ඇය මෙසේ පැවසුවේ ආණ්ඩුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත්කළ අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
කෙසේවුවද ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බව ඇය පැවසුවාය.
හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය තවදුරටත් මෙසේද සඳහන් කළාය.
''මාස හයකට පෙර ගත් තීරණ ආණ්ඩුව දැන් වෙනස් කරනවා. යෝජනා ක්‍රියාවට නැංවීමට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුයි. මේක අටවා ගත්තු ආණ්ඩුවක්. ආණ්ඩුවේ අයවැය කතාවට ඉදිරිපත්වී ඇත්තේ සීතල ප්‍රතිචාර .
ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්ථාවර ආණ්ඩුවක් නොමැතිවීමයි. පසුගිය ආණ්ඩුව සුපුරුදු පරිදි ඉදිරිපත් කළ දේවල් තමයි මේ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නේ.''
(lankadeepa.lk)

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														