නිවන් යන්නත් ලයිට් තියෙන්න ඕන. බුද්ධ බලය, විදුලි බලයට යටත්වේ. Featured

Tuesday, 20 September 2022 13:59

විදූලි බිල් වැඩි වීම ගැන භික්ෂු විරෝධය අනුව තේරුම් යන්නේ නිවන උදා කරගන්න නම් පත්තු වුණු බල්බ තිබිය යුතු බව වත්මන් බුද්ධාගමේ භික්ෂු පරපුර තේරුම් ගෙන තිබෙන බවය. එහි පුදුමයක් නැත. අද භික්ෂු සාසනයේ සාතිශය බහුතර භික්ෂුන් කටයුතු කරන්නේ බුද්ධ දේශනාව අනුව නොවන බව පැහැදිලි කාරණයකි. අද බුද්ධ බලය, විදුලි බලයට යටත් කර තිබේ. බල්බ පත්තු නොකර නිවන් යන්න බැරි යැයි සිතන්නේ ඒ් නිසාය.

ගෝත්‍රික මතවාද කර ගහගෙන ජාතිය ආගම විකුණා ගනිමින් උපාසක උපාසිකාවන් ගොනාට අන්දවමින් කටයුතු කරනවා මිස ඊට වඩා දෙයක් දකින්න ලැබෙන්නෙ කලාතුරකිනි. අද විහාරස්ථන බහුතරයක් ව්‍යාපාරික ස්ථානයන්ය. ජාතියේ ආගමේ නාමයෙන් වන ආදායම් උපදවන මෙහෙයුම් නොමැති විහාරස්ථානයක් ඇතොත් ඒ් කලාතුරකිනි. අතිදුෂ්කර ග්‍රාමීය ප්‍රදේශක සුළු දායක පිරිසක්ගෙන් පවත්වගෙන යන විහාරස්ථාක කිහිපයක් තිබිය හැකි නමුත් බහුතරයක් විහරස්ථාන භික්ෂු සුඛ විහරණය වෙනුවෙන් නඩත්තු වෙන තැන්ය.

දේශපාලන බලය, ව්‍යාපාරික බලය, මුල්‍ය බලය සහිත සහිත භික්ෂූන්ද විශාල පිරිසකි. ඒ බලය පාවිච්චිකරන්නේ සාසනයේවත් බෞද්ධ බැතිමතුන්ගේ යහපත පිණිස නොවේ. තමන්ගේ හෝ තමන්ගේ පරම්පරා නඩත්තුවටය.

කොහොම නමුත් මැතක් දී සිදු කෙරුණු විදුලි බිල් ඉහළ දැමීමෙ ක්‍රම වේදය අනුව ආගමික ස්ථාන හෝ වෙනත් වරප්‍රසාදිත ස්ථාන නොසලකා එය සාධාරණ පසනමකින් සිදු කර තිබේ.එහි වරදක් නැත. මෙය ජනතාවට බරක් පීඩනයක් වන තැනට කතන්දර හැදෙන්නේ මේතාක් කල් සහන මිළකට මේ ලැබීම තුළය. විදුලි බිලට සහනයක් ලැබුණත් අවසානයේ ඒ වෙනුවෙන් විදුලි බල මණ්ඩලය දරණ පාඩුව ද පියවන්නේ සමස්ථ ජනතාවමය. ඒ ජනතා බදු මුදලිනි.

විදුලිය උපදවීම වෙනුවෙන් රජය දරණ බර පැන නැතිනම් මහජනයා දරණ බරපැන මත තබා අනුව විදුලි බල මණ්ඩලය පාඩුවට පවත්වගෙන යෑම නොවිය යුතුය. මහජන බදු මුදල් වැය විය යුත්තේ පෙරළා පොදුවේ සමස්ථ රට වැසියාගේ යහපත වෙනුවෙන් වන පුළුල් ව්‍යාපෘති වෙනුවෙන් පමණය. ආගමික ස්ථාන නඩත්තුව රටේ පොදු වුවමණාවක් නොවේ. එය ඒ ඒ ආගමිකයන්ගේ හුදු පෞද්ගලික කටයුත්තක් පමණි.

මේ ආගමික ආයතන වලින් පොදුවේ රටට ජනතාවට යහපතක් වනවාද නොවනවාද යන්න සැලකිය යුතු ද නැත. ආගමික ස්ථාන අවශ්‍යවන්නේ ඒ ඒ ආගමිකයන්ටය. එය ඔවුන්ගේ පෞද්ගලික වුවමණාවක් මිස සමස්ත රට වැසියාගේ වුවමණාවක් බවට බලහත්කාරයක් නොපැවැතිය යුතුය.

එසේම මෙහිදී වෙන අනෙක් අසාධාරණය නම්, යම් ආගමිකයකුට තමන්ගේ ආගමික විශ්වාසයට අදාල නැති අනෙක් ආගමික ස්ථානයක නඩත්තුව වෙනුවෙන්ද බදු ගෙවීමෙන් එම බර පැන දැරීමට සිදු වීමය.ආගමික සංස්ථා නොපිළිගන්නා, ආගමික ඇදහිලි නොපිළිගන්නා පිරිසටත් මේ බර දැරීමට සිදුව තිබේ.

කිසිදා ගුවන් යානා තමන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් යොදා නොගන්නා ජනතාවටද ශ්‍රී ලංකන් එයාර් හි පාඩුව පියැවීමට සිදුව තිබීම ගැන විරෝධයක් එල්ල වන්නා සේම මේ ආගමික ස්ථාන නඩත්තුව වෙනුවෙන් තමන්ගේ බදු මුදල් වැය කිරීම ගැන බදු ගෙවන පුරවැසියා විරුද්ධ විය යුතුය.

බෞද්ධ විහාරස්ථානවල විදුලි බිල වැඩි කිරීම බුද්ධාගමට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයක් බවටද මේ භික්ෂූන් කියමින් යති. විදුලි බිල අඩු කිරීම මඟින් බුද්ධාගම ආරක්ෂා වෙන්නේ හෝ පෝෂණය වන්නේ කෙසේදැයි මුලින් පෙන්වා දෙන්නේ නම් මැනවි.

එළැඹෙන වප් පුන් පොහෝ දින විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා දායකයන් සමඟ එක්ව ඉහළ දැමූ විදුලි බිලට විරෝධය පළකරන බවද මේ වන විට ප්‍රකාශිතය. විදුලි බල්බ පමණක් නොව ඝෝෂාකාරී ශබ්ධ විකාශනයන්ද නාවතා දමනවා නම් එය යහපතකි. විශේෂයෙන්ම සැබෑ බෞද්ධ ජනතාවට ඒ මහ අස්වැසිල්ලක්ද වෙනු ඇත. ඔවුන් පිං දෙනු ඇත. නිවනම පතනු ඇත.

කොහොම නමුත් ආගමික ස්ථානවල විදුලි බිල කළමනාකරණය කිරීම සඳහා සූර්ය පැනල සවි කිරීමට කටයුතු කරන ලෙස තමන් රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (20) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පවසා තිබේ .

''ආගමික සිද්ධස්ථාන හැටියට, විදුලි සබඳතා 48682ක් සම්බන්ධතා තිබෙනවා.
ඒකක 30ක් දක්වා විදුලිය භාවිතා කරන්නේ 15195ක්. මේ සංශෝධනයෙන් පසු ගෙවන්නේ මාසයකට රුපියල් 330ක්. ආගමික සිද්ධස්ථාන 11151ක් ගෙවන්නේ 1260යි මේ සංශෝධනයෙන් පසුව. ආගමික ස්ථාන 3852ක් රුපියල් 1860ක් ගෙවනවා. ඒකක 121-180 අතර 5897ක් ආගමික ස්ථාන රුපියල් 3990ක් ගෙවනවා.
මිල වැඩි වූ ප්‍රමාණය 12000ක් විතර සිටින නිසා යෝජනා කරන්නේ, විකල්ප නැති නිසා පුනර්ජනනීය බලශක්තිවලට යන්න වෙනවා, සූර්ය පැනල වහල මත සවි කිරීම. සූර්ය පැනල ක්‍රමයට යා යුතුයි. විදුලි බලය අඩුවෙන් යන විදියට සැලසුම් කළ යුතුයි.ලෝක බැංකුව ,ආසියානු සංවර්ධන බැංකුව, තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරනවා උදව් ලබාගැනීමට.''

Last modified on Tuesday, 20 September 2022 14:00

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us