ඉන්දු -චීන භූ දේශපාලනය සහ රනිල්ගේ චෙස් Featured

Saturday, 13 August 2022 19:46

චෙස් ක්‍රීඩාව ක්‍රීඩාවේ මූලාරම්බය ඉන්දියාවේ චතුරංග නම් ක්‍රීඩාව ආශ්‍රිත සිදුවූවක් යැයි පැවැසේ. ඒ එක් ජන කතාවකට අනුව, චතුරංග ක්‍රීඩාවේ ආරම්බය සිදු ව ඇත්තේ රාවණා රජ සමය තුළදීය. ඉන්දියාවේ පාලනය කළ එක්තරා රජ පෙළපතක කුමාරවරු දෙදෙනෙක් වූහ.ගෞ සහ ටකාන් එම කුමාරවරුය.

පියරජු මරණයට පත් වු විට රජකම සදහා දෙදෙනාම සිය අභිලාෂය පලකළ බැවින් මව් බිසව ඒ සදහා උපායක් යෙදීය. එය කුමාරවරු අතර දක්ෂතාවය මැන බැලීමේ මිලිටරි පරික්ෂණයකි. කොදේසිය වූයේ කිසිවෙකු මරණයට පත් නොකළයුතු බවයි එහෙත් සටනේදී ටකාන් කුමරු මියගොස් සිටි අතර එය තමා විසින් සිදු නොකළ බව ගෞ පැවසුව ද මව් රැජිණ එය පිළිනොගත් බැවින් පුවරුවක සෙබලුන් ප්‍රතිනිර්මාණය කර එම සටන වූ ආකාරය පෙන්වීමට සිදුවිය. ඒ ආදර්ශය පසුව ක්‍රිඩාවක් ලෙස විකාශනය වූවා යැයි පැවැසේ.

මේ චෙස් ක්‍රීඩාව යුද්ධයක් හා බැඳුනද එක අතකින් එය දේශපාලන ක්‍රීඩාවකි. හරියට ඒ ඒ බලවේග නියමිත තැන ස්ථානගත කර පහරදීම කළ හැකි නම් දේශපාලන ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කළ හැකිය.

අද මේ කලාපය තුළ අමරිකානු හිතවාදීන් සමඟ වන ඉන්දියාව සහ චීනය සිදු කරමින් සිටින්නේ මෙවැනි භූ - දේශපාලනික චෙස් ක්‍රීඩාවකි. ශ්‍රී ලංකාව මෙහි ඉත්තකු වී හෝ සෘජුව මැදිහත්ව නොමැති නමුදු කවර පාර්ශ්වයක ජයග්‍රහණයක් විසින් හෝ එය ඊළඟ වටයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපැවැත්වීම නම් සිදුවිය හැකිය.

එහෙත් ශ්‍රී ලංකාවද දැන් චෙස් ක්‍රීඩාවකට අවතීරණය වී සිටින බව අපගේ තේරුම් ගැනීමයි. එහි අනෙක පාර්ශ්වය වී ඇත්තේ ඉන්දියාව හෝ චීනය පමණක් නොව අමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන්ද වූ සුවිසල් කණ්ඩායමකි. ඔවුනොවුන් අතර ගැ‍ටුමක් තිබුණද ශ්‍රි ලංකාවට සිය භූ - දේශපාලනික සංග්‍රාමය ජය ගන්න වෙන්නේ මේ සියලු පාර්ශ්ව සමඟ සටන් කරමින්ය.

ඒ නිසා මේ ඉන්දු - චීන චෙස් ක්‍රීඩාව දෙස විමසිල්ලෙන් බලන්නට සිදුව තිබේ. අපට මේ දෙපිරිස අදින ඉත්තන් එහෙට මෙහෙට කළ නොහැකිය. එය ඔවුන්ගේ ක්‍රීඩාවකි. එහෙත් ඒ් දෙස විමසිලිමත් වීම මඟින් අපට උගත හැකි දේ තිබේ. එය ඔවුන් සමඟ වන තරගයේදී අපට වාසිදායක වෙනු ඇත.

කොහොමත් දැන් ඉන්දියාව, චීනය , අමරිකාව ප්‍රමුඛ බටහිර සමඟ අපට බේරා ගන්න ගනුදෙනුවක් තිබේ. ඔවුන්ගේ මිතුරු බවත් රැකගෙන ශ්‍රි ලංකාවේ ස්වෛරීභාවය, අභිමානය ‍රැකගෙන මේ ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව තිබේ.

පසුගිය දශක ගනනාවක් පුරා අප මේ ක්‍රීඩාව සිදු කර ඇතත් අද පවතින්නේ එහි උච්චතම අවස්ථාවකි.වට පිටාව උණුසුම්ව තිබේ.

විශේෂයෙන්ම චීනයේ Yuan Wang 5 නම් පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට සේන්දු වීම මත මේ උණුසුම ඇති විය. මෙය ඉන්දියාව චීනය සමඟ වන රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකට එහා ගිය පැතිරුණ ජාත්‍යන්තර ගැටලුවක් දක්වා ගොඩ නැගෙමින් පවතින බවත් වාර්තා වී ඇත. එහෙත් මෙම ගැටළුව මාධ්‍ය විසින් ගොඩනඟන ගැටළුවක් මිසක එවැනි රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් නොවන බවටත් මත පළව තිබේ.

කොහොම නමුත් මේ වන විට එම නෞකාවට මෙරටට පැමිණීමේ අවසරය ලබා දීම සිදු කර ඇතැයිද වර්තා වේ.

ඒ හා සම්බන්ධ පුවතකින් කියවුණේ...

"..ආන්දෝලනාත්මක චීන යුද නැවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සදහා ශ්‍රී ලංකා රජය අවසර ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම අවසරය ශ්‍රී ලංකා රජය ඊයේ දිනයේ දී ලබා දී ඇති බවයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙන්නේ.
ඒ අනුව නැව අගෝස්තු 16 වන දා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට නියමිතය.
චීන යුද නැව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ඇමරිකාව යන දෙපාර්ශ්වයම ඔවුන්ගේ විරෝධය ලංකා රජයට ප්‍රකාශ කර තිබෙන බව පැවසේ.
පසුගිය සදුදා දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඇමරිකානු තානාපතිනිය ද නැව හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා ඇති බව පැවසේ.
කෙසේ වෙතත් ඒ අවස්ථාවේ දී ඇමරිකානු විරෝධයට පැහැදිලි හේතු ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා තානාපතිනියගෙන් ඉල්ලා ඇති බවද පුවත්පත වාර්තා කරයි.
ඉන්දියාව හෝ ඇමරිකාව එසේ පැහැදිලි කරුණු දැන්වීමක් නොකළ බැවින් අවසානයේ දී චීන යුද නැව හම්බන්තොට වරායට භාර ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. නැවට අවසර ලැබුණු බවය."


මෙයට පෙර වාර්තා වූ ආකාරය අනුව චීන නැව මෙරටට පැමිණීමට එරෙහිව ඉන්දියාව හෝ අමරිකාව හෝ ගන්නා තද බල පියවරයන් මොනවා විය හැකිද යන්න ගැන තවම වාර්තා වී නොමැත.

ඉහත කී පුවත මත කල්පනා කළ හැක්කේ ජනාධිපති වික්‍රමසිංහ මෙම ගැටළුව යම් ලෙසකින් උපක්‍රමශීලීව ජයගෙන ඇති බවය.

ශ්‍රී ලංකාව ලෝකය හමුවේ හැමදාම පෙනී සිටියේ නොබැදි රාජ්‍යයක් ලෙසය. හැමදාමත් පත්වන කවර ආණ්ඩුවක් වූවද මෙම නොබැඳි බව නාමිකව හෝ ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් කටයුතු කර ඇත. වරෙක චීනයටත් වරෙක ඉන්දියාවට හෝ අමරිකාවට බටහිරට ගැති ප්‍රතිපත්තීන් වෙත ඇගෑලුම් භාවයන් නිසා ගැටලු ඇතිකරගෙන තිබුණත් නොබැඳි පිළිවෙතෙහි සිටීමට උත්සාහයන් ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට ලෝක දේශපාලනික ධ්‍රැව අතර ගැටුම් හමුවේ එක් පාර්ශ්වයක් ‍තෝර ගැනීම සිදු කළ නොහැක. ලොකයේ වැදගත් සමුද්‍ර ගමන් මාර්ගයක සහ යුධමය වශයෙන් වැදගත් උපාය මාර්ගික පිහිටුමක පවතින දූපත් රාජ්‍යයක් වීම නිසාත් ජාත්‍යන්තර සහසම්බන්ධතා නොමැතිව පැවැත්ම සහතික කර ගැනීමට ඇති අසමත් කමත් නිසාත් ජාත්‍යන්තරය සමඟ හොඳ හිත පවත්වාගෙන යෑම අනිවාර්යයක් වී තිබේ.

රාජපක්ෂ පාලන අධිකාරියය චීනයට හිතවත්ව කටයුතු කිරීම නිසා බටහිර කඳවුරෙන් සහ ඉන්දියාවෙන් අපට එල්ල වූ බලපෑම් එම ආණ්ඩු පෙරළා දැමීම කෙරෙහිද ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ. එසේම චීන කඳවුරද එලෙස කටයුතු කර තිබේ. තව දුරටත් එම බලපෑම් සිදු වෙමින් තිබේ. මෙහිදී රනිල් වික්‍රමසිංහ හැඳින්වෙන්නේ බටහිර ගැත්තකු ලෙසය. රනිල් බලයට පත් කරන්න ඉන්දියව සහ බටහිර විශාල සහයක් ලබා දුන් බවත් කියැවේ.

එහෙත් පසුගිය යහපාලන යුගයේදී රනිල්ගේ බටහිර ගැති භාවය ප්‍රශ්නකාරී විය. ඔහුට චීනය සමඟ ද ඉතා හොඳ ගනුදෙනුවකට යෑමටද හැකි විය. සින්නක්කරේට ලියැවුණු කොළඹ වරාය නගරයේ ඉඩම යළි මෙරට අයිතියට ගෙන ඒ බදු ගිවිසුමකට සීමා කරන්න ඔහුට හැකි විය. හම්බන්තොට වරාය ණය ගෙවීම ගැටලුවක්ව එහි අයිතියද චීනයට හිමිවීමේ අවධානමක් මතුව තිබු අතර ඒ වලක්වමින් එයද බදු ගිවිසුමකට යටත් කර වරායේ අයිතිය මෙරටට සහතික කර ගන්න ලදී..තවත් චීන ව්‍යාපෘති ගනනාවකට එකඟවීම්ද සිදුව තිබිණි.

එහෙත් ඒ අතරම අමරිකාවෙ එම් සී සී ගිවිසුම මෙන්ම අමරිකානු ඉන්දියනු පාර්ශ්වයේම ජපානය සමඟත් ලයිට් රේල්වේ ව්‍යාපෘතිය මෙරට ලබා ගැනීමට හැකිව තිබිණි. වරාය නැගෙනහිර ජැටිය ආයෝජනයද ඉන්දියාවට ලබා දීම සිදුව තිබිණි.

දැන් රනිල් බටහිර ගැත්තෙක්ද චීන ගැත්තෙක්ද කියා හඳුනා ගත නොහැක. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි පසුගිය සමයේදී යුක්‍රේන රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් ඔහු යුක්‍රේනයට පක්ෂපාත වූයේ නැත. යුක්‍රේනය බටහිර උගුලක පැටලුනු බව කියන්නට ඔහුට හැකි විය. ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසුවද ඔහුගේ මෙම පාර්ශ්වික ගැති භාවයන් ප්‍රකට කර නැත. ඔහු අමරිකාව ඉන්දියාව ප්‍රමුඛ බටහිර සමඟ මත ගැටුම් ඇති කරගත්තා සේම ඒ සම්බන්ධතා වැඩි දියුණු කරගැනිමට සමත් විය.

ඔහු ජනාධිපති පදවියට පත් වීමේදී පළමු සුබ පතුම ලැබුනේ චීනයෙනි. ඔහුගේ පළමු විදෙස් සංචාරයද චීනයට බව වාර්තා වී තිබේ. එමෙන්ම ඔහුට සුබ පැතූ මුල්ම රාජ්‍ය නායකයන් තුන් හතර දෙනා අතර චීන පිළෙහිම මිතුරකු වන රුසියාවේ පුටින්ද විය. ඉන්දියාව සහ අමරිකාවත් ඒ අතර විය.මෙරට අර්බුද හමුවේ ඉන්දියාව දිගින් දිගටම මෙරටට ආධාර කරමින්ද තිබේ.

බටහිර ගැතියැයි කියන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව වැනි ආයතන රනිල් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. යුරෝපා සංගමය ද සිය සහය ජනාධිපතිවරයාට ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි.

දැන් රනිල් කවර පාර්ශ්වයක නියෝජිතයෙක් හෝ ගැත්තකු නම් මෙලෙස පසමිතුරු කඳවුරු දෙකේම සහයෝගය ලබාගැනීම තේරුම් ගන්නේ කෙසේද?

රාජ්‍යයන් එක් එක් විදේශ බලපෑම් වලට යටත් වී අවසානයේ සියල්ල විනාශ කර ගන්නා තැනට තල්ලු වන්නේ රටේ ආර්ථිකය දේශපලනය දුර්වල වී යන එනමන් නැති වූ විටය. පසුගිය රාජපක්ෂ පාලනය ලංකාව තල්ලු කළේ එවැනි දිශාවකටය. එහෙත් එය අද වැලැකී ඇත්තේ ඒ හරහා වැටුණු මහා බාධකයක් නිසාය. ඒ බාධකය වූයේ ජනාධිපති රනිල්ගේ විශිෂ්ට රාජතාන්ත්‍රික භාවයය.

ඔහුගේ ජාතන්තර සම්බන්ධතා, ඔහුට ජාත්‍යන්තරය තුළ ඇති පිළිගැනීම ඔහුගේ දේශපාලන පරිචය.. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින කලාපයේ බලවත්ම නායකත්ව පෞර්ශයයක් පෙන්වා තිබීම ආදිය හමුවේ ඔහුට එරෙහිව ලෝකයේ බලවත්ම රාජ්‍යකට හෝ ඇඟිල්ල දිගු කිරීමට ලෙහෙසි නොවන බව පසුගිය මාසය තුළ ඔහු විසින් පෙන්වා දී තිබිණි.

බලවත් අමරිකාවෙන් සහ ඊට පක්ෂපාත ජාත්‍යන්තර ආයතන වලින් එල්ල වෙමින් පැවැති මානව හිමිකම් සම්බන්ධ චෝදනා තුට්‍ටුවකට ගනන් නොගෙන ඔවුන්ව පෙරළා ප්‍රශ්න කරන්න තරම් ඔහු ශක්තිමත් විය. චීන නැව සම්බන්ධයෙන්ද අමරිකාවේ ඉන්දීයාවේ බාධා කිරීම් අවසන් කළේ ඔවුන්ව නිරුත්තර කරමිනි. නමුත් බොරු චණ්ඩි පාට් දමමින් තරහ කරගැනීමෙන් නොවේ.

රනිල් කියන්නෙ මෙරට ඉතිහාසයේ බිහිවූ දක්ෂතම රාජ්‍ය තාන්ත්‍රිකයා බව ඔහු මැත දශකය තුළ ඉහලින්ම පෙන්වා තිබෙන ගුණයකි. රාජපක්ෂ සමයේදී යුධ අපරාධ චෝදනා එල්ල කරමින් රටට සම්බාධක දැමීමට සහ යුද අපරාධ චෝදනා මත මෙරට හිටපු පාලකයන් ,ආරක්ෂ අංශ ප්‍රධානින් දඩයම් කිරීමට තිබූ අවස්ථා වලින් රට බේරා ගත්තේ රටේ අභ්‍යයන්තර ප්‍රශන් රට තුළ බේරා ගැනීමට ඇති අයිතිය රැක ගනිමිනි. එවකට විදේශ ඇමැති මංගල සමරවීර සහ අගමැති රනිල් ජාත්‍යන්තරය අති විශිෂ්ට ලෙස කලමණාකරණය කර ගත්තේ ඒ කිසිදු බලවේගයකට රටේ කටයුතු වලට ඇඟිලි ගැසීමට ඉඩක් නොතබාය.

රටේ දේශපාලන චෙස් ක්‍රීඩාවේදී මෙන්ම කලාපයේ භූ දේශපාලනික චෙස් ක්‍රීඩාවේදීත් රනිල් වික්‍රමසිංහ කියන්නේ විශිෂ්ටයකු බව චීන නැව පිළිබඳ ප්‍රශ්නය විසඳා ගත් ආකාරයෙන් ඔහු පෙන්වා ඇත.

 

-SJ

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us