subash
භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ට්විටර් පණිවියක් මගින් ඒ බව දැනුම් දුන් අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේ, භූමිතෙල් මිල සංශෝධනය වසර ගණනාවක් තිස්සේ අත්‍යවශ්‍යව තිබූ දෙයක් බවය.
“ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශීයකරණයට” එරෙහිව මැයෙන් හෙට (අගෝ. 22) දිනයේදී උද්ඝෝෂණයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට පැවැත්වීමට නියමිත ය.
මෙම උද්ඝෝෂණය ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර ඇත.
ගාළු මුවදොර අරගලයේ ජන බලය නුගේගොඩට ඊයේ (20) ඇවිත් තිබේ. මේ ජන බලය දැන් ඉල්ලා සිටින්නෙ මහ මැතිවරණයකි. ඒ පාර්ලිමේන්තුවේ සංයුතිය වර්තමානයේ ජන මතය නියෝජනය කරන්නෙ නැතැයි කියමිනි. ඒ නිසා අද තියෙන ජන මතයට ඉඩ දෙන්න මහ මැතිවරණයක් තැබිය යුතුය යන්න ස්ථානීය මාරුවක් ලබා ගෙන තිබෙන අරගලයේ මතය වී තිබේ.
දැන් හැමෝම රු. මිලියනයක ණයකාරයෙක්. තනියෙම ගෙවන්න වෙයිද?
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2021 වසරේ මෙරට මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22.156 සමඟ සැසඳීමේදී මේ වන විට මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 1,052,089 ක් බවට පත්වී ඇත. 2021 වසර අවාසානයේ දී එය දැක්වුණේ රු. 793,888 ක් ලෙසිනි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා ඉක්මනින් යවන්න සැලසුම් කෙරේ
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
DCTS මෙරට ආර්ථික පිම්මකට බ්‍රිතාන්‍යයෙන් ලැබුණු අවස්ථාවක්.
ශ්‍රි ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් වඩාත් මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු වන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇත්තෙ මෙරට නිශ්පාදන අපනයනය කිරීමේ ක්‍රියාදාමය ප්‍රමාණාත්මක වර්ධනය කරගැනීමය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්න යැයි පොදුජන පෙරමුණ ජනාධිපතිගෙන් ඉල්ලා ඇත් බව වාර්ථා වේ.
අන්තරේ සංදර්ශන දැන් මිනිස්සු ගනන් ගන්නැත්තේ ඇයි?
අවිවිශිබමයේ කැඳවුම්කර වසන්ත මූදලිගේ අධිකරණ වරෙන්තුවක් මත අත් අඩංගුවට ගෙන තිබේ. මෙය රට කළඹවන පුවතක් බවට පත් කරන්නට කළ යුත්තේ මොනවාද? යන්න මාධ්‍ය මාර්කටින් ක්‍රෂේත්‍රයේ වගේ ඉන්න අයට හොඳ අධ්‍යයනයකි.
පිටි කිරි මාෆියාව ක්‍රියාත්මකයි! කිරි ගොවියා හාන්සියි! වසරක් ඇතුළත දියර කිරි නිශ්පාදනය ඉවරයි!
මෙරට දියර කිරි වලින් ස්වයං පෝශිත කරවන බව මීට වසර ගනනාවකට පෙර සිටම බොහෝ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඇතුළත්ව තිබිණි. එසේම ආණ්ඩු බලය ගන්නා සෑම කණ්ඩායමක්ම මේ කතාව සිය දහස්වර කියා ඇත. නමුත් මේ රටේ දියර කිරි අවශ්‍යතාවයෙන් සම්පූර්ණ කිරීමට තබා පවතින තත්වය හෝ රැක ගැනීමටවත් පාලකයන් සමත් නොවන බව පෙන්වා දී ඇත.
