අභියෝගය භාරගන්න බැරි විපක්ෂයට වෙන්නේ, කලින් වෙච්ච දේමයි. Featured

Tuesday, 16 August 2022 13:22

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික දේශපාලනික හා සාමාජීය අර්බුදයයන් හමුවේ ඒ විසඳා ගැනීම තනි පුද්ගලයකුට, තනි කණ්ඩායමකට, තනි පක්ෂයකට හෝ බෙදී වෙන් වී කරන්න පුළුවන් යනුවෙන් සිතනවා නම් ඒ බරපතල මංමුලා වීමකි. ඉතිහාසය නොදන්නා කමකි.

පසුගිය 74 වසර මුළුල්ලේ ශ්‍රි ලංකාව අනුගමනය කළ අර්ථික ප්‍රතිපත්තීන් විසින් අද රට පවතින තත්වයට ගෙන ආ බව මඟ හැරිය නොහැකි බව ඇත්තකි. එසේම මේ පසුගිය ගෝඨාභය පාලනය විසින් ගත් අමනෝඥ තීන්දු තීරණ නිස රට කඩා වැටීම වේගත්වූ බවත් ඇත්තකි.. එහෙත් රටේ පවතින අර්බූදයයන්ට හේතුව 74 වසරක දේශපාලන ආර්ථික භාවිතාව හෝ වේවා පසුගිය ගෝඨාභය පාලනය හෝ වේවා ඒ වරදකරුවන් සොය සොයා හංවඩු ගැසීමෙන් දැන් පළක් නැත ..ඒ අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් හෙට දවසට මුහුණ දීම වඩා වැදගත්ය.

මේ ඇත්ත ගෝඨාභය පාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තේරුම් යන විට ප්‍රමාද වැඩිය. විය යුතු හරිය සිදුවී හමාර විය. අවසානයේදී සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහිකර, මේ ප්‍රශ්නයට සාමුහිකව මුහුණ දෙමු යනුවෙන් ඔහුට කියන්න සිදුවූයේද ඒ අනුවය.

එහෙත් ඒ් මොහොතේදීත් විපක්ෂ කොටස් ඒ ප්‍රතික්ෂේප කළා හෝ දැඩි කොන්දේසි දමමින් ඒ අවස්ථාව මඟ හැර ගන්නා ලදී.. අනතුරුව ඇතිවූ දේශපාලන වියවුල්කාරිත්වය මත රනිල් වික්‍රමසිංහ අගමැති වී පසුව ජනාධිතිවරයා ද වී නැවත සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු වන ලෙස සියලු විපක්ෂ කොටස් වෙතින් ඉල්ලා සිටියේය. ඔහු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ගත් පළමු දින සිටම කිවේ මෙම අර්බුදය විසඳා ගැනීමට සර්වපාක්ෂික වැඩපිළිවෙලකට යායුතු බවය.

කොහොම නමුත් ඇතැම් විපක්ෂ කොටස් වල හුදු බල වුවමණාව මත අදත් මෙම ඉල්ලීමට කන් නොදී තවදුරටත් ආණ්ඩු විරෝධී ලෙස කටයුතු කිරීමට තීරණ ගෙන තිබේ. කිසිසේත්ම සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු නොවෙන බවට ප්‍රකාශ කරමින් සිටී. ඒ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු පිරිසකුත් ජාතික ජන බලවේගයේ කණ්ඩායමමත් දැඩිව ඒ වෙනුවෙන් පෙනී සිටී..සෙසු විපක්ෂ කොටස් වඩාත් වගකීම් සහගත දේශපාලනයක යෙදෙමින් සර්වපාක්ෂික ආණ්ඩුවකට හෝ එවැනි වැඩපිළිවෙලකට එකඟව තමන්ගේ යෝජනාද මේ වන විට ලබා දී තිබේ.

රටක් ඉතිහාසයේ බරපතල අර්බුදකාරිත්වයන්ට ඇද වැටුණු විට එම අර්බුද වලට වගකිව යුත්තන් කවුරු වූවත් රටේ ආභිවෘද්ධිය වෙනුවෙන් එකතු වීම, සාමුහිකව තීන්දු තීරණ වලට එළඹ අභියෝග ජයගත් අවස්ථා ඕනෑතරම් තිබේ.

හොඳම ජනප්‍රිය උදාහරණය දෙවන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂය් නියෝජනය කළ අතිශය සුළුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටි වින්සන්ට් චර්චිල් අගමැතිධුරයට පත් කරමින් සම්මුතික ආණ්ඩුවක් පිහි‍ටුවා නාසිවාදයටත්, ෆැසිට්ස්වාදයටත් එරෙහි යුද්ධ ජය ගැනීමය. එම අවස්ථාව චර්චිල්ට ලබා දුන් එවකට බහුතර බලය හිමිව තිබු කණ්ඩායම මේ යුද්ධ ජයගත් වීරයාවත් පරාජය කර එළැඹුණු මහ මැතිවරණය ජය ගත්තේ විශාල ජනතා ප්‍රසාදයක් සහිතවය. ජනතාවගේ කෘතවේදීත්වය හිමි වූයේ අවශ්‍ය මොහොතේ දේශපාලනික කැපකිරීමක් කළ කණ්ඩායමටය.

ඒ අත් දැකීම මේ රටේ දී සිදුවෙතැයි කල්පනා කිරීම මනස්ගාතයක් නමුත් මෙරට ඉතිහාසයේ ලත් අත්දැකීම් කිහිපයක් මතකයට නගා ගැනීම රටේ දේශපාලනයට වැදගත්ය.

මහින්ද රාජපක්ෂව 2005 වසරේදී බලයට පත් කිරීම වෙනුවෙන් වැඩිම වෙහෙසක් ගෙන ක්‍රියාකාරී වූ කණ්ඩායම වුයේ ජනතා විමුක්ති පෙරමුණය. එදා එක්සත් ජනාතා නිදහස් සන්ධානය ලෙස එක්ව තරග කර ජවිපෙද සැලකිය යුතු ජයග්‍රහණයක් වාර්තා කළේය. එම ජයග්‍රහණයෙන් පසුව රට බලාපොරොත්තු වූයේ ජවිපෙ මහින්දගේ එක්සත් ජන්තා නිදහස් සන්ධාන ආණ්ඩුව සමඟ එක්වී ඇමතිකම් දරාගෙන රටට වඩාත් හිතකර පාලනයක් වෙනුවෙන් ජවිපෙ එක්වෙනු ඇති බවය. එහෙත් ජවිපෙ කල්පනා කළේ එහෙම නොවේ. ඔවුන් අමැතිධුර ප්‍රතික්ෂේප කර විපක්ෂයේ වාඩි විය. ඉතා සුළු බහුතරයක ඇතිව සිටි මහින්දගේ ආණ්ඩුවට එරෙහිව යමින් එළඹෙන මහ මැතිවරණයකදි ආණ්ඩු බලය අල්ලා ගත හැකිය කියන ස්ථාවරයක ජවිපෙ පසු විය.

එම මහින්ද රාජපක්ෂ යුගයේදී එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති අසීරු යුද්ධය රටක් විදිහට මුහුණු දුන්නු බරපතල අභියෝගයක් විය. එදා මහින්දට ජවිපෙ යම් පමණකට සහය වෙමින් යුද්ධය පවත්වාගෙන යෑමට අනුබලයක් ලබා දුන්නේය. එහෙත් එහිදි ජවිපෙ කල්පනා කළේ යුධ ජයග්‍රහණයේ වාසිය මහින්දට යෑම වලක්වා එය තමන්ගේ පක්ෂය වෙත ඈඳ ගැනීමටය. යුද්ධයේ තීරණාත්මක මොහොතේදී වරෙක අයවැය පරාජය කරන තැනකටද පත් විය. රටක් අභියෝගයකට මුහුණ දී සිටියදී ඒ ජය ගැනීම වෙනුවෙන් උපරීම සහය වීම මඟ හැර, ආණ්ඩුව අර්බුදයකට යවා, ජනතාව වෙත පීඩාවක් ගෙන දෙන තැනට පත් කර, ජනප්‍රියවාදී දේශපාලනයක නිරතව එළඹෙන මැතිවරණයක් ජය ගැනීම ජවිපේ උපාය මාර්ගය විය. එහෙත් අවසානයේදි ඔවුන් නොසිතූ පරාජයකට පත්විය. ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වූ දේශපාලන පක්ෂයක් බවට පත් විය.

මේ කාලයේම සිදු වූ අනෙක දේශපාලන සංසිද්ධිය නම් එජාපයද එජනිස ආණ්ඩුවට සහය නොදෙන ප්‍රතිපත්තියක සිටීම මත එජාපයද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තැනකට පත්වීම පමණක් නොව එජාපයේ නියෝජ්‍ය නායකයාව සිටි කරූ ජයසුරිය ප්‍රමුඛ කණ්ඩායම ආණ්ඩුවට එකතු වීමෙන් එජාපය දෙකඩ වී දුර්වල වීමය. එසේම එම සුළුතර ආණ්ඩුව ශක්තිමත් වී යුද්ධයට මුහුණ දීම සඳහා වඩාත් ස්ථාවර විය.

2010 මහ මැතිවරණය වන විට එජනිස ආණ්ඩුවට එරෙහිව විපක්ෂය කවර චෝදනා එල්ල කළත් එජනිසය ආසන 144 ක් ලබා ගෙන විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන අතර විපක්ෂයේ ප්‍රතිපළය එජාපය 60 (පෙර 82) ජවිපෙ ( සරත් ෆොන්සේකා සමඟ) 07 විය.

ඡන්දදායක ජනතාව විසින් මේ විපක්ෂ කොටස් ප්‍රතික්ෂේප කරන ලද්දේ ජනාධිපති මහින්දට යුධ ජයග්‍රහණය වෙනුවෙන් කෘතගුණ සැලකීමට යැයි කල්පනා කළොත් ඒ එජාපයට හෝ ජවිපෙට ලැබී නැති බව පැහැදිලිය. විශේෂම කාරණය මෙහිදී ජවිපෙ පත් වූ අසරණ තත්වයය. මහින්දව ජනපති කරන්නත් යුද්ධයට ආවැඩීමත් සිදු කළ ජවිපෙට එදා ජනතාවගෙන් ලබා ගත හැකිව තිබූ කෘතගුණ භාවය අත්පත් කරගැනීමට නොහැකි වීමය. ඒ අවශ්‍යම අවස්ථාවේදී ජවිපෙ ඔවුන්ගේ ‌ඓතිහාසික දේශපාලන වගකීම, යුතුකම අත් හැරීම නිසාය.

අද රට මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ මුහුණ දෙන බරපතලම අර්බුදකාරී මොහොතය. මෙය කරහැර තමන්ගේ හුදු පාර්ශ්වික ප‍ටු දේශපාලන මෙහෙයුම් වල යෙදීම මේ මොහොතේ ජනතාව අනුමත කරන තත්වයක් නොවන බව පැහැදිලි කරුණකි.

ජනතාව නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ සියලු දෙනා ඒ්කරාශිව මෙම අර්බුද සමනය කර ගැනීමට සහය විය යුතු බවය. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවේ 225 එපා කිව්ව ජනතාවක්, ඒ එක් කොටසක් හොඳය, අනෙක කොටසක් නරකය කියා වර්ග කරන්නෙ නැත. අර්බුදයට මේ 226 මත් වගකිව යුතුය.

වත්මන් මොහොත එළඹ ඇත්තේ ළිං කටෙන් වැටිච්ච මිනිහා ළිං කටින්ම ගොඩ ආයුතු වීමේ යථාර්තයටය. මේ මොහොතේ අලුත් 225 තෝරගන්න කියා මැතිවරණයට යෑම, ජනවරම උරගා බැලීම් වැනි අවදානම් සහගත දේ තෝරා ගැනීමට නොහැක. ඒ බුද්ධිමත් දේශපාලනික තීරණ නොවේ. එසේම රටේ ආර්ථික අර්බුද හමුවේ මැතිවරණයක් පැවැත්වීමේ ප්‍රායෝගික හැකියාවන්ද සීමා සහිතය.

මැතිවරණයකින් පසුව එළඹෙන තත්වය ගැන කිසිදු අනාවැකියක් කිව නොහැක. බහුතර බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් පත්කර ගැනීමේ සම්භාවිතාවක් කිසිවකුට හෝ තිබෙන බවක් පෙනෙන්නටද නැත. සුළුතර ආණ්ඩු බිහි කරගෙන නැවත දේශපාලන වියවුලක් ඇති කරගෙන රටේ දේශපාලන ස්ථාවරත්වය අනතුරේ හෙළාගෙන අද මේ මුහුණ දී තිබෙන අර්බුද කිසිසේත් ජය ගත නොහැක. අනෙක මැතිවරණයකින් අද පවතින පාර්ලිමේන්තු සංයුතියේ සැලකිය යුතු වෙනසක් වෙතැයි උපකල්පනය කළද නොහැක. අද පක්ෂ වලට බෙදී සිටින කොටස්ම පක්ෂ මාරු සහ නව සන්ධාන හරහා යළි පත්වීමද සිදුවිය හැකිය.

මේ නිසා අද තිබෙන වඩාත්ම ප්‍රායෝගික යථාර්තවාදී විසඳුම වන්නේ මේ 226 ත් සමගම සමස්ත පාර්ලිමේන්තුවම සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පත් කරගෙන සාමුහික ක්‍රියාමාර්ගයක් මඟින් මෙම අර්බුදයයන්ගෙන් ගැලවීමට මාර්ගයක් පදා ගැනීමය. ඒ සඳහා වැඩ පිළිවෙලක් සකසා ගැනීමය. ඒ අනුව ආර්ථික හා සාමාජීය ගැටළු සාමාන්‍ය තත්වයට පත් කරගැනීම විය යුතුය.

පසුව යම් නිශ්චිත කාලයකින් පසුව මැතිවරණයකට ගොස් ජන මතය විමසා බැලිය හැකිය. එවිට කවර මට්ටමේ ආණ්ඩුවක් සැකසුනත් යන්න මාර්ගයක් තිබේ. රටත් ජනතාවත් මෙම අර්බුදයයන් ගෙන් මුදවා ගැනීමට ලබා දුන් සහයට ජනතාවගේ කෘතගුණ භාවය ඊට සම්මාදම් වන සියලු පක්ෂවලට හිමි වනුද ඇත.

ප‍ටු පක්ෂ පාට බේද වලට බෙදී වෙන් නොවී රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමේ අලුත් ආදර්ශය මත රටේ දේශපාලනයද දියුණු වී ජනතාව සාම්ප්‍රදායික දේශපාලන තීන්දු තීරණ වලින් ඔබ්බට ගොස් වඩා නිවැරදී තීන්දුවලට එළඹෙනු ඇත.

එවිට, අපි තමා හොඳම, අපි තමා නිවැරදිම, අපිට තමයි රට හදන්න පුළුවන්... කියන පක්ෂ හෝ කණ්ඩායම් වලට තමන්ගේ උගත් බුද්ධිමත් විශිෂ්ට අපේක්ෂකයන් ඉදිරිපත් කර, හොඳම වැඩ පිළිවෙල ඉදිරිපත් කර, ඊට ජනතාවගේ අනුමැතිය ඉහළින්ම ලබා ගැනීමේ සාධාරණ අවස්ථාවක් ලැබෙනු ඇත. වැදගත්ම දේ මේ අමාරුම අවස්ථාවේදී දේශපාලනික වශයෙන් නම්‍යශීලී වී ජනතාව වෙනුවෙන් කොන්දෙසි විරහිතව පෙනී සිටීමේ දියුණු දේශපාලන හැකියාව මේ දේශපාලන පක්ෂ වලට තිබීමය.

එහෙත් සජබයේ නායකත්වය සහ එහි ඇතැම් පිරිස් මෙන්ම ජාජබය විසින් මේ මොහොතේත් පෙන්වමින් සිටින්නේ රටට ජනතාවට වඩා තමන්ගේ ප‍ටු බල දේශපාලනය වඩාත් උත්තරීතරව ඇති බවය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් මේ පක්ෂ වලට තවමත් වැරද්ද නිවැරදි කරගැනීමේ අවස්ථාව තිබේ.

ඓතිහාසික වශයෙන්මත් කෘතවේදී ජනතාවක් සිටින මේ රටෙහි, මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම වැරැද්දක් වීමට ඉඩක් නැත.

 

 

_ SJ

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us