මේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව අයිතිවාසිකම් කිසිවක් ඉතිරි නොවන බවද ඔහු පැවසූවේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තමා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ බවත් සමස්ත පනත සමාලෝචනයට භාජනය කරන තුරු පනත ක්‍රියාත්මක කිරීමට ඉක්මන් නොවන්නේයැයි එහිදී ප්‍රකාශ කෙරුණු බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
පීරිස් මහතා මෙසේද සඳහන් කළේය.
"තව සති දෙකකින් ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ පනස් එක්වෙනි රැස්වීම ආරම්භ වෙනවා. සැප්තැම්බර් දොළොස් වැනිදා. ශ්‍රී ලංකා රජය මූල්‍ය අරමුදල සමග සාකච්ඡාව ටත් සූදානම් වෙනවා. ජීඑස්පී ප්ලස් සහනය අපේ රටේ අපනයනයට කෙලින්ම බලපාන දෙයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේන් මේ සියලුම ක්ෂේත්‍ර අගතියට පත් වෙනවා. අපි මේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි .
ඒ වගේම රජය හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. අපි තීරණය කළා ඒ යෝජනාවට සහාය නොදීමට. හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ.
දැන් ඊට වඩා දරුණු පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන්න සූදානම් වෙනවා. වසන්ත මුදලිගේ ශිෂ්‍යයා දින අනූවකට රඳවා ගැනීමට නියෝගයක් ලබාගත්තා. මොකක්ද මෙතන තියෙන ත්‍රස්තවාදය. අපි දකින්නේ නැහැ මෙතන ත්‍රස්ත්‍රවාදයක්."
කෙසේ නමුත් මෙහිදී ජී එල් පීරිස් මහතා මතුකරනු ලබන කරුණු කිසිවක් ජනාධිපතිවරයා නොදන්නා දේ නොවේ. ජාත්‍යන්තර සංවිධාන සහ විශේෂයෙන් අමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන ජනාධිපතිවරයාට විශාල අවබෝධයක් තිබෙන අතර ඒවා සමනය කරගැනීම ගැනද අත්දැකීම් සහිත අයෙකි.
එහෙත් මීට පෙර ජී එල් පීරිස්ලා වගකිව යුතු ඇමැතිකම් දැරූ යුගයන්හීදී රටට එරෙහිව මානව හිමිකම් කඩවීම් චෝදනා එල්ල වී රටට එරෙහිව තහංචි එල්ල වී තිබිණි. යහපාලන යුගයේදී ඒවායෙන් රට ගලවා ගත්තේද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙසත් විදේශ ඇමැති ලෙස මංගල සමරවීරත් විසිනි.