පොහොට්‍ටු ආණ්ඩුව සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ වෙනස නොතේරීම   Featured

Monday, 29 August 2022 13:00

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික පාලනයක් පිහි‍ටුවා පවතින අර්බුදයයන් විසඳා ගැනීමට යෝජනා කළ ද මෙතෙක් ඒ සඳහා විපක්ෂ පක්ෂ වලින් සාධනීය ප්‍රතිචාරයක් නැත.

මෙහිදී විපක්ෂයෙන් එල්ල වන පොදු ප්‍රකාශනය වන්නේ මේ පවතින්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවන බවත් පොහොට්‍ටුවේ ආණ්ඩුවක් බවයි. ඒ නිස තමන් එම පොහොට්‍ටු ආණ්ඩුවට එක් වී ඇමතිකම් ගැනීමට නොහැකි බවය.

බැලු බැල්මට කතාව ඇත්තය.ඒ්ත මේ මොන විකාර කතාවක්ද?

ජනාධිපතිවරයා බලයට පත් වූ සැනින් එහෙන් මෙහෙන් එකතුකරගෙන වත්මන් ආණ්ඩුව පිහි‍ටුවා ගත්තේ රට අරාජික නොකර දවසක් දෙකක්වත් තැබීම නොකළ යුතු නිසාය. ඇමැති නිවාස ගිනි බත් කරමින් යකා නැටුව පරිසරයක ඒ අවදානම නොතකා ඒ ඇමැති මණ්ඩලයට එකතු වූ පිරිසට ස්තූති කළ යුතුය.

කොහොම නමුත් මේ ඇමැති මණ්ඩලය පිහිටුවා ගත්තේ ඇමති මණ්ඩලයක් විසින් ගත යුතු වූ නීතිමය තීන්දු තීරණ තිබුණු නිසාය. විශේෂයෙන්ම තෙල් ගෑස් පොහොර ආහාර ඖෂධ ආදියෙහි හිඟතාවයත් සමඟ පුරවැසියා මුහුණ දී සිටින පීඩාව සමනය කිරීම වෙනුවෙන් ගත යුතු වූ කඩිනම් තීරණ ගත යුතු නිසාය. එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා අඛන්ඩව පවත්වා ගැනීමේ වුවමණාව මතය.

එසේම මේ ඇමැති මණ්ඩලය පත් කරනු ලබන්නේ මේ මුලික අපේක්ෂාවන් වෙනුවෙන් බවත් එය තාවකාලික බවත් ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කර තිබිණි. එනම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකර ගන්නා තුරු පමණක් බවය.

මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව හෝ සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් යටතේ වන පාලනයක් බිහි කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ වලට ලිඛිතවම ආරාධනා කර ඒ අනුව සාකච්ඡා වට කිහිපයක්ද පවත්වනු ලැබූ මුත් තවමත් ඇතැම් පක්ෂ නායකයන්ට මේ සර්ව පාක්ෂික කටයුත්ත යනු කුමක්දැයි පැහැදිලි වී නැතැයි පෙනෙන්නට තිබේ. ඒ් තේරුම් ගන්න තරම් මොළ කළඳක් නැතැයිද පෙනෙන්නට තිබේ.

තමන් ආණ්ඩුවට එක් නොවී සිටින තාක් කල් පවතින්නේ පොහොට්‍ටුවේ මන්ත්‍රීන් බහුතරය නියෝජනය කරන ආණ්ඩුවක් කියන සරළ සත්‍යයවත් මේ අයට පැහැදිලි කර දෙන්නට ජනාධිපතිවරයාට නොහැකි වුණාද කියන සැකයත් තිබේ.

මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම.. ආදී සියළු දෙනා තවමත් පවසමින් සිටින්නේ ඉහතින් සඳහන් කළ පරිදි මේ පවතින පොහොට්‍ටු ආණ්ඩුවට තමන් එකතු නොවන බවය. තමනුත් ආණ්ඩුවට එකතු වුණාම එය සර්ව පාක්ෂික වෙනවා නේද ?, එමඟින් ගන්නා තීන්දු තීරණ සර්ව පාක්ෂික තීන්දු තීරණ වෙනවා නේද? කියන සරළ කාරණය ළමයකුට වුවත් තේරුම් ගත හැකි නොවෙද? .

ඇතැම් විට මේ සරළ සත්‍යය ඔවුන් නොදන්නවා නොවිය හැකිය. මන්ද මේ අය බලා සිටින්නේ රටේ ප්‍රශ්න විසඳීමට වඩා මීළඟ මහ මැතිවරණයකින් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට හෝ තනිවම බැරිනම් හවුල් ආණ්ඩුවක් හෝ බිහි කර ගැනීමේ අපේක්ෂාව නිසාද විය හැකිය.

සර්ව පාක්ෂික එකඟතාවයකින් යුතුව සාමුහික වගකීමක් ඇතිව විසඳුම් යෝජනා ක්‍රියාත්ම වූ විට තමන්ගේ පක්ෂයට වැඩි ලකුණු දමා ගැනීමේ හැකියාව අහෝසි වෙතැයි බියකින් පසුවෙනවාද විය හැකිය. මන්ද එවිට ඒවා තමන්ගේ හැකියාවන් සමත්කම් කියා ජනතාව ඉදිරියට ගොස් ඡන්දය ඉල්ලිය නොහැකි නිසාය.

එසේම පවතින අර්බුදයෙන් මිදීම වඩාත් අසිරු දුෂ්කර තත්වයක් නිසා ආණ්ඩුවක් ලෙස අසාර්ථක වුවහොත් එහි නරක බලපෑමත් තමන්ට එතැයි බියේ සර්වපාක්ෂික ආණ්ඩුවකට එක් නොවී සිටිනවාද විය හැකිය. සිදුවන අලකලංචියක් පවතින ආණ්ඩුව කරමත තබා තමන්ගේ අත්දෙක පිහදා ගැනීම ලෙහෙසි බව මේ අය සිතනවා විය හැකිය.

මේ නිසා වඩාත් ලෙහෙසි කටයුත්ත වන්නේ වෙනදා මෙන් ආණ්ඩුව කරන කරන දෙයට විරුද්ධව මොන මොනවා හෝ කරමින් ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කර ජනතාව ආණ්ඩු විරෝධයක් වෙත තල්ලු කිරීමය.

එමඟින් එළඹෙන මැතිවරණයක දී රට හදන පුළුවන් අපිට විතරක්ය යැයි කියමින් වේදිකා දෙවනත් කිරීමේ සුපුරුදු කටයුත්තට එළඹිය හැකිය. මෙමඟින් පුරවැසි ජනතාව නැවත ඇන්දවිය හැකි යැයි ඔවුන් කල්පනා කරනවා වියහැකිය.

විපක්ෂයේ මේ නායකකාරකාදීන් තමන්ගේ බලය ගොඩනගා ගැනීමේ වුවමණාව වෙනුවෙන් මේ මොහොතේ ක්‍රියාත්මක කරන එකම උපක්‍රමය වී තිබෙන්නේ මෙය පමණය. පුරවැසියා මුහුණ දෙන ප්‍රශ්නය විසඳීමට වඩා පුරවැසියා තව දුරටත් පීඩාවටම පත් කිරීම හැර වෙන කරන්න දන්නා දේශපාලනයක් මේ අයට නැති බවත් මෙයින් පැහැදිලිය.

-SJ

Last modified on Monday, 29 August 2022 13:27

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us