අර්බුදය විසඳන මාර්ගය, අද අය - වැයෙන්   Featured

Tuesday, 30 August 2022 10:22

මෙම වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙ‍ටුම්පත නැතිනම් අතුරු අය වැය යෝජනාවලියක් අද දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ 2022 වසර සඳහා වන අය වැය යෝජනා වලිය පසුගිය වසරේ දී එවකට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබිණි.

එහෙත් එම අය වැය යෝජනාවලිය බහුතර ඡන්දයෙන් අනුමත වූවද ඒ සම්බන්ධයෙන් එවකට බරපතල චෝදනා එල්ල වී තිබිණි..මැතිවරණයක් ඉලක්ක කර ගත් අයවැය යෝජනාවලියක ස්වරූපය එහි තිබිණි. රජයේ ආදායම් විදේශ විනිමය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් වන යෝජනා වෙනුවට එහි වැඩි මනත්ම තිබුණේ රජයේ වියදම් වෙනුවෙන් වන නව ව්‍යාපෘති ගනනාවකි. එසේම රට මුහුණ දෙමින් තිබුණු ආර්ථික අර්බුදය ජය ගැනීමේ යෝජනා එහි අඩංගු නොවූ තරම්ය. එසේම ආදයම් වියදම් නොගැලපීම් ගැන ද සංක්‍යා ලේඛන වල අපැහැදිලි තැන්ද තිබිණි.

කෙසේ නමුත් එවකටත් රනිල් වික්‍රමසිංහ මහතා එම අය වැය යෝජනාවලිය සම්බන්ධයෙන් සිය විවේචනය ඉදිරිපත් කර තිබිණි. එසේම ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් තිබියදී ඊට විසඳුම් සහිත සංශෝධිත අයවැයක් ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දී තිබිණි.

වික්‍රමසිංහ මහතා අගමැතිධුරය බාර ගැනීමෙන් පසුව සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පවසා තිබූ අතර එම කටයුත්ත රටේ පැවැති ව්‍යාකූල දේශපාලනික තත්වයන් හමුවේ ප්‍රමාද විය.

කෙසේ නමුත් රට මේ මොහොතේ මුහණදී තිබෙන ආර්ථික සහ සමාජීය අර්බුද ජය ගැනීම වෙනුවෙන් රාජ්‍ය ආදායම් වියදම් කළමනාකරණය කරන ආකාරය පදනම් කරගත් සංශෝධිත අය වැය යෝජනා වලිය අද ඉදිරිපත් කරනු ඇත.

මෙම යෝජනා වලිය මඟින් ඉදිරි වසර කිහිපය තුළ අනුගමනය කළ යුතු දැඩි මුල්‍ය ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශයට පත් කෙරුනු ඇති බව උපකල්පනය කළ හැකි අතර මේ වන විට වඩාත් පීඩාවට පත්ව සිටින ජන කොටස් වෙත සහනදායක විසඳුම් ද යෝජනා වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

කොහොම වෙතත් මේ වන විට පවතින බරපතල විදේශ විනිමය හීඟතාවය සහ රජයේ රුපියල් හිඟතාවය අවම කරගැනීම වෙනුවෙන් යෝජනා අඩංගු වෙනු ඇත.ඒ වෙනුවෙන් දැඩි මුලය ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමට සිදුවීම අනිවාර්ය තත්වයකි. ඊයෙ දිනයේදී පාර්මේන්තුව හමුවේ සජබයේ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පෙන්වා දුන් පරිදි මුල්‍ය අරමුදලේ දැඩි කොන්දේසි වලට යටත්ව හෝ එම ණය ක්‍රමයට සහ ඔවුන්ගේ වැඩ පිළිවෙලට එකඟවීමට සිදුව තිබෙන්නේ පසුගිය කාලයේ අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තින් වල විපාක නිසාය. මේ යථාර්ථය පිළිගෙන කටයුතු කිරීම හැර මේ මොහොතේ වෙන විකල්ප නැත.

මේ නිසා රටේ ආර්ථික ප්‍රතිපත්තීන් කවර කැපකීරීමක් සිදුකර හෝ නිවැරදි කරගෙන ඉදිරියට යෑම අනිවාර්ය තත්වයකි. මුල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමෙන් රටේ අර්බුද මුළුමනින්ම නොවිසෙ‍ඳෙන නමුත් අරමුදලේ සහය ලැබීමත් සමඟ රටේ ආර්ථිකය ගැන ලැබෙන සහතිකය මත ජාත්‍යන්තර ණය පහසුකම් ලබා ගැනීම මෙන්ම විදේශ ආයෝජන සඳහා දොර‍ටු විවර කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙරටට විදේශ විනිමය සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රධාන මාර්ග තුන වන අපනයනය, සංචාරක සහ විදේශ ප්‍රේශන වල තත්වයන් තවදුරටත් වර්ධනය කර ගැනීමට අමතරව විදේශ විනිමය ගැටලුවට ඇති අනෙක් විසඳුම වන්නේ ජාත්‍යන්තර ආයෝජන ගෙන්වා ගැනීමය. ඒ සඳහා ඔවුන්ට හිතකර වාසිදායක වාතාවරණයක් රට තුළ තිබිය යුතුය. ලංකාව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විදේශ ආයෝජන සඳහා වඩාත් බාධාකාරි රටක් ලෙසය. ප‍ටු දේශපාලනික ආකල්ප, පැරණි මුල්‍ය නීති රීතින් දූෂිත රාජ්‍ය යාන්ත්‍රණය සහ දූෂිත දේශපාලන ක්‍රමවේදයන් නිසා මේ තත්වයන් ඇතිව තිබේ. ඒවා දැන්වත් වෙනස් විය යුතුය. ඒ වෙනුවෙන් දැඩි පියවරයන් ගත යුතුය.

මේ බාධාකාරී ක්‍රමවේදයන් නිසා රටට අහිමි වූ දේ බොහෝය. කලාපයේ ප්‍රධානම ආර්ථික කෙන්ද්‍රස්ථානය වීමේ අවස්ථාව අප අහිමි කරගෙන තිබේ. විශේෂයෙන්ම නිදහසෙන් පසුව මේ ගෙවුණු හැත්ත හතර වසරක කාලය මුළුල්ලේම එම අවස්ථාව ලබා ගැනීමෙන් වැලැකීම සිදුව තිබිණි. නැතිනම් ඒ අවස්ථාවන්ට රට විවෘත කිරීමට එරෙහිව ගෙන ගිය ප‍ටු දේශපාලනික වුවමණාවන් මත ඒ අහිමි කරගෙන තිබිණි. අවාසනාවකට තවදුරටත් මේ මුග්ධ දුෂ්ඨ දේශපාලන ක්‍රියාන්විතයන් රටේ සිදුවෙමින් තිබේ.

මේ අතර ශ්‍රීලංකාවේ ඇති රාජ්‍ය යාන්ත්‍රණය පිළිලයක් මෙන් රාජ්‍යයේ අභිවෘද්ධියට බාධාකරමින් තිබේ. පාඩු ලබන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමට සිදුවීම සහ විශාල රාජ්‍ය සේවක පිරිසක් රාජ්‍ය සේවයට අනුයුක්ත කිරීමන් එය දූෂිත නස්තිකාර අකාර්යක්ෂම කර තිබේ. රාජ්‍ය බදු ආදායමෙන් සියයට 86 ක තරම් ප්‍රමාණයක් පසුගිය වසරේදී රජ්‍ය සේවක වැ‍ටුප් වෙනුවෙන් පමණක් වෙන් කිරීමට සිදුව තිබිණි.

එසේම දැවන්ත පාඩු ලබමින් තිබෙන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම ලාබ ලබන ආයතන හෝ වඩාත් පළදායක ලෙස පෞද්ගලිකකරණය හෝ වීම සිදු කෙරෙනු ඇති බවත් කල්පනා කළ හැකිය. අද රටට අවශ්‍ය වන්නේ රාජ්‍ය ආයතන ජාලය රටට වඩාත් හිතකර වාසිදායක ලෙස පවත්වාගෙන යෑමය.

එසේම රාජ්‍ය බදු ආදායම් වැඩි කර ගැනීම විය යුතුව තිබේ. පසුගිය ගෝඨාභය පාලන සමයේදී ගත් බදු කපා හැරීමේ යෝජනා නිසා රාජ්‍ය ආදායම වසරකට බිලියන 600 කින් පමණ අහිමි කර ගනු ලැබීය. එසේම බදු කපා හැරීම වලින් සිදු වෙනවාය කිව් ආර්ථිකයේ ප්‍රසාරණය කිසිසේත්ම සිදු නොවූ අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පමණක් එහි සියළු වාසි අත් විඳිනු ලැබීය.

විශේශයෙන්ම සෘජු බදු ආදායම් වැඩි කර ගැනීමත් පොදු ජනයාට බලපාන වක්‍ර බදු අනුපාතයන් අඩු කිරීමත් මෙම අයවැය සංශෝධයෙන් අපට බලාපොරොත්තු විය හැකි නමුත් වර්තමාන තත්වයන් හමුවේ ආණ්ඩුව කල්පනා කරනු ඇත්තේ බදු ආදායම් වැඩි කරගැනීම සිදුවීම අනිවාර්ය දෙයක් ලෙසය.

කොහොම නමුත් මෙම අය වැය සංශෝධනය හරහා ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වීමෙ ඉඩක් නැත. ඉදිරි වසර කිහිපය තුළ අනුගමනය කෙරෙනු ඇතැයි කල්පනා කළ හැකි දැඩි ආර්ථික සහ මුල්‍ය ප්‍රතිපත්තීන් ගැන යම් ඉඟියක් සහ ඒ සඳහා වන මූලික පියවරයන් මෙයින් ලැබිය හැකිය.

කෙසේ නමුත් පාලක පක්ෂයටත් පාලිත පුරවැසි ජනතාවටත් ඉදිරි වසරක් දෙකක් යනතුරු විශාල කැපකිරීමක් රට වෙනුවෙන් සිදු කරන්න වන බව නම් නිරනුමානව පැවැසිය හැකිය. එය බාර ගැනීම සහ ඒ වෙනුවෙන් සහය වීම හැර අනාගතය ජය ගැනම වෙනුවෙන් වෙනත් විකල්ප නම් නැත.

බල දේශපාලනයේ පටු වුවමණාවන් මත අද ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග වලට එරෙහිවීම් සිදුවිය හැකි අතර ඒවා බොහෝ ආකර්ෂණීය කතන්දර ද විය හැකි නමුදු මේ එරෙහි වන්නන් අත රටේ ආර්ථික අර්බුදයයන් විසැඳිම වෙනුවෙන් විකල්ප විසඳුම් නැති බව අමතක නොකළ යුතුය

-SJ

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us