subash

subash

ශ්‍රී ලංකාවට ණය ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (සැප්. 1) දිනයේ නිල ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින්, මෙරට තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා සිය ප්‍රාග්ධනය යෙදවීමට අරමුණු කරන පෞද්ගලික අංශය වෙත අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් 'තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ආයෝජක සිතියම' පසුගිය දා එළිදැක්වීය.

මොන ටැප් එක ඇරියත් ගලා එන්නේ කුණුවතුර බැවින් තම ව්‍යාපාරයත් කුණුවතුර එන ටැප් එකක් විවෘත කර පලක් නැති බවත් සැප්තැම්බර් පළමුවැනිදා සිට විපක්ෂයේ අසුන් ගන්නා පිරිස දක්ෂිණාංශිකයන්,වාමාංශිකයන්,මැද මාවත නියෝජනය කරන්නන් ආදී සියල්ලන්ගෙන් සුසැදි කණ්ඩායමක් නිසා සමබර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැඩිම හැකියාව ඇත්තේ තම කණ්ඩායමට බව පා.ම ඩිලාන් පෙරේරා පවසයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින IMF නියෝජිත පිරිස මෙරටට විස්තීරණ ණය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්ථා වේ. දීර්ගකාලයක් මුළුල්ලේ පැවැති මෙම සාකච්ඡා සාර්ථක වීම මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදයයන් ජය ගැනීම වෙනුවෙන් වන වැදගත්ම සංධිස්ථානයක් වෙනු ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග හදිසි ණය ප්‍රදානයක් සම්බන්ධයෙන් මූලික, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනනාවක් බලාපොරොත්තු තබාගෙන සිටියේ රනිල්ට එරෙහිව විශාල උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළැඹීමටය.

ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කෙරෙන පරිදි සංශෝධන සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ඉදිරිපත් කරුණු ,ලැබු අය වැය යෝජනා තාක්ෂණික කරුණු ඇතුළත්ව පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන රාජ්‍ය මූල්‍ය උපක්‍රම සඳහන් අයවැයක් බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අධ්‍යාපනය පැත්තෙන් වැඩි අවධානයක් යොමුකරලා තිබෙනවා.

විදේශික සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය කිරීමට අවස්ථාව උදා කර තිබෙනවා .ඒකට අපි විරුද්ධ වෙන්නේ නෑ. එත්, විදේශීය සිසුන්ට පහසුකම් සැපයීමට පෙර මෙරට සිසුන්ට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි.''යයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Connet With Us