ශ්‍රී ලංකාවට ණය ලබා දීම ගැන IMF නිල ප්‍රකාශය අද

Published in පුවත්
Thursday, 01 September 2022 08:41

ශ්‍රී ලංකාවට ණය ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (සැප්. 1) දිනයේ නිල ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත ය.

ඒ සඳහා, අද පෙරවරු 11.00 ශ්‍රී ලංකා මහ බැංකුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ එහි මෙරට දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි සහභාගි වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග හදිසි ණය ප්‍රදානයක් සම්බන්ධයෙන් මූලික එකඟතාවකට පැමිණ ඇතැයි ඊයේ (අගෝ. 31) රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, කොපමණ මූල්‍යධාරයක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති ද යන්න එහි සඳහන් කර නොතිබුණු නමුත් එම ප්‍රවෘත්තියත් සමග මෙරට ඩොලර් බැඳුම්කර මාස දෙකකට පසු ඉහළ මට්ටමක අගයක් වාර්තා කරමින් සිටින බව සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල සාකච්ඡා සඳහා අගෝ. 24 වන දා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඊයේ (අගෝ. 31) දින‍යේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත්, බලධාරීන් සමග තවමත් සාකච්ඡා පැවැත්වෙන බැවින් එම කාලය එක් දිනකින් දීර්ඝ කිරීමට පියවර ගත් බව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ ය.

දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය සමග පොරබදමින් සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍යධාරයක් බලාපොරොත්තුවෙන් සිටියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us