දේශීය නිශ්පාදන කෘෂි සහ කාර්මික ක්ෂේත්‍ර සංවර්ධනය විය යුතු වන්නේ සිය රට දේ සිරි සැප දේ කියමින් මෙරට පාරිභෝජනය තකා නොව ලෝක වෙළඳ පොළ ඉලක්ක කරගෙනය.
පසුගිය 2021 වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 15 දක්වා වර්ධනය වී තිබුනද ඊට එහා ගිය අපනයන ආදයමක් අත්පත් කර ගැනීමේ හැකියාව මෙරටට තිබේ.
මේ වන විට මෙරට වැඩිම අපනයනයන් ප්‍රමාණයක් අමරිකාවට සිදු කෙරෙන අතර දෙවැනි වැඩිම අපනයනයන් යුරෝපා සංගමය කේන්ද්‍රකරගෙන සිදුවෙයි. යුරෝපා සංගමයෙන් ඉවත්ව සිටින මහා බ්‍රිතාන්‍යයට තෙවනුව වැඩිම අපනයන ප්‍රමාණයක් සිදුවෙයි. එය මෙරට සමස්ත ගෝලීය අපනයනයන්ගෙන් සියයට 10 ක තරම් වේ.
මෙරට අපනය ආදායම් වැඩිවීම කෙරෙහි 2005 වසරේදී මෙරටට ප්‍රධානය කළ යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනය විශාල වාසියක් අත්පත් කර දුන්නේය. පැහැදිලිවම් එය මෙර අපනයන ක්ෂෙත්‍රය දෙගුණයකින් පමණ වැඩි දියුණු කේරීමට හේතුවක් ව තිබිණි. නැවත 2010 වසරේදී මානව හිමිකම් සම්බන්ධ කොන්දේසි කඩ කිරීම නිසා මෙම සහනය අහිමි වූවත් වර්ධනය වූ අපනයනයන් කඩා වැටීමට එය හේතුව වුයේද නැත. එනම් එම ක්ෂේත්‍රය ස්ථාවරව පැවැතීමය. කෙසේ නමුත් නැවත් 2017 වසරේදී GSP+ සහනය ලබාගැනිමට හැකි වූවත් එතැනින් ඉදිරියට පිම්මක් ගැනීමට හැකි වූයේ නැත.
කෙසේ නමුත් 2019 වසරේදී යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයෙන් වෙන් වීම නිසා බ්‍රිතාන්‍ය අපනයනය වෙනුවෙන් ලැබුණු තීරු බදු සහනයන් අවම විය. අපනයනයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු කෙරෙන්නේ බ්‍රිතාන්‍යයට වන නිසා එමඟින් මෙරට ලැබෙන ආදායම් යම් පමණකට අඩු විය.
එහෙත් මේ වන විට බ්‍රිතාන්‍යය මේ වෙනුවෙන් නව වැඩ පිළිවෙලක් පසුගියදා හඳුන්වා දී තිබිණි. Developing Countries Trading Scheme (DCTS)වන මෙමවැඩ පිළිවෙලද GSP+ වැඩ පිල්වෙල හා සමානව ක්‍රියාත්මක වන්නකි.
බ්‍රිතාන්‍යයේ මෙරට කොමසාරිස්වරිය වන සරා හල්ටන් මහත්මිය පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම වැඩ සටහන සඳහා ශ්‍රී ලංකාවද සම්බන්ධ කර ගත් බව නිවේදනය කර තිබිණි.
ඒ අනුව මෙම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80% කට වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත පිවිසීමට අවස්ථාව හිමිවේ.
හාරා හල්ටන් මහත්මිය පවසන්නේ, මීට අමතරව තවත් නිෂ්පාදන 150 කට අධික ප්‍රමාණයක තීරුබදු ඉවත් වීමක් සිදුවන බවයි. මෙම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයෙන් ඇතැම් සෘතුමය තීරුබදු සරල කර ඇති අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන්ට බ්‍රිතාන්‍යයේ වෙළෙඳපොළට පිවිසීම පහසු කිරීම එහි අරමුණයි. 2023 වසරේ දී බලාත්මක වන මෙම බදු සහන ක්‍රමය බ්‍රිතාන්‍ය හඳුන්වා දී ඇත්තේ, GSP+ බදු සහන ක්‍රමය වෙනුවට සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත්තේ එම සහනය යළි ලබා දීම සඳහාය.
මේ සම්බන්ධ වැඩි විස්තර මෙම සැබැඳියෙහි ඇත.
බ්‍රිතාන්‍ය රජයේ නව ජාත්‍යන්තර සංවර්ධන උපාය මාර්ගයට අනුකූලව, මෙම යෝජනා ක්‍රමය සංවර්ධනය වෙමින් පවතින රටවල් ගෝලීය ආර්ථිකයට ඒකාබද්ධ කිරීමට, අනාගතය සඳහා ශක්තිමත් වෙළඳ සහ ආයෝජන හවුල්කරුවන් නිර්මාණය කිරීමට සහ සැපයුම් දාම ශක්තිමත් කිරීමට දායක වේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ නිදහස් හා සාධාරණ වෙළඳාම වර්ධනය කරයි, ආර්ථිකය නංවාලීම සහ එම රටවල මෙන්ම බ්‍රිතාන්‍යයේ රැකියා සඳහා ද සහාය වන්නක් ලෙස හඳුන්වයි.
කොහොම නමුත් GSP+ බදු සහන ක්‍රමය වෙනුවෙන් කොන්දේසි ලෙස ඉදිරිපත් වන මානව අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් අනුමත කර ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම DCTS අදාල රටවල විසින් ද සිදුකළ යුතුවේ.
පසුගිය මාස කිහිපයේදී මෙරට මානව අයිතිවාසිකම් කඩ දැමුණු බවට රජයට එරෙහිව චෝද්නා එල්ල වූ අතර එම නිසාම GSP+ සහනය අහෝසි විය හැකි බවට ඇතැම් පාර්ශ්ව පෙන්වා දී තිබිණි. එහෙත් ඒ අතර තුර බ්‍රිතාන්‍යය මෙම සහනය ලැබිමට සිදුසු රටක් ලෙස නම් කිරීම මේ චෝදනා නිශ්ප්‍රභාකරන්නක් ලෙස ද පිළිගත හැක.
කොහොම නමුත් මෙම බ්‍රිතාන්‍යය DCTS සහනය ලැබීම මෙරට අපනයන ක්සේත්‍රයට තවත් ඉදිරි පිම්මක් ලබා ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර දී තිබේ. 2005 වසරේදී අපනයනයන් වර්ධනය කර ගැනීමට GSP+ සහනය හේතුවක කර ගත්තා සේම මෙම සහනයේ නියම වාසිය මෙරටට ලබා ගැනීමට රජයත් අපනයන කර්මාන්තයෙහි යෙදී සිටින ව්‍යාපාරිකයන්ට හැකි විය යුතුය.
මෙරට අපනයන කර්මාන්ත සංවර්ධනය විය යුතු බවට අර්ථික උපායමාර්ගික විශ්ලේශනයන්හීදී නිරන්තරයෙන් පැහැදිලි කරනු ලබයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑත කාලීනවවත් මෙරට අපනයනය ඉලක්ක කර ගත යුතු කර්මාන්තයන්හී සංවර්ධනය සිදුවිය යුතු බව අවධාරණය කර තිබිණි.
මේ වෙනුවෙන් වූ රජයේ වැඩ පිළිවෙල ඉදිරි අතුරු අය වැයේදී ඉදිරිපත් කරනු ඇතැයි බලපොරොත්තු තැබිය හැකිය. අපනයනය්න සඳහා මෙරට ඇති බාධාවන් රැසක්ම තිබෙන අතර ඒවා ඉවත්කර පහසුකම් සැලසීම සහ පෙළඹවීම සිදුවිය යුතුය. නවෝත්පාදක ක්ෂේත්‍රයන් මේ වෙනුවෙන් යොමු කිරීම විය යුතුය.
කෙසේ වෙතත මෙරට අපනයන ක්ෂේත්‍රයේ පෙනෙන දුර්වලතාවය නම් වර්තමාන ලෝකයේ පාරිභොගික ඉල්ලුමට සරිලන නිශ්පාදන ක්‍රියාවලියක් දියත් නොවීමය. විශේෂයෙන්ම යුරෝපයේ ඉල්ලුමට ඇවැසි නිශ්පාදනයන් තෝරා බේරා ගැනීමේ නොහැකියාවක් ඇතැයි මෙම ක්ෂේත්‍රයේ තතු දත් පිරිස් පෙන්වා දෙයි.
මෙලෙස අපනයන වර්ධනයන්ගේ ඉතා පසුගාමී බව. මෙරට ආර්ථික වර්ධනය වන වේගය සමග සැසදීමේදී අපනයනවල වර්ධනයක් නොමැති වී තිබේ.
එමෙන්ම කාලයක් තිස්සේ එකම භාණ්ඩ වර්ග යුරෝපයීයයන් පාරිභෝජනය නොකරන බව පෙනෙන ඇත්තකි. පසුගිය දශක දෙක කුලදී සෑහෙන ප්‍රමාණයකින් එය වෙනස් වී ඇත. එහෙත් අප තවමත් යුරෝපා සංගමයට අපනයන කරන්නේ සාම්ප්‍රදායික් නිශ්පාදනයන්ය.
මේ හේතුව නිසා මෙරටට ලබා ගත හැකි අවස්ථා වෙනත් රටවලට ඇදී යාමේ අවදානම තිබේ. දැනටමත් මෙම කලාපීය ඇතැම් රටවල විසින් මෙරට නිශ්පාදන අභිබවා යන මට්ටමේ නිශ්පාදන ක්‍රියාවලියකට අවතීරණව එම යුරෝප වෙලඳ පොළ අත්පත් කරගෙන තිබේ.
මේ නිසා ශ්‍රී ලංකාව මිලෙන් සහ ගුණාත්මක බවෙන් අනෙක් රටවල් සමඟ තරග නොකරන තාක් අපනයනවලින් ඉදිරියට ගමන් කළ නොහැකිය.
GSP + ක්‍රමය යටතේ අපනයන කාණ්ඩ 7200 ක් (HS Codes) පමණ සඳහා කිසිදු තීරු බදු අයකිරීමකින් තොරව යුරෝපා සංගමයට අයිති රටවල්වලට අපනයනය කළ හැකිය. එහෙත් මෙම අපනයනයන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රාමණය වෙන් වී ඇත්තෙ ඇඟලුම් සම්බන්ධ කර්මාන්ත වෙනුවෙනි. එම තත්වයන් වෙනස් විය යුත්තේ නව නිශ්පාදනයන් හඳුන්වා දෙමින් ආනයන ක්‍රියාදාමය දියුණු කිරීමෙනි.
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පැරණිතම ගැනුම් කරුවකු වන බ්‍රිතාන්‍යයෙන් ලැබුණ නව අවස්ථාව නිසියාකරව යොදා ගත හැකි නම් මෙරට වර්තමාණයේ මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදකාරී අවස්ථාවෙන් ගැලවීමට මහඟු සහනයක් වෙනු ඇත. අනෙක් කාරණය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිටම මෙරට නිශ්පාදන සඳහා බ්‍රිතාන්‍යය තුළ පවතින කීර්තිය,ජනප්‍රියභාවය, විශ්වාසනීයත්වය මෙරටට තවදුරටත් වාසි සහගත ලෙස යොදාගත හැකිවීමය.
-SJ