අන්තරේ සංදර්ශන දැන් මිනිස්සු ගනන් ගන්නැත්තේ ඇයි? Featured

Thursday, 18 August 2022 22:35

අවිවිශිබමයේ කැඳවුම්කර වසන්ත මූදලිගේ අධිකරණ වරෙන්තුවක් මත අත් අඩංගුවට ගෙන තිබේ. මෙය රට කළඹවන පුවතක් බවට පත් කරන්නට කළ යුත්තේ මොනවාද? යන්න මාධ්‍ය මාර්කටින් ක්‍රෂේත්‍රයේ වගේ ඉන්න අයට හොඳ අධ්‍යයනයකි.

කොහොම නමුත් අද දින අන්තරය හදිස්සියේම විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබු අතර එයට සැබෑ හේතුව ජනතා ප්‍රශ්නයක් හෝ ශිෂ්‍ය ප්‍රශ්නයක් නොවේ. එය සංවිධානය කර තිබුණේමම වසන්ත මුදලිගේව අත් අඩංගුවට ගැනීම මාධ්‍ය සංදර්ශනයක් කර ගැනීමේ වුවමණාව වෙනුවෙන් බව පැහැදිලිය. එම කණ්ඩාමයට සමීප ආරංචි මාර්ගද පවසා සිටින්නේ ඒ කතාවමය.

අධිකරණ වරෙන්තුවක් තිබෙන අයකු අධිකරණයට ඉදිරිපත් වී තමන්ට එරෙහිව තිබෙන චෝදනා වලට උත්තර බැඳ තමන්ගේ නිවැරදි භාවය වෙනුවෙන් සටන් කරන්වා මිස අධිකරණයට අභියෝග කරන්න යන්නේ නැත. සැඟවී පලා යෑමට සිදු වේ නම් ඒ තමන් අතින් වන වැරැද්දක් පිළිගැනීමට තිබෙන නොහැකියාවය. වසන්ත මුදලිගේ සිදු කරමින් සිටියේ සැඟවී පලා යෑමය.

එහෙත් හිටි හැටියේ අන්තරය විරෝධතාවයක් සංවිධානය කරමින් වසන්තව පෙර ගමන්කරුවා ලෙස කැන්දන් ආවේ නියත වශයෙන්ම පොලිස් අත් අඩංගුවට ගැනීමට නියමිත වසන්ත මුදලිගේව පොලිසියට මුණ ගස්සවා ඒ සිදුවීම සංදර්ශනයක් බවට පත් කර ඉන් දේශපාලන වාසියක් ගැනීමට බව ඉතා පැහැදිලිය.

සැලසුම් කළ ආකාරයට අන්තරය මෙහෙය වන පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරිකයන් සහ ඊට හිතවත් පිරිස් මෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් දැන් මේ මොහොතේ එම අත් අඩංගුවට ගැනීම සමරමින් සිටී.

මේ කියන වසන්ත මුදලිගේ විරෝධතාවයට එක්වී පැවසුවාය කියන කතන්දරය ඇතුළේම වසන්තලාගේ මේ උපක්‍රමය පැහැදිලිය.

”අපි රනිල් වික්‍රමසිංහට බය නැහැ. මොකද ඔහුට අවම වශයෙන් ජන මතයක්වත් නැහැ. මර්දනය ගෙනල්ල බය කරන්න හදනවා නම් විහිළු සපයන්න එපා කියල අපි කියනවා. අපි ඒ මර්දනයට හිස නමන්නේ නැහැ. ඒ නිසා අද දවසේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට ඩීල් රනිල් රාජපක්ෂ ආණ්ඩුව පන්නන්න ඒ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න බලකරමින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න බලකරමින් ජනතා අයිතීන් දිනාගැනීමට බලකරමින් අඩපණ කර තිබෙන පාසල් හා සරසවි යථා තත්ත්වයට පත්කරන්න බලකරමින් අත්අඩංගුවේ සිටින සියලු අරගලකරුවන් නිදහස් කරන්න බලකරමින් මේ විරෝධය ගෙනයනවා.”

ආණ්ඩුවට අවශ්‍ය වන්නේ සෙල්ලම් කිරීම නම් එම සෙල්ලමට ද සූදානම් අතර ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට සිදු වූ දේ ද මතක තබාගන්නා ලෙස ඔහු සඳහන් කර තිබේ.

සත්‍ය වශයෙන්ම වසන්තලා කරන දේශපාලනය විකාරයක් බව අරගලය තුළින්ද පැහැදිලි වූ කාරණයකි.. ජනතා අරගලය අවසානයේ අකුලන් යන තැනට පත් වූයේ ජනතාවගේ සැබෑ වුවමණාවන් වෙනුවට පෙර‍ටුගාමින්ගේ පටු දේශපාලන වුවමණාවන් එම අරගලය තුළින් ඉ‍ටු කරගැනීමට ගත් තුච්ඡ උත්සාහය ජනතාව වටහා ගත් නිසාය.

ඒ අනුව අරගලයෙ නින්දිතම පරාජිතයා බවට පත් වූයේ මේ පෙර‍ටුගාමින් ප්ර්මුඛ අන්තරයේ පිරිසය.

අද වසන්ත, රනිල් වික්‍රමසිංහට ජන මතයක් නැතැයි කියමින් ඔහුවත් පන්නනවා යැයි වහසි බස් දොඩයි. රනිල් සමඟ සසදද්දී අන්තරයට ඇති ජන මතය කුමක්ද? පෙර‍ටුගාමින්ට ඇති ජනමතයේ තරම පෙර මැතිවරණ වලදී දු‍ටුවාට වඩා ඉදිරි මැතිවරණයක්දී වෙනස් වන්නට කිසිදු සාධාරණ හේතුවක් නම් ඇත්තටම නැත.

ඇතැමුන් අන්තරයත් බහුජන ව්‍යාපාරයක් ලෙස හඳුන්වනු ැලබුවත් අන්තරය කියන්නෙ කිසිදු බහුජන පදනමක් ඇති සංවිධානයක් නොවේ. පෙර‍ටුගාමී පක්ෂයේම ක්‍රියකාරිකයන් සුලු පිරිසක් විසින් බලහත්කාරීව හසුරුවන ශිෂ්‍ය ප්‍රජාවක් හැර වෙනකක් එහි නැත. ශිෂ්‍ය අවදියේදී ඇති නාහෙට නාහන ගුණයන් මේ වෙනුවෙන් පාවිච්චි කිරීම මිස මෙම ශිෂ්‍ය ප්‍රජාවන් දන්නා දේශපාලනයක් නැත. අරගල කාලයේ මේ ශිෂ්‍ය නායකයන්ගේ උද්වේගකර කතා ඇසීම පමණක් එයට ප්‍රමාණවත්ය. අඩුම තරමින් කිහිප දෙනෙකු විසින් තමන්ව පාවිච්චි කරමින් ඇති බව තේරුම් ගැනීමෙ හැකියාව ශිෂ්‍යන්ට නැත. නැතිනම් එහෙම වුවමණාවක් නැත. ශිෂ්‍ය අවධියේ ගත යුතු ආතල් ගැනීම අත් හැරීමට ඇති නොකැමත්තත් මේ තුළ තිබේ.

කොහොම නමුත් ගෝඨාබයට ඉල්ලා අස්වීමට සිදු වූ, අරගලය යනු අන්තරේ අරගලයක් නොවේ. ඒ තුළ දේශපාලන කණ්ඩායම් බොහොමයක සහභාගිත්යව මෙන්ම බහුජන සහයෝගයක් ඒකරාශී වී තිබිණි. ඒ ඒකරාශී කිරීමවත් මෙම ආන්තරය හෝ පෙර‍ටුගාමින් සිදු කළ දෙයක් නොවේ. ඔවුන් සිදු කළේම මෙම බහුජන අරගලය කොල්ල කා තමුන්ගේ නමට ලියා ගැනීමේ කුමන්ත්‍රණයක් බව ඒ අරගලයෙ යෙදී සිටි බහුතර පිරිසක් ප්‍රසිද්ධියේම කියා පෑ සත්‍යය වේ.

එසේම ගොඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූයේ ඔහුට එරෙහිව ජනතාවගේ විරෝධයේ බලපෑමටත් වඩා ඔහුගේ දරාගැනීමේ හැකියාව නොමැති කම., ඔහු දේශපාලනය නොදැන සිටිම.,නීතිය නොදැන සිටීම.., ආදී ඔහුගේ බරපතල දුර්වලතාවයන් මතය. අඩුම තරමින් ජනාධිපති තනතුරේ බලය ගැනවත් ඔහුට වැටහීමක් තිබුණේ නැත.

එහෙත් රනිල් වික්‍රමසිංහ යනු දේශපාලනයේ හොඳ හැටි තෙම්පරාදු වූ පරිණතයෙකි. අන්තරය නොව ජාත්‍යන්තරයද ඔහු සමඟ සෙල්ලම් කරන්න එහෙමට එන්නේ නැත. පසුගිය මාසය තුළදී රනිල් කවුද කියා පෙන්වා තිබේ.

අද ජන මතය රනිල් සමඟ බව, රට වඩාත් සාමකාමීව සහ අපේක්ෂා සහගතව ඉදිරියට ගමන් කරමින් තිබීමෙන් පැහැදිලි වන වැදගත්ම කරුණය..ජනතාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදය සෙමෙන් නමුදු ක්‍රමාණුකූලව නිවැරදි පිළිවෙලකට තුරන් කිරීම සිදු වෙමින් තිබෙන බවට සැලකිය යුතු විශ්වාසයක් රට තුළ ගොඩනැගී ඇත..රනිල්ට පුළුවන් කියන කාරණය මාකටින් වැඩක් නොවී ස්වයංව ගොඩනැගෙන ජනමතයක් වෙමින් තිබේ.

රනිල්ව පන්නන්න හෝ මේ පවතින ආණ්ඩු පාලනය පෙරළා දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් බහුතර ජනතාවට නැත. පාලකයන් එළවා දමා ප්‍රශ්න වලට පිළිතුරු නැති බවත්, පවතින ක්‍රමවේදයේ දැඩි ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය වඩා වැදගත් බවත් ජනතාව තේරුම් ගෙන තිබේ. ඒ වෙනුවෙන් වන විශ්වාසනීය දේශපාලන භාවිතයක රනිල් වික්‍රමසිංහ යෙදී සිටින බවට මතයක්ද ඔහු රට තුළ ගොඩනැගීමට මෙතෙක් සමත්ව තිබේ.

කොහොම නමුත් පෙර‍ටුගාමින්ගේ හෝ අන්තරයේ හෝ වේවා නැතිනම් ජවිපෙ හෝ වේවා විපක්ෂ විරෝධතාවයන් අද ජනතාව තුට්‍ටුවකට මායිම් කරන්නේ නැත. මන්ද මේවා පැහැදිලිවම හුදු පක්ෂග්‍රාහී දේශපාලන තක්කඩිකම් වලට වඩා දේවල් නොවන බව හෙළිදරව්ව තිබෙන දේවල් නිසාය.

-SJ

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us