මෙය සීනිබෝල අයවැයක් නොවේ - බන්දුල

Published in පුවත්
Wednesday, 31 August 2022 10:35

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ඉදිරිපත් කරුණු ,ලැබු අය වැය යෝජනා තාක්ෂණික කරුණු ඇතුළත්ව පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන රාජ්‍ය මූල්‍ය උපක්‍රම සඳහන් අයවැයක් බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

" ඉතාම අවදානම් සහිත අවස්ථාවක ඉදිරිපත් කරන අයවැයක් ලෙස මේ අයවැය හඳුන්වන්න පුළුවන්. රටක් ලෙස රට බේරා ගැනීම සඳහා වන අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. පීඩාවට පත් වන ජනතාවට සහන ලබා දීමේ අරමුණෙන් මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා. පනත් රැසක් සංශෝධනය වෙනවා.

සීනිබෝල අයවැයක් නොවේ මේක. තාක්ෂණික කරුණු ඇතුළත්ව පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන රාජ්‍ය මූල්‍ය උපක්‍රම සඳහන් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සංශෝධනය කරනවා. ඉදිරි වසර දෙක තුනක් ගත වන තෙක් ප්‍රාථමික ගිණුමේවත් අතිරික්තයක් ඇති කර ගැනීමට පුළුවන් තත්ත්වයක් නැහැ. රජයේ සේවාවේ වැටුප් ගෙවීම, සහනාධාර දීම යනාදිය වෙනුවෙන් අර්බුදයක් පවතින මේ අවස්ථාවේදී පිළියම් 4 ක් තිබෙනවා. ඒ පිළියම් හතරට අදාළව අයවැය ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ ආදායම වැඩි කර ගැනීම, රජයේ වියදම් හැකිතාක් අඩු කර ගැනීම, රට තුළට ගලා එන විදේශ ආදායම් වැඩි කර ගැනීම, රටින් පිටට ගලා යන විදේශ විදයම් ප්‍රමාණය අඩු කර ගැනීම යනාදි අරමුණු අනුව ඉදිරි කාලය තුළදී රුපියල් බිලියන 3 ක්වත් වැඩි කර ගැනීමට කටයුතු කරන්නේ නැත්නම් රට ගොඩගන්න නොහැකි වෙනවා. ඒකට අදාළ අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. විශ්ව විද්‍යාල සහ වෙනත් ව්‍යවසායක ක්ෂේත්‍රවල ප්‍රබුද්ධ සංවාදයක් ඇති වෙයි කියලා මම හිතනවා.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us