවශයය. ඉතා අසීරු තත්වයන් තුළ ගොඩ නැගුනු ලොව පවතින රාජ්‍යයන් ගැන සොයා බැලුවහොත් ඒ සත්‍යය පසක් වෙනු ඇත.

ජපානය සිංගප්පුරුව දකුණු කොරියාව පමණක් නොව මෑතක දී විශාල වර්ධනීය තත්වයක් ඇති කර ගත් ඉතියෝපියාව නයිජීරියාව වැනි රාජ්‍යයන් සලකා බැලුවත් ජනතාවගෙන් ඊට ලැබුණු සහය කැපී පෙනෙන තත්වයකි.

මේ දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියාව ලෝක ආර්ථිකයේ යෝධයකු වූයේ රට දැඩි ආර්ථික අර්බුදයකට වැටී බංකොලොත් වීමේ ආසන්න තත්වයක දී අනුගමනය කළ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තීන් වල ශක්තිමත් භාවය නිසාය. ජනතාව රාජ්‍ය පාලකය කෙරෙහි විශ්වාසය තබා ඊට සහය නොදෙන්න අද පවතින ඉන්දියාව දකින්න ලැබෙන්නෙ නැත. මේ අතරම බංග්ලාදේශද ඉදිරි දශකය තුළ ලෝකයේ වඩාත් විශාලම වෙළඳ පොළ ආර්ථිකයක් සහිත රටක් වෙනු ඇත.

නූතන ලෝකයට ගැලපෙන එය සමඟ වේගයෙන් ගමන් කළ හැකි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම හැර ශ්‍රි ලංකාවට මේ මොහොතේ අනුගමනය කළ හැකි වෙනත් විකල්ප නැත.

රටේ ආර්ථික ප්‍රතිපත්තීන් සහ එම ක්‍රියාමාර්ග නිවැරදිව ගොඩ නැගෙන තත්වයන් මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයද ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත.මේ වන විට එම අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණ තවත් සාකච්ඡා වටයක් පැවැත්වමින් තිබෙන අතර එය ඉතා සාර්ථක බව එම ආරංචි මාර්ග පවසයි.

මහ අබෙංකු අධිපතිවරයාද ඒ සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබා තිබෙන බව පසුගියදා ඔහු කළ ප්‍රකාශකින් තහවුරු වේ. අරමුදලේ ණය පහසුකම් ලැබීම මඟින් අපට අහිමිව ගිය වෙනත් ජාත්‍යන්තර සහයෝගිත්වය නැවත අත්ලත් කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත . මන්ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකමක් ලැබීම යනුම මෙරට ආර්ථිකය නිවැරදි, පැහැදිලි, විශ්වාසනීය, මාර්ගයක ගමන් කරන බවට ජාත්‍යන්තරයට දෙන සහතිකයක් වන නිසාය.

කොහොම නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ඉදිරිපත් කරන සංශෝධිත අතුරු අය වැය මේ තීරණාත්මක ගමනේ පළමු සැතපුම් කණුව සනි‍ටුහන් කිරීමක් වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. විටින් විට ඔහු සිදු කළ ප්‍රකාශයන් අනුව පවතින ආර්තික අර්බුදයේ දිග පළල ගැඹුර ගැන ඔහුට තිබෙන අවබෝධයත් ඊට ඇති ස්ථිරසාර විසඳුම් කෙරෙහි ඔහුට ඇති දැනුම්වත්භාවයත් විශ්වාසයත් ජනතා අපේක්ෂා දල්වන්නකි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නම් දරුවා දෙපයින් නැඟිට්ටුවා ඇවිද්දවීමේ විද්‍යාව සහ කලාව ජනාධිපතිවරයා දන්නවා වුවත් ඔහුට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ අනෙක් පාර්ශ්වයන්ගේ සහයෝගය අවංකව ලැබීම පමණය.

පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ විසින් සාමූහිකව ජනාධිපතිවරයා ඉදිරිපත් කරන වැඩ පිළිවෙල හෝ ක්‍රියාවට නංවනවා නම් එය ජනාධිපතිවරයා මේ ගන්නා උත්සාහයට මෙරට සියළු පුරවැසි ජනතාවගේ අනුමැතිය වක්‍ර ලෙස හෝ ලැබුණා හා සමානය. පුරවැසි ජනතාවගේ අපේක්ෂාව තමන් පෙළෙන පීඩාවන්ගෙන් මිදී රටත් යහපත් ලෙස ගොඩනැගෙනු අත්විඳීමය.

එහෙත් මෙතෙක් පුරවැසි ජනතාවගේ අපේක්ෂාවන් සාක්ශාත් කර දීමට විපක්ෂයේ සූදානමක් ඇති තත්වයක් නොපෙන්වයි. ජනාධිපතිවරයා ඉදිරිපත් කරන වැඩ පිළිවෙලට නොඑකඟ නම් වෙනත් වැඩපිළිවෙලක් හෝ මේ විපක්ෂ මතධාරීන්ගෙන් ඉදිරිපත් විය යුතු නමුත් එවැන්නක් ද තවම නැත.

 

 

-SJ

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us