ඛනිජ තෙල් ප්‍රතිසංස්කරණයට එරෙහිව උද්ඝෝෂණයක්  

Published in පුවත්
Sunday, 21 August 2022 14:54

“ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශීයකරණයට” එරෙහිව මැයෙන් හෙට (අගෝ. 22) දිනයේදී උද්ඝෝෂණයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට පැවැත්වීමට නියමිත ය.

මෙම උද්ඝෝෂණය ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර ඇත.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත්තේ, ඛනිජ තෙල් සහ විදුලි බල යන ක්ෂේත්‍ර දෙක ම ප්‍රතිසංස්කරණය කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරන බව ය.

සියලු ම වෘත්තීය සමිති හමු වී යෝජිත ප්‍රතිසංස්කරණ සහ එහි වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරට ත් එහි සඳහන් කර ඇත.

ඔහු සඳහන් කළේ, සියලු ම වෘත්තීය සමිති හමුවී යෝජිත ප්‍රතිසංස්කරණ සහ එහි වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බව ය.

ඛනිජ තෙල් සංස්ථාව මෙරට පාඩු ලබන ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයෙන් එකක් වන අතර මෙම ව්‍යාපාරය ලාබ ලබන ලෙස සහ මෙරට ජනතාවගේ පහසුව පිණිස ප්‍රතිසංස්කරණය විය යුතු බවට ජනතා ඉල්ලීමක් දැඩිව ඉදිරිපත්ව තිබේ.

කෙසේ නමුත් මෙම ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව එම වෘත්තීය සමිති වෙතින් බරපතල විරෝධයක් එල්ලවනු ඇති බවට පූර්ව නිගමනයක් තිබිණි. ඒ සනාත කරමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විරෝධය පළ කිරීම ආරම්භ කර ඇත.

ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම කෙරෙහි වගේ වගක් නැති මෙම වෘත්තීය සමිති සංස්ථාව ලාබ ලබන තැනට පත් කිරීමට එරෙහි වන්නේ එමඟින් තමන්ට ලැබෙන වාසිදායක තත්වයන් අයුතු වරප්‍රසාද ආදිය අහිමි වෙනු ඇතැයි බිය නිසා බව ද පැහැදිලි කරුණකි.

Last modified on Sunday, 21 August 2022 14:56

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us