සිංහල ඩයස්පෝරාවත් තහනම් කරලද ඩොලර් එවන්නේ නැත්තේ? Featured

Monday, 15 August 2022 12:06

මේ වන විට තහනමකට ලක් කර තිබූ දෙමළ ඩයස්පෝරා සංවිධාන 06 ක සහ පුද්ගලයන් 318 දෙනෙකුට පන්ව තිබූ තහනම ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය විසින්ය. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වන්නේ ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාය.

මෙම ඩයස් පොරා සංවිධාන තහනම් කිරීමට හේතු භූත වූයේ මේවා පෙර යුගයේදී එල්ටීටීඊ සංවිධානයට ආධාර උපකාර කිරීමත් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම ඇතුලු කරුණු කිහිපයක් පදනම් කරගෙනය.

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති යුගයේදී මෙම සංවිධාන කිහිපයක් තහනමට ලක් කර තිබූ අතර ගෝඨභය රාජපක්ෂ සමයේදී තවත් සංවිධාන කිහිපයක්ද ඈඳා ගනිමින් මෙම තහනම තවදුරටත් පවත්වා ගෙන යෑමට කටයුතු කරන ලදී.

මේවා ත්‍රස්ත සංවිධාන ද?

එහෙත් මෙම සංවිධාන ඒ මොහොත වන විටත් ත්‍රස්තවාදයට අනුබල දෙන සංවිධාන හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පැහැදිලි තොරතුරු ඉදිරිපත්ව තිබුණේ නැත. එහෙත් සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් පත්වීම සහ ඊට පක්ෂපාත ජාතිවාදී ස්වරූපයකින් ගෝඨාභය පාලනයට කටයුතු කරන්නට බලකෙරී තිබුණු පසුබිමක මෙම සංවිධාන තහනම ජාතිවාදී පදනමකින් ඉදිරියට ගෙන යෑමට සිදුව තිබූ බව සත්‍යයට වඩාත් ළඟ තොරතුරය.

කොහොම නමුත් රට මුහුණ දී තිබූ ආර්ථික අර්බුද හමුවේ විදේශ විනිමය උපයා ගැනීමේ ගැටලුව බරපතල තත්වයක තිබීම මත විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමේ උපක්‍රමික පියවරක් ලෙස ඩයස් පෝරා තහනම ඉවත් කර එම කණ්ඩායම් මෙරට ආයෝජනයට සහභාගි කරවා ගැනීමට පසුගිය මාර්තු මාසය වන විටත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කර තිබිණි.

සිංහල ඩයස් පෝරාව හෝ විදේශ ශ්‍රමිකයන් ලෙස රැකියා කරන පිරිස් මෙරටට විදේශ විනිමය එවීමෙන් වැලකී සිටීම මෙරට ආර්ථිකය කෙරෙහි බරපතල ලෙස බලපෑ සිදුවීමකි. අදටත් මෙම පිරිස් කටයුතු කරන්නේ තමන්ගේ ආත්මාර්ථය පදනම් කර ගත් පිළිවෙතක් අනුවය. ඒ අනුව මෙරට සුජාත දූ පුතුන්ම වන දෙමළ ජාතික පිරිස් මෙරට අභිවෘද්ධිය තකා ඉදිරිපත් වීම ශ්‍රීලාංකීය පුරවැසියන් ලෙස ඉහළින්ම අගය කළ යුතු තත්වයකි.

රුපියල් ට්‍රිලියන 15ක ආයෝජනයක්

මෙහිදී ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 15ක මුදලක් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට දෙමළ ඩයස්පෝරාව සුදානම් බව දෙමළ ඩයස්පෝරාවේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරකවරයකු ලෙස කටයුතු කරන නිමලන් විශ්වනාදන් පසුගිය අප්‍රේල් 12 වෙනිදා බී.බී.සී ය වෙත පවසා තිබිණි.

කොහොම නමුත් රට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියදී මාර්තු මාසයේ කැඳවන ලද බහු පාක්ෂික සමුළුවකදීත් දෙමළ ඩයස්පෝරා ආයෝජන වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මනාපය පලවී තිබිණි.

පසුගිය අප්‍රේල් මාසයේදී උතුරේ සංචාරයක නිරතව වු කොළඹ එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් හමුවු අවස්ථාවේ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා පවසා තිබුණේ රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් මුදල් ආයෝජනය කරන ලෙස ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා ඇති නමුත් එය ක්‍රියාවට නංවාලීමේදී බාධා රැසක් මතුවන බව යි.

ඒ වෙනුවෙන් පවතින නීති ක්‍රියාවලිය සංකීර්ණ බව පෙන්වා දී ඇති ආණ්ඩුකාරවරයා කොළඹ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් ගෙන් උපකාර ඉල්ලා සිටි බව දෙමළ භාෂා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානය සහ තවත් පාර්ශ්ව ගන්නාවක් සමඟ මෙන්ම කැබිනට් මණ්ඩලය තුළද සාකච්ඡා කෙරී තිබිණි.

තහනම ඉවත් කරන්න ජාත්‍යන්තරයට පොරොන්දුවක්

එම සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස පසුගිය ජුනි 13 වෙනිදා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව පසුගිය සමයේ මෙරට ත්‍රස්තවාදයට අනුබල දෙන සංවිධාන ලෙස සලකා තහනම් කරන ලද දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ පුද්ගලයන්ට පනවා තිබු තහනම ඉවත්කිරීමට ඇති සුදානම ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශයට පත් කර තිබේ.

"2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ, නම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව සමාලෝචනය කෙරෙමින් පවතී. මේ වන විට පුද්ගලයින් 318 දෙනෙක් සහ හිමිකම් 04ක් ඉවත් කිරීම සඳහා යෝජිතව ඇත. මෙය අඛණ්ඩ ව්‍යායාමයක් ලෙස සිදු කෙරේ." යනුවෙන්

එවකට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් ජුනි 13 වැනි දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් පැවසා තිබිණි.

ඩයස්පෝරා ප්‍රජාව සහ රටේ 'යහපැවැත්ම සඳහා කැපවී සිටින' සිවිල් සමාජ සංවිධාන සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බවත් අමාත්‍යවරයා එහිදී පැවසු බව විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

තහනම් සංවිධාන

එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රබල සංවිධාන ඇතුළු දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් තහනම් කිරීමට 2021 වසරේ මාර්තු මාසයේදී ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය කටයුතු කර තිබිණි.

ගෝලීය දෙමළ සංසදය (GTF), බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF), කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC), ඕස්ට්‍රේලියානු දෙමළ කොන්ග්‍රසය (ATC), කැනේඩියානු දෙමළ ජාතික සභාව, දෙමළ තරුණ සංවිධානය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහනම් කරන ලදී.

ඒවා අතුරින් ඇතැම් කණ්ඩායම් 2012 එක්සත් ජාතීන්ගේ රෙගුලාසි අංක 1 (4) යටතේ 2014 දී තහනම් කරන ලද නමුත් 2015 දී රජය විසින් නැවත ලැයිස්තු ගත කර තිබිණි. සංවිධාන තහනම් කිරීම සඳහා 2021 දී නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අත්සන් තබා තිබුණේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න විසිනි.

එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, මැලේසියාව සහ තවත් රටවල් කිහිපයක වෙසෙන පුද්ගලයන් ගණනාවක්ද රජය විසින් මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබිණි.

කෙසේ නමුත් තවදුරටත් ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන ලෙස සංවිධාන 15 ක් හා පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් නම් කර අසාධු ලේඛණගත කර තිබේ. අසාධු ලේඛණයට තවත් සංවිධාන 03 ක් ද එක් කර ඇති බව ද ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර්, මොස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රාසා හෙවත් දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය හෙවත් ජමියා සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජය එලෙස අසාධු ලේඛණගත කර තිබේ.

වැඩිම හානිය කළ ඩයස්පෝරාව

දෙමළ ඩයස්පෝරා සංවිධාන තහනමට ලක්කර තිබුණේ ඔවුන්ගෙන මෙරටට හානියක් වෙනු ඇතැයි සැකය මත යැයි කල්පනා කරන්නේ නම් සිංහල ඩයස්පෝරා මේ මොහොතේදී මෙරටට විදේශ විනිමය එවීමෙන් වැළැකී සිටීම මඟින් රටට කරන හානිය එල්ටීටීඊය ඒ යුධසමයේදී මෙරටට කළ හානියට වඩා බරපතලය. එදා එල්ටීටීඊයට දැවැන්ත යුද්ධයක් කළත් බංකොළොත් කිරීමට නොහැකි වූ රට අද බංකොළොත් කරන්න මේ සිංහල ඩයස්පෝරාවට විශාල දායකත්වයක් ලබා දී තිබේ.

සිංහල ඩයස්පෝරා නිත්‍යානුකූල ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට විදේශ විනිමය එවීමට කටයුතු කරන්නේ නම් මාසිකව ඩොලර් බිලියනයක පමණ මුදලත් මෙරටට ලැබීම සිදුවේ. අද එය පවතින්නේ ඩොලර් මිලියන 300 ටත් අඩු අගයකය. නියමාකාරයෙන් විදේශ ප්‍රේශන මෙරටට ලැබේ නම් අද රට වැසියා මුහුණ දෙමින් සිටින ඉන්ධන, ආහාර, ඖෂධ ආදී ගැටළු රැසක් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය තරම් විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබේ.

මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානය සමඟ මාර්තු (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ අවස්ථාවකි.

Last modified on Monday, 15 August 2022 12:08

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us