රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා ඉක්මනින් යවන්න සැලසුම් කෙරේ  

Published in පුවත්
Friday, 19 August 2022 14:50

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ, විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගිය දා පැවති සාකච්ඡාවේදී ය.

එහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන් ම තව ත් කරුණු 6ක් පිළිබඳව සාකච්ඡා කර ඇත.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින්, විදේශ මුදල් ප්‍රේෂණය කිරීමට අනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ රුපියල් ගිණුමක් භාවිත කිරීමට අවසර ලබා දීම, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ලැබෙන පරිදි හා ගෙවීමට ඇති බැංකු ණය වාරික පියවීම සඳහා එම ගිණුම් සම්බන්ධ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් වී තිබේ.

මුදල් ප්‍රේෂණය කිරීම අවම වශයෙන් මාස 3කට වරක් සිදු කිරීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මගින් හැකියාව තිබෙන අතර මෙරටදී මුදල් හර කිරීමට හැකිවන පරිදි රාජ්‍ය නිලධාරියාගේ නමින් ගිණුමක් විවෘත කිරීමට, හවුල් ගිණුමක් විවෘත කිරීමට හෝ මුදල් එවීම සඳහා ගිණුමක් නම් කිරීමට ද අවසර ලබා දී ඇත.

අයැදුම් කර ඇති රාජ්‍ය සේවකයින් සඳහා කඩිනමින් විදේශ රැකියා අවස්ථා සොයා ගැනීම හා අයැදුම්පත් අදාළ පාර්ශ්ව වෙත යොමු කිරීම මගින් විභවයක් පවතින විදේශ රැකියා ඛාණ්ඩ හඳුනා ගැනීම හා ඉලක්කගත කණ්ඩායම් සඳහා දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කර තිබේ.

රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඵලදායි ලෙස විදේශගත කිරීමේ වැඩසටහන යට‍තේ පුළුල් ආවරණයක් සිදු කිරීම මගින් ඔවුන් විදේශ ශිෂ්‍යත්ව හරහා විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීම දිරිමත් කිරීමට ද එම සාකච්ඡාවේදී සැලසුම් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us