subash

subash

 රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් සඳහා කළ ආරාධනාව ප්‍රතික්ශේප කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමුකර තිබිණි. එම ලිපියට පිළිතුරක් මේ වන විට ජවිපෙ නායකයා විසින්ද ජනාධිපතිවරයාට යොමු කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඒකාබද්ධ කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ වැඩපිළිවෙලක් නිර්මාණය කර, රට මෙම මොහොතේ මුහුණ දෙන අර්බුදයයන්ගෙන් මුදවා ගැනීම සඳහා සාමුහික උත්සාහයක් ගත යුතු බවට යෝජනාව පසුගිය කාලය පුරාම සිදු කරමින් සිටියේය. ඒ අනුව එම සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් වෙත ලිඛිතවම ඒ දැනුම් දීමටද කටයුතු කර සිටියේය.

පාර්ලිමේන්තුවට ජනතාව විසින් ම පත් කළ නියෝජිතයන් පිස්සු කෙළින නිසා ජනතාවට ඒ බලය කෙළින්ම ලබා දිය යුතු බවට සංවාදයක් මතු ව තිබේ. හරි හමන් නියෝජිතයෙකු පත් කර ගන්නට නොහැකි ජනතාවක් තමන් විසින් ම තීන්දු ගැනීමේ දී නිවැරදි තීන්දු ගන්නේ කෙසේ දැයි යන මූලික ප්‍රශ්නය මොහොතකට පැත්තකින් තබා සිදු විය හැකි දේ කුමක් ද යන්න දෙස බලමු.

තමන් සතුව විදුලිය නිපදවන එකදු බලාගාරයක් හෝ නොමැති ලංකා විදුලි සමාගම සිය පාරිභෝගිකයින් වෙනුවෙන් විදුලිය මිලදී ගන්නේ ලංකා විදුලි බල මණ්ඩලයෙනි. එසේ මිලදී ගත් විදුලිය සිය පාරිභෝගිකයන් වෙත නැවත විකුණා එම සමාගම 2020 වසරේදී රුපියල් බිලියන 2.6 ක්, 2021 වසරේදී ලබාගෙන තිබෙන ලාබය රුපියල් බිලියන 2.7 ක් පමණ වන බව වාර්තා වී ඇත.විදුලි බල සමාගම සිය සේවා සපයනේ බස්නාහිර පළාත, ගාල්ල දිස්ත්‍රික්කය වැනි සීමාසහිත ප්‍රදේශ කිහිපයකට පමණි.

එළඹෙන 15 වනදා සිට තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරි වසර 5ක කාලය තුළ ශ්‍රමිකයන් 345,150 දෙනකු සඳහා ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබෙන අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

සංශෝධිත මගී බස් ගාස්තු අගෝස්තු 9 අඟහරුවාදා සිට ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ දෙකෙහිම ප්‍රදර්ශනය කළ යුතු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පවසයි.

බත් පැකට්ටුවක මිල 10% ත් 15% ත් අතර අගයකින් අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙයි.

ගෑස් මිළ අඩුවීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

මීට අමතරව ප්ලේන්ටියක් සඳහා ද රුපියල් 30ක ස්ථීර මිලක් නියම කිරීමට තීරණය කර ඇති බව ද ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියි

කෙසේ වෙතත් බේකරි නිෂ්පාදන වල මිළ අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරනු ලැබ ඇත.

Connet With Us