ලංකාව, යුරෝපයට සේලයින් දෙන්න හදයි

Published in පුවත්
Tuesday, 23 August 2022 10:13

රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී .

මහනුවර,පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම රොබෝ තාක්ෂණයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි .

රුපියල් බිලියන 09 ක වියදමෙන් ඉදිකොට ඇති මෙම සේලයින් නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55 ක වාර්ෂික නිෂ්පාදනය කින් යුක්තය . මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සේලයින් අවශ්‍යතාවය බෝතල් මිලියන 15 ක් වන අතර දේශීය අවශ්‍යතාවය එම කර්මාන්තශාලාවෙන් සපුරා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ .

දැනට මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන අපනයනය කරන අතර යුරෝපා වෙළෙඳපොළ ජය ගැනීමේ අපේක්ෂාවෙන් කර්මාන්තශාලාව සඳහා යුරෝපා තත්ත්ව සහතිකය ලබා ගැනීමට කළමනාකාරිත්ව සැලසුම් කොට තිබේ .

මෙම සේලයින් නිෂ්පාදනාගාරයේ වැඩ ආරම්භ වූයේ පසුගිය යහපාලන සමයේ සෞඛ්‍ය ඇමැතිව සිටි රාජිත සේනාරත්න මහතාගේ මගපෙන්වීම යටතේය.

Last modified on Tuesday, 23 August 2022 10:50

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us