IMF සාකච්ඡා සාර්ථකයි. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණෙයි !

Published in පුවත්
Wednesday, 31 August 2022 13:40

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග හදිසි ණය ප්‍රදානයක් සම්බන්ධයෙන් මූලික, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කළේ, ඊට අදාළ නිල නිවේදනය හෙට (සැප්. 1) නිකුත් කිරීමට ඉඩ ඇති බව ය.

දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය සමග පොරබදමින් සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3ක් දක්වා මූල්‍යධාරයක් ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශකයින් අදහස් දැක්වීම සඳහා වූ ඉල්ලීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූයේ නැතැයි රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us