එම පුවත් මෙසේය..
// ගෑස් ගන්න ලෝක බැංකුවෙන් දුන් ආධාර මුදලින් කෝටි 130ක් හොරකම් කරලා…
September 12, 2022 at 10:00 am | lanka C news
ගෑස් ගන්න ලෝක බැංකුවෙන් දුන් ආධාර මුදලින් කෝටි 130ක් හොරකම් කරලා…
මෙරට පැවති දැවැන්ත ගෑස් හිගය සමනය කර ගැනීමට ලෝක බැංකුවෙන් ලබා දුන් ආධාරයෙන් රුපියල් කෝටි 130 ක මුදලක් එක්තරා පිරිසක් විසින් ගසා කා ඇතැයි හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සදහන් කරයි.
ඩොලර්ට 36කට ගැනීමට තිබූ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 129කට මිලදී ගැනීමට ගැසූ ගිවිසුම හේතුවෙන් මෙම වංචාව සිදුව ඇතැයි ද හෙතෙම පැවසීය.
රට අමාරුවේ වැටුණු අවස්ථාවේ ලෝක බැංකුවෙන් දුන් ආධාර මුදලත් ගසාගෙන කන තැනට එම කණ්ඩායම පත්ව ඇතැයි ද පැවසූ ඔහු මෙම මුදල ගත්තේ කවුද බෙදුවේ කාටද යන්න අහිංසක ජනතාව නොදන්නා බවද පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මහනුවරදී පැවති ‘නිදහස් ජනතා සභාව’ අමතමිනි.//
මහාචාර්යවරයා එය මේ ලෙසම සඳහන් කර ඇති බවට දැනට සැකයක් නැත. මන්ද මේ පුවතෙහි ඇති බොරුව ප්‍රතික්ෂේප කිරීමක් හෝ නිවැරදි කිරීමක් කර ඇති බව දැන ගැනීමට නොමැති නිසාය.
මේ ගෑස් ටෙන්ඩරය ගැන අග මුල මැද සහිත සම්පූර්ණ සත්‍ය කතාව මහාචාර්ය වරයා ඉතා හොඳාකාරව දන්නා බව අප දනිමු. කොප් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මේ ගනු දෙනුවට අදාල සියලු පාර්ශ්ව කැඳවා , අදාල ලියකියවිලි ගෙන්වා ගෙන විමර්ශනයක යෙදුනේ ඔහු ඇතුලු කණ්ඩායමය. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදන නිකුත් කිරීම සහ පාර්ලිමේන්තුවට වාර්තාව සැකසෙන්නේ ඔහුගෙ අනුමැතිය යටතේය.
හැබැයි එදා කෝප් කමිටු වාර්තාවෙන් කිව් කතාවට වඩා මේ දේශපාලන වේදිකාවේදි කිව්ව කතාව පරස්පරය. මේ පුවතේ සඳහන් සංඛ්‍යා දත්ත වැරදිය. ඩොලර් 36 ට ගෑස් ගෙනාවේ මීට දශකයකටත් පෙර යුගයේදි විය යුතුය.
අදාල ටෙන්ඩරයේ ඉදිරිපත් වුණු මිළ වූයේ ඩොලර් 96 කි.. මෙය වැරදි වාර්තා කිරීමක්ද නැත නම් හිතා මත විකෘති මිලක් ඇතුලත් කළාද යන්න දන්නෙ මේ වෙබ් අඩවිකරුවන් සහ මහාචර්ය චරිත හේරත්ය.
වංචාවක් ගැන කියන කොට ගාන ලොකු නම් ඊට ඇති අවධානය වැඩි වේ. අනෙක ලොකු මඩක් ගහන කොට ගහන්නේ එහෙමය. මන්ද ඒවා නිවැරදි කර ගැනීම ගැනීම අසීරු වීමය. මෙය මාධ්‍ය කරණයෙහි ඇති අමු තකක්ඩි වැඩකි. බොරුව් ඉතා සීග්‍රයෙන් සමාජ ගත වූවාට සත්‍යට එහෙම වේගයක් නැත. සමහර විට අර බොරුවම සදාකාලිකව පවතී.. ඒ බොරුවම සත්‍යය ලෙස සමාජ ගත වේ. මීට පෙර නාගන්න කොඩිතුවක්කු නැමැත්තෙක්ද මේක අල්ලාගෙන නා ගත්ත බවද අප දැක තිබිණි.
කොහොම නමුත් මේ මජර මීඩියා මේ සෙල්ලම චරිත හේරත්ලා නොදන්නවා නොවේ. ඒ විශයෙහි පළපුරුදු අයය. ඔහු මේ කරන්නනේ තක්කඩිකමකි. පැහැදිලිවම ජනතාව නොමඟ යවා කරන ජරා ජීර්ණ දේශපාලනයකි.. වියතුන් යැයි සමාජය ඉදිරියේ මහාචාර්ය පට්ටම නමට ඉදිරියෙන් දමා කරන මේ තකක්ඩි වැඩේ අද ඊයේ විතරක් මේ අය කරපු දෙයක් නොවේ..
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් මේ චරිත හේරත් ඇතුළු වියතුන් නඩය මොන තරම් බොරු කන්දරාවක් සමාජ ගත කළාද.? ගෝඨා පාලනය විසින් ගත් මුග්ධ අමනෝන්ඥ තීන්දු තීරණ ඉතා පූජනීය, උත්තරීතර, නිවැරදී තීන්දු තීරණ බවට පොළොවේ පස් කකා දිව්ර දිව්රා කිව්වේ මේ අයමය. අද ලංකාව බංකොළොත් රාජ්‍යයක් බවට පත් කළේ මේ වියතුන් සෙට් එක විසිනි. සෞභාග්‍යයයේ දැක්ම නම් විකාර සහගත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරමින් කන්නත් නැති කර රටට කෙළවාදැම්මේ මේ චරිත ලා ඇතුලු වියත් නඩය විසින්මය.
රට බංකොළොත් කිරීමට තමන්ගේ ඇති සෘජු දායකත්වය සඟවමින් , අද අපි පොහොට්‍ටුවෙන් වෙන් වුණාය, රාජපක්ෂලාගෙන් ගැලවුණාය, අලුත් ගමනක් යනවාය, එන්න ආයෙත් අපි පස්සෙන් කියමින්, අලුත් වේදිකා තනමින් සිටින චරිතලාගේ නිදහස් ජනතා සභාවට හෝ විමල්ලාගේ උත්තර සභාවට හෝ වෙන මොකක් හරි වරිග සභාවකට හෝ මේ රට විනාශ කළ පාප කර්මයෙන් ගැල විය නොහැක. මේවා සහගහන අපාරාධය. අනාගතයේ උපදින දරුවන්ගෙනුත් සාප වදින අපරාධය. රටේ බහුතරයක් අද අපා දුක් විඳිනේ මේ ඊනියා වියතුන් සැට් එකේ තක්කඩි වැඩ නිසාය.
එසේම රු කෝටි 130 ක් ගසා කාලා ඇති බව චරිත හෝ මේ චෝදනා කරන වුන් කියන්නේ කවර සාක්ෂි සාදක මත දැයි කියන්නේ නැත. එම ගනුදෙනුවේදී ගසා ගෑමක් සිදුවු බව නිශ්චිතව ඔහු පවසන්නේ කවර පරීක්ෂණයකින් පසුව පැමිණි නිගමනයක් අනුවද? මේ ගැන විගණකාධිපතිවරයා යම් විමර්ශනයක් කර එය පදනම් කරගෙන පරීක්ෂණයක් පැවැත් වූවාද?. එසේ සිදුවූවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.
නිකම් ඒක පාර්ශ්විකව චෝදනා කිරීම, ගැලරි චූන් කිරීම , මාධ්‍ය සංදර්න වලින් සත්‍ය මතු වන්නේ නැත. චෝදනාවට ලත් වෙන අනෙක් පාර්ශ්වයට කරුණු දැන්වීමේ හැකියාව අයිතිය දිය යුතුය. මේ වන විටත් ලිට්‍රෝ සමාගම පැහැදිලි කරුණු දැක්වීමක් කර තිබේ. ඒ තැන තැන්තැන වල වේදීකා ගානේ ගැලරි චූන් කිීමක් නොවේ. නිල වශයෙන් සාක්ෂි සාධක ඇතිව වගකීමක් සහිතවය.
ඒ අනුව ලිට්‍රෝ සමාගම පැහැදිලිවම ගනු දෙනුව සිදු වූ ආකාරය කියා තිබේ. යම් වැඩි මිලකට ගෑස් ගන්න සිදුවූ හේතුව යුක්ති සහගත බව ඔවුන් පෙන්වා දී තිබේ.
ගෙදරක දැඩි අවශ්‍යතාවයකට වුව භාණ්ඩයක් පහසු ගෙවීමේ ක්‍රමයකට හෝ ණයට මිලදී ගැනීමක් කරන්න වෙළඳපොළට ගිය විට යන්නේ අඩු මිලට නැතිනම් ලාබෙට භාණ්ඩය විකුණන තැනක් සොයාගෙනය. ඒත් ඒ ලාබ වෙළෙන්ඳා ගාව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට,ලාබෙට භාණ්ඩය නැති නම් , ණයට දෙන්නේ නැති නම් .. වැඩි මිළට හෝ භාණ්ඩය ලබා ගත හැකි වෙළෙන්දකු වෙත යොමු වීම සාමාන්‍ය තත්වයකි. දැන මෙතැන දැඩි අවශ්‍යතාවයක් වෙනකම් හිටියේ මන්දැයි කෙනෙකුට අසන්නට හැකිය. ඒ හරිය පසුගිය ගෝඨා පාලනය විසින පැහැදිලි කර දී ඇත.
පහුගිය කාලයේ රටේ ගෑස් අවශ්‍යතාවය ගැන තිබු තත්වය අමුතුවෙන් කිව යුතුව නැත. ගැස් හිඟවය විසින් ඇති කළ පෝලිම් කවූරුත් දැක තිබේ. හිඳ ද තිබේ. ගෑස් හිඟ නිසා ඇති වූ පීඩාව අත්දැක තිබේ. රටම අරගල බිමක් වෙන්න, රටේ දේශපාලනික වියවුල්කාරිත්වයක් ඇති කරන්න ගෑස් හිඟය ප්‍රබල විය. චරිත හේරත්ලා බලයට ගෙනා ජනාධිපතිවරයකු අගමැති ප්‍රමුඛ තුනෙක් දෙකේ බලය සහිත ආණ්ඩුවක් පන්නා දැමීමට ඒ ප්‍රබල විය.
ගැටළුවක ඇති විට ඒ ගැටළුවට නැති කර, ඊට හේතුව සොයා පිළියම් කිරීම වහා විය යුතුය. රටේ පැවැති තත්තවය අනුව ගෑස් සැපයුම තවදුරටත් පුමාද කළ හැකි තත්වයක තිබුණේ නැත.
මෙහිදී ලීට්‍රො සමාගම නියමිත ප්‍රසම්පාද වැඩ පිළිවෙල යටතේ කටයුතු කර තිබේ. ඒ අනුව අදාල ටෙන්ඩරය අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය පිරි නමා තිබේ. මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව
ඇමරිකානු ඩොලර් 96 වන ලෙස ගෑස් දෙන්නම් කියා පොරොන්දු වූ සීයම් නැමැති තායිලන්ත සමාගමට ටෙන්ඩරය ලබා දුන්නත් ඒ මොහොතේ ඊට අදාල මුදල් ගෙවීමේ හැකියාව රටට තිබුණේ නැත. මේ කාලයේ විදේශ විනිමය හිඟ වීමේ ගැටළුව මත තෙල්, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත්හෙත්, සියල්ල හිඟ වූ බව දැන් අමතක වෙන්න හේතුවක් නැත. වෙනත් විකල්ප විසැඳුම් යෝජනා කළද සමාගම ඊට එකඟ වී තිබුණේද නැත.
මේ තත්වය යටතේ මේ දීර්ග කාලීන ටෙන්ඩරය අහෝසි කර කෙටිකාලීනව ඒ දිනවල පැවැති ගෑස් හිඟයට පිළියම් යෙදීමට ලිට්‍රෝ ගෑස් සමාගමට සිදු විය. ඒ අනුව හදිසි අවශ්‍යතාවය සඳහා නව කෙටිකාලීන ගෑස් ,ලබා ගැනීමේ ක්‍රමය වෙත යොමු විය.ඒ අනුව පෙර කී සමාගමට සහ දෙවන අඩුම ලංසුව ඉදිරිපත් කරන ලද සමාගමෙන් ටෙන්ඩර් කැඳවීම සිදු කරන ලදී.
අඩුම ලංසුව ඉදිරිපත් කෙරුනු තායිලන්ත සමාගම මෙහිදී 112 ක මිළක් ඉදිරිපත් කළද එම සමගමට ටෙන්ඩයෙන් අපේක්ෂිත ගෑස් ප්‍රමාණය කඩිමුඩියේ ලබා දීමේ හැකියාවක් හෝ පහසු ගෙවීම් ක්‍රමයකට පැමිණීමට නොහැකි විය. ඒ අනුව දෙවන සමාගමට (ඕමාන සමාගම) ගෑස් ටෙන්ඩරය ලබා දීමට තීන්දු කෙරිණි. එහෙත් මේ ගෑස් තොගය ඕමාන සමාගම මසකට ගෑස් මෙ.ටො. 25000 බැගින් මෙ.ටො.ලක්ෂයක් මාස 4ක් ලබා දීමට එකඟත්වය පළ කළේ පෙර ටෙන්ඩරයේ මිළ වන ඩො 129 කටමය. ඔවුන්ගේ මිල ඩො 129 ක් විය. 17 ක් වැඩිය.
බැලු බැල්මටම මෙතැන පාඩුවක් සිදුව තිබේ.
දැන් මෙතැන මහා වංචාවක්, ගසා කෑමක් සිදුවී ඇති බව චරිත හේරත්ලා කියන්නේ මේ පෙනෙන්න තිබෙන පාඩුව ගැනය. මේ පාඩුව මකා ගන්න ලාබෙට ගෑස් හොය හොයා සිටියානම් මේ කියවන ඔබ, දැනුත් ගෑස් පොලීමට වී ආණ්ඩුවට දෙස් තිය තියා ඉන්නවා විය හැකිය.
මෙය ගසා කෑමක්ද, වංචාවක්ද ? එහෙම කවුරු හරි කළා නම් ඒ කවුද කීයාද චරිතලා හෙළි කළා නම් වියතාගේ ප්‍රකාශයට අපට කරුණු දැක්වීමත් අසීරු වෙනවට සැක නැත.
එහෙත් එහෙම දෙයක් මෙතැන නැත. චරිතලාගෙ තකක්ඩි ප්‍රකාශ මඟින් රට නොමඟ යැවීම පමණක් මෙතැන් සිදුව ඇති බව පැහැදිලිය.
හැබැයි දැන් ගෑස් පෝලිම් නැත. ගෑස් හිඟයක් නැත. අරගලද නැත. රට සාමාන්‍ය කරණයට පත් වෙමින් තිබේ.. චරිතලා මේ නලින එකට හේතුව මෙට දරා ගන්න බැරි වීමය. තමන්ගේ බොරු වලට රැවැටුණු ජනතාව පත් කරගත් තමන්ගේ අසමසම නායකයාත් ආණ්ඩුවත් ඒ ජනතාව විසින්ම පලවා හැරීම ගැන බරපතල වේදනාවකින් පෙලෙන චරිතලාට වර්තමාන පාලනය විසින් රට යළි සාමාන්‍ය තත්වයට ගෙන ඒම ඉවසා දරාගන්නට නොහැකි මහ වේදනාවකින් පෙළේ. මේ මහ කුහක ග්‍රාම්‍ය මජර දේශපාලනයකි. මේ ග්‍රාම්‍ය වියතුන්ගේ දේශපාලනය ඇත්තටම තියෙන තැන එතැනය.