රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඇරැඹේ.  

Published in පුවත්
Tuesday, 06 September 2022 12:51

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් පිහිටුවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ මෙම ඒකකය ස්ථාපිත කිරීමට නියමිතය.

කාර්යසාධනය සතුටුදායක මට්ටමක නොපවතින රාජ්‍ය ව්‍යාපාරවලින් මහාභාණ්ඩාගාරය වෙත පැවරී ඇති මූල්‍ය බර අවම කරගැනීම සඳහා වන ක්‍රම හඳුනාගැනීමත්, රජය සතු ව්‍යවසායන්හි සමස්ත කාර්යසාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සහ සහාය වීමත් මෙම ඒකකය පිහිටුවීමේ අරමුණු වී ඇත.

මෙලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි මූලිකවම හඳුනා ගත් රාජ්‍ය ආයතන 39 ක් පවතින බව වාර්තා වී ඇත. පසුගිය අතුරු අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ද ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ කරුණු අවධාරණය කර තිබිණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට සහය වීම වෙනුවෙන් මෙරට ආර්ථිකයේ ඇති විය යුතු අනිවාර්ය වෙනස්කම් වලදී රජයට බරක්ව පවතින මෙම පාඩු ලබන ආයතන වලින් රජය නිදහස්වීම අවධාරණය කර තිබෙන බවත් වාර්තා විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us