'රනිල් රට ගොඩදායි'... ජන මතය නැවතිලා තියෙන තැන Featured

Sunday, 21 August 2022 10:30

ගාළු මුවදොර අරගලයේ ජන බලය නුගේගොඩට ඊයේ (20) ඇවිත් තිබේ. මේ ජන බලය දැන් ඉල්ලා සිටින්නෙ මහ මැතිවරණයකි. ඒ පාර්ලිමේන්තුවේ සංයුතිය වර්තමානයේ ජන මතය නියෝජනය කරන්නෙ නැතැයි කියමිනි. ඒ නිසා අද තියෙන ජන මතයට ඉඩ දෙන්න මහ මැතිවරණයක් තැබිය යුතුය යන්න ස්ථානීය මාරුවක් ලබා ගෙන තිබෙන අරගලයේ මතය වී තිබේ.

දැන් මේ අරගලයේ ජන බලය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජන බලයය. එය නුගේගොඩට එකතු වූ දෙතුන් දහසක ජවිපෙ සාමාජිකයන්ගෙන් මූර්තිමත් වන බව ජවිපෙ හඟවයි.

කොහොම වූවත් දැන් ජවිපෙ අලුත් ජනවරමක් ඉල්ලා සිටින්නේ රට මුහුණ දී තිබෙන අර්බුදයයන් දඩමීමා කරගෙනය. ඒ අර්බූදයන් විසඳන්න නම් අලුත් ජනවරමක් අවශ්‍ය බවයි ඔවුන්ගේ මතය.

අලුත් ජනවරමකින් අර්බුදය විස‍ඳෙන්නේ කොහොමද යන්න පැහැදිලි නැත. ජවිපෙ එය පැහැදිලි කරන්නේ ද නැත. අර්බුදය විසඳන්නා මාරු කිරීමෙන් අර්බුදය විසඳෙන ක්‍රමය හෝ විසඳුම වෙනස් වෙනු ඇතැයි ජවිපෙ සමහර විට කල්පනා කරනවා විය හැකිය.

හරියටම මීට පෙර ජවිපෙ නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනි හරිනි අමරසූරිය පසුගියදාක කියා සිටි පරිදි ගෝඨා ගෝ හෝම් අරගලයෙන් පසුව ගෝඨා එළවා දමා ඊළඟ කරන්නෙ කුමක්ද යන ගැන කිසිවකුට අවබෝධයන් නොතිබුණා මෙන්ම ඊට පසු ඇතිවූ තත්වයට මුහුණ දීමට අරගලයට නොහැකි විය. අරගලය නන්නත්තාර විය. අරගලයේ ජන බලය නුගේගොඩට කියා ජවිපෙට මහ හයියෙන් කියන්න පුළුවන් වී ඇත්තේත් ඒ නිසාය.

ඒ අනුව අලුත් ජනවරමකින් අර්බුදය විසඳෙන්නේ කොහොම ද කියා අවබෝධයක් කිසිවකුට නැති තත්වයක මැතිවරණක් යනු රටම බරපතල අවදානමක් බාර ගැනීමකි. මැතිවරණක අවසානය ඛේදවාචකයක් විය හැකිය.

කොහොම නමුත් ජනවරමක් ඉල්ලන ජවිපෙට අර්බුදය විසැඳීමට ඇති විසඳුම මොනවාද කියන එක පැහැදිලිය. ජවිපෙ නායකයා තමන්ට මාස6 කින් රට ගොඩදාන්න පුළුවන් කියා ප්‍රකාශයක් ටික කලකට පෙර යාපනයේදී කියා තිබිණි. එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ඒ රට ගොඩ දාන හැටි කියන්නැයි ජවිපෙ නායක අනුරගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී අනුර කිවේ මාස 6න් රට ගොඩ දාන්න පුළුවන් කියා තමන් නොකීව බවය. ඔහු කිවේ තෙල් ගෑස් පොහොර ආදිය ගෙන්වා දී රට සාමාන්‍ය තත්වයට පත් කිරීම පමණක් මේ මාස 6 ට කළ හැකි බවය. පස්සේ මැතිවරණයකට ගිහින් අලුත් ජනවරමකට අවස්ථාව දෙන බවය. එනම් ඉන් පස්සේ බලයට පත්වන කවුරු හෝ රටේ ප්‍රශ්න ඒ අයට කැමැති හැටියකට විසඳාගන්නා බව අනුරගේ පිළිතුරේ සාරාංශයය..

රනිල් ජනපති වී මාසයක කාලයක් තුළ අනුරට මාස 6 ක් ඔනේය කියපු වැඩේ කර හමාරය. රට සාමාන්‍ය තත්වයෙන් ඉදිරියට දැන් ගමන් ආරම්භ කර තිබේ. තෙල් ගෑස් ආදී සරළ ගැටළු වලින් ඔබ්බට ගොස් මේ වන විට රට හමුවේ වන සංකීර්ණ අර්බුදයයන් විසඳා ගැනීම වෙනුවෙන් රනිල් ඔහුගේ වැඩ පිළිවෙලත් ක්‍රියාවට නගා ඇත.

මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය යහපත් අතට හැරෙමින් තිබෙන බවට සහතික කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා සාර්ථකව ඉදිරියට ඇදෙමින් පවතින අතර මෙරටෙන් ඔවුන් බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා සමඟ එකඟ වූ වහාම මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබෙනු ඇත. ඒ හරහා මෙරට ආර්ථික අර්බුදය මුළුමනින් නොවිසඳුනත් ඒ විසඳා ගැනීමේ මාර්ගයට පිවිසීමේ පහසුවක් ලැබෙනු ඇත.

කොහොම නමුත් අර්බුදය විසඳා ගැනීමට රජයට ගැනීමට සිදුවෙන අසීරු ජනප්‍රිය නොවන තීන්දු තීරණ සමඟ පුරවැසි ජනතාවට ත්වදුරටත් යම් කැපකිරීමක් කරමින් කාලයක් ගත කරන්න සිදු වීමත් වෙනු ඇත. දැනට ජාත්‍යන්තර මට්ටමින් පුරෝකතනය කර තිබෙන එළැඹෙන නොවැම්බරයෙන් පසු වසරක පමණ කාලයක් පවතිනු ඇතැයි කියන ලෝක ආර්ථික අර්බුදයක නරක ප්‍රථිපළද මෙරටට බුක්ති විඳීමට සිදු වෙනු ඇත.

කොහොම නමුත් මේ අර්බුද සියල්ල සාමුහිකව සාකච්ඡාවෙන් ,සම්මුතියෙන්, සාමකාමිව, විසඳා ගැනිමේ අවශ්‍යතාවය දැඩිව තිබුණත් ජවිපෙ මෙන්ම සජබයද ඊට හරස්ව එම අවස්ථාවන් ඇති නොවීමට මේ මොහොතේ කටයුතු කරමින් සිටී.එම සිදුකරමින් සිටින දේශපාලන මෙහෙයුම් තුළින් ඔවුන් බලාපොරොත්තු වන ජයග්‍රහණය කුමක්ද යන්න සාම්ප්‍රදායික පටු පාක්ෂික දේශපාලන භාවිතාව ගැන දන්නා කියන කිසිවකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

මේ ජවිපෙ,සජබය මෙන්ම පොහොට්‍ටුවෙන් ස්වාධීන යැයි කියන ඩලස් කණ්ඩායමද කරන්නේ සාම්ප්‍රදායික තක්කඩි වැඩය. මෙය රට මුහුණ දී තිබෙන අර්බුදයට මුවා වී තමන්ගේ හුදු පැවැත්ම හෝ ගොඩ වැඩිකර ගැනීම වෙනුවෙන් උපක්‍රම තේරීමක් පමණි. මන්ද කලින් සඳහන් කළ පරිදි අලුත් ජනවරමකින් මේ අර්බුද විසදෙන්නේ කොහොමදැයි මේ කිසිවකුටත් ස්ථිර සාර අදහසක් නැති බැවිනි.

ජනවරමක් කියන්නෙ නිශ්චිතව පෙනෙන්නට තිබෙන දෙයක් නොවේ. එය තීරණය වන්නේ මහ මැතිවරණයක ප්‍රතිපලයෙනි. ඒ අනුව සිදුවිය හැක්කේ කුමක්ද යන්න ගැන දේශපාලන අනාවැකියක්වත් නිවැරදිව පැවැසිය නොහැක. ජවිපෙ සජබය හෝ ඩලස් කණ්ඩායම් යම් ලෙසකින් හෝ හිතනවා නම් මහ මැතිවරණයකින් තමන්ට බහුතර බලයක් ලැබී ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමට හැකි බව ඔවුන්ගේ දේශපාලනයේ දියුණු බව, පරිණත බව, අත්දැකීම් සහිත බව ගැන හිතා ගත හැකිය.

අද පාර්ලිමේන්තුව නියෝජන වන පක්ෂ සංයුතිය අනුව පොහොට්‍ටුව බහුතරය හොබවයි. දෙවනුව සජබය දෙවන වැඩිම බහුතරයයි. ජවිපෙට ඇත්තේ ආසන 3 කි. ඒ ජනවරමක් අනුව ලැබුණු තත්වයකි.

ඉදිරි මහ මැතිවරණයකදී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා දැනට නියෝජනය නොකරණ දේශපාලන කණ්ඩයම් කවර ආකාරයකින් ඊට මුහුණ දෙයිද යන්න ගැන හෝ මේ මොහොතේ අදහසක් දැරීමට නොහැක.

පොහොට්‍ටු කණ්ඩායම සිටින්නේ තමන්ගේ උත්තරීතර නායකත්වය වන රාජපක්ෂ පවුලෙන් වියුක්තව ඉදිරියේදී දේශපාලනයෙහි යෙදෙන හැටි ගැන බියකරු සිහිනයකය. රාජපක්ෂලාට නැවත රටේ ජනතාව හමුවට පැමිණිමත් ප්‍රශ්නයක්ව තිබේ. ඒ තත්වයන් හමුවේ දැනටත් කැබලි වී සිටින පොහොට්‍ටුව තවත් කැබලි වීම හෝ වෙන වෙනම සන්ධාන ගතවීම් හෝ වෙනු ඇත. සජබයද කොටස් කිහිපයකි. ඒ අයත් මහ මැතිවරණයකදී කවර තීරණක් ගන්නේ දැයි තවම කිව නොහැක. ජවිපෙ තනියම ඉල්ලයිද නැතිනම් තවත් සන්ධානයකට එකතු වේ දැයිද දැනට ඉඟියක්වත් නැත.

දෙමළ හා මුස්ලිම් ජන නියෝජනයක් සහිත පක්ෂ ගන්නා තීරණයද කිව නොහැක. එසේම දැනට එක ආසනයක්ට සීමා වී සිටින එජාපය කවර භූමිකාවක් රඟ දක්වනු ඇතිදැයිද කිව නොහැක.

එහෙත් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සාර්ථකත්වය අනුව එජාපය ඉදිරියට විශාල පිම්මක් පන්නු ඇති බවට උපකල්පනයක සිටිය හැකිය. එජාපය මූලික වී අනෙක් පක්ෂ හෝ ඒ කණ්ඩායම් සමඟ හෝ දේශපාලන සන්ධානයක් හරහා මහ මැතිවරණයට ඉදිරිපත් වීම සිදු වුවහොත් ආණ්ඩු බලය වුව ලබා ගැනිමේ හැකියාවක් තිබේ.

කොහොම නමුත් කල්පනා කළ හැකිව තිබෙන එකම දේ එජාපය සමඟ සන්ධාන ගත වන කණ්ඩායමකට ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමේ ඉඩක් නිර්මාණය වෙමින් තිබෙන බව පමණකි.

රනිල්ගේ නායකත්වය පිළිගන්නා විශාල පිරිසක් දැන්ටමත් පාර්ලිමේන්තුව තුළ සිටී.. විපක්ෂ නායක සජිත්ගේ නායකත්වයේ දුර්වලතාවය සහ විසුළුකාරී දේශපාලන භාවිතය සමඟ ඔහුගේ නායකත්ව පිළිගත හැකිවන්නේ සජිත් මෙන්ම ගොබ්බ දේශපාලන භාවිතයක් ඇති ඉතා සුළු පිරිසකට පමණක් වෙනු ඇත.

ජවිපෙ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින් ඔවුන්ගේ මන්ත්‍රීන් තිදෙනා හැරුණු කොට වෙනත් පක්ෂයක මන්ත්‍රීන් තමන්ගේ සන්ධානයකට එකතු කරගැනීම කිසිසේත්ම නොකරනු ඇත. ජවිපෙ සිතා සිටින්නේ බහුතර ජනතාව ජවිපෙ දේශපාලන මතය ප්‍රතිපත්තීන් වැඩ පිළිවෙල පිළිගෙන තමන්ට ශුද්ධ වූ පූජනීය වූඡන්දයක් දී ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමට අවස්ථාව දෙනු ඇති බව විය හැකිය.

වත්මන් අර්බුදය හමුවේ ජවිපෙට දෙන්න විසඳුම් නැති කළ, ජනතාව ඒ වටා එකතු වන්නේ යැයි කියන සිතුවිල්ල ජවිපෙ නායකයන්ට එන්නේ කොහොමදැයි පැහැදිලි නැතත් කොහොමත් ජවිපෙ හැමදාම සිටියේ තමන් ගැන අධි තක්සේරුවකය.

ජවිපෙ අරගලය තමන්ගේ නමට ලියා ගන්න උත්සහ කළද ඒ අරගලය තුළ සිටියේ ජවිපෙ සාමාජිකයන් හෝ ඊට පක්ෂපාත හිතවත් ජනතාවක් නොවන බවත් පැහැදිලිය. ඊයේ නුගේගොඩ රැලියට 2019 පෙර පැවැති ජවිපෙ රැලියකට සහභාගී නොවුණු කිසිවකු හෝ සම්බන්ධ වී සිටියාද යන්නත් සැක සහිතය.

මේ නිසා ජවිපෙ සියයට 5 සීමාව ඉක්මවා යන්නට සාධාරණ හේතුවක් පෙනෙන්නට නම් නැත. සමාජ ජාල තුළ ජවිපෙ රැල්ලක් නිර්මාණය වී තිබෙන බවට ප්‍රචාරක කටයුත්තක් පෙනෙන්නට තිබුණත් ඒ් රැලිවල ව්‍යාජත්වය මැතිවරණ ප්‍රතිපල වලින් මීට පෙර හැම අවස්ථාවක්දීම පෙන්වා ඇත. එය මෙවර වෙනස් වන්නට තරම් ඇත්ත රැල්ලක් මහ පොළොවේ නැති බවත් පැහැදිලිය.

අද ‍රැල්ලක් ඇතිව තිබෙන්නේ 'රනිල් රට ගොඩදායි' කියන විශ්වාසයටය. එහිදී රනිල් සාර්ථක වෙයිද නැද්ද යන්න ගැන අනාවැකි කිව නොහැකි නමුත් අද තිබෙන ඇත්ත තත්වය එයය.

කොහොම නමුත් ජවිපෙ ඉල්ලන මහ මැතිවරණයට යෑමට පෙර අනුර තමන්ට ඉල්ලූ මාස 06 වත් රනිල්ට දිය යුතුය. එය අඩුම තරමින් සදාචාරාත්මක භාවිතයකි.

රනිල් කියන්නේ අනුර මෙන් මැජික් ගැන කියවන්නෙකු නොවන අතර මහ පොළොවේ යථාර්තය දන්නා ප්‍රායෝගික දේශපාලනඥයෙකි. ඔහුට වැඩ කරන්න අවශ්‍ය කාලය ඒ නිසා ලැබිය යුතුය.

ඉන් පසුව ජවිපෙට තමන්ට තිබෙන ජනවරමේ ප්‍රමාණය මැන ගත හැකිය.

_SJ

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us