අරගලයෙන් බැරිනම් සරුංගලයෙන් හරි පිටරට පැනීම තමයි වැඩේ. Featured

Sunday, 28 August 2022 16:49

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ආර්ථික ආදී අර්බුද දඩමීමා කරගෙන විදේශීය රට වල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ උද්ඝෝෂණ දැන් එතරම් අමුතු දේ නොවේ. පසුගිය අරගල සමයේදී මෙන්ම මෑත වසර තිහක පමණ කාලයක් බැලුවහොත් මෙවැනි උද්ඝෝෂණ නිරන්තරයෙන් සිදුව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සම්බන්ධයෙන් මෙම උද්ඝෝෂණ සටන් පාඨ බොහෝ විට නිර්මාණය වී තිබේ.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධාකිරීමට එරෙහිව, මානව හිමිකම් වල ආරක්ෂාවට ආදී ලෙස පවතින පාලනයට එරෙහිව කරන බලපෑමක් ලෙස මේ උද්ඝෝෂණ සාධනීය දේවල්ය. එමඟින් ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑමත් මෙරට පාලකයන් කෙරෙහි යොමු කර ගැනීමේ හැකියාව තිබේ.

කෙහොම නමුත් රටේ පවතින පාලනය, ජනතා විරෝධී ක්‍රියාමාර්ග ගන්නා විට ඒවාට එරෙහිව රට තුළ පැන නැගෙන උද්ඝෝෂණ අරගල ආදියට වඩා මේ විදේශ ගත ශ්‍රී ලංකීය ප්‍රජාවට බොහෝ පහසුවෙන් ආරක්ෂා සහිතව මේවා කිරීමේ හැකියාවක්ද පවතී.

එහෙ උද්ඝෝෂණය කළා කියා මෙරට ආණ්ඩුවකින් හෝ පොලිසියෙන් හෝ බාධාවන් එල්ල වන්නේ නැත. කඳු ගෑස් ජල ප්‍රහාර බැටන් පොලු ප්‍රහාර එල්ල වන්නෙ නැත, සුදු වැන් වලින් පැහැර ගැනීම් වෙන්නෙ නැත. මානව හිමිකම් කැඩෙන්නෙ නැත.

ඒවගේම මෙම උද්ඝෝෂණ සංවිධානය කරන්න පක්ෂ පාට භේදයක්ද පිටරට දී එතරම් නැත. ජාති ආගමික ප්‍රශ්න නම් දැනෙන තරමින් තිබේ. කොහොම නමුත් රටට හෝ ජාතියට අදාල දෙයක් නම් ඒවාට සහභාගී වෙන්න වේලාවක් තිබෙන නම් ඒ ඇවිත් ජාතික කොඩියක් ලෙලවා කුමක් හෝ සටන් පාඨ පුවරුවකට අත ගසා සහභාගීත්වය සටහන් කර යෑමට හෝ වැඩෙන් පසුව වන සාදයකට වුව සහභාගී විය හැකිය.

මේ නිසා එක් පක්ෂයක හිතවතුන් සංවිධානය කරන උද්ගෝෂණයකට තවත් පක්ෂයක අය සම්බන්ධවීම විය හැකි දෙයකි. මත ගැටුම් ආදිය එහෙදී නැත. මේ දිනවල ලංකාවේ අරගලය මර්දනය කරනවාය, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැති වෙනවාය, මාන්ව හිමිකම් කඩනවාය..ආදී සටන් පාඨ වලට මේ පිටරැටියන් අතර උනන්දුවක් , ඉල්ලුමක් ඇතිව තිබේ. උනන්දුව සැබෑ ලෙසම රට ගැන ජනතාව ගැන අවංක හැඟීමෙන් ඇති වෙනවා නම් එහි වරදක් නැත.

එහෙත් මේ උද්ඝෝෂණ අස්සේ සිදුවන මජර වැඩක්ද තිබේ. සමහර විට ඇතැමුන් උද්ඝෝෂණ සූදානම් කරන්නේම මේ වෙනුවෙන්ය.

මේ උද්ඝෝෂණ වල මානව හිමිකම් , ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ අතැතිව කෑ කෝ ගැසීම නිකම්ම සිදු නොවේ. මේවාට මාධ්‍ය හො සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබාදීම සිදු කරයි. ඉන් පසුව මේ උද්ඝෝෂණ නිසා ලංකා ආණ්ඩුවෙන් තමන්ට තර්ජන තිබෙනවාය, යළි රටට යෑමේ හැකියාවක් නොමැත්තේය.. ආදී යනුවෙන් බයංකර කතන්දරයක් නිර්මාණ කරගැනීම සිදුවෙයි.

මෙහි අනෙක් අදියරේදී තමන් ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කරන නිසාත්, එය ලංකාවේ ආණ්ඩුවට බලපෑමක් වී ඇති නිසාත් ලංකා ආණ්ඩුවෙන් එය නැවැත්වීමට ලංකාවේ සිටින ඥාතීන්ට බලපෑම් කරනවාය, තර්ජනය කරනවාය.. මේ නිසා ඔවුන්ට ලංකාවේ ජීවත් වීමට බැරි තත්වයක් ඇති වෙලාය මේ නිසා ඔහුගේ හෝ ඇයගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට තමන් ළඟට ගෙන්වා ගැනීමට සිදුවෙනවාය..ඒ නිසා ඊට අවසර දෙන මෙන් ඉල්ලා සිටීම සිදුවේ.

අදාල රටේ මෙරට තානාපති කාර්යාලයට මේ තර්ජනයන් ගැන ඔප්පු කළ හැකි සාක්ෂි ඉදිරිත් කළ හැකි නම් වීසා අවසර පත්‍රයක් ලබා ගැනීමට විශේෂ පහසුවක් ලැබේ.

මේ සෙල්ලම අලුත් වැඩක් නොවේ. මීට කාලයක පෙර සිටම සිදුවන ක්‍රියාවලියකි. ආණ්ඩුවට එරෙහිව දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වී පොලිසියෙන් ගුටි කෑමක්, අත්ඩංගුවට ගැනීමක් සිදු කර ගත හැකි නම් මේ විදේශ සරණාගත වීසාවක් ලබා ගැනීමට හැකි අවස්ථාව ඉතා විශාලය. තර්ජනයන් ගැන පුවත් පතක පුවතක් පළකර ගත හැකිනම් ඒ ඉතා ප්‍රබල සාක්ෂියකි. මෙවැනි ලිපි පළ කර දී ගානක් හොයා ගන්නා මාධ්‍යවේදීන්ට මෙරට සිටී.

පහුගිය අරගල කාලයේ විදේශ සරණාගත වීසාවක් ලබා ගැනීම වෙනුවෙන්ම කටයුතු කළ පුද්ගලයන් බොහෝය. මෙරට යුරෝපීය තානපති කාර්යාල වලින් විමසා බැලුවහොත් මේ දේශපාලන සරණාගත වීසා ඉල්ලීම දහස් ගනනකින් වැඩි වී තිබූ බව ටක්කෙටම දැන ගත හැකිය.

මානව හිමිකම් කඩවීමක් මෙතෙක් සිදු නොවුණමුත් තමන් අරගලයේ සිටියාය, එහි නායකයෙක්ය යැයි කියන ඇතැමුන් සමාජ ජාල තුළ තමන්ව පොලිසියෙන් අත් අඩංගුවට ගැනීමට හදනවාය, තර්ජන තිබෙනවාය, කියමින් මේ දිනවල දිගින් දිගටම සටහන් දමමින් සිටින පුද්ගලයන්ද ‍රැසකි.

විසා ලබා ගැනීමේ බලාපොරොත්තු කඩ වීම නිසා මෙහෙම අය නැවත නැවත අරගලයක් බැරිනම් සරුංගලයක් හෝ යවා විසා ඉල්ලුම් කිරීමට උත්සහ ගනිමින් තිබෙන බවත් ඇත්ත කාරණයකි.

කොහොම නමුත් මේ මානව හිමිකම් යනු එක පැත්තකින් අමු ජාවාරමකි. මානව හිමිකම් රකින්නය කියාගෙන විදේශ සංවිධාන හරහා කෝටි ගනන් අරමුදල් ලබා ගැනීමට මෙරට සංවිධානය අටවා ගැනීමත් තව ඒ වගේ වැඩකි. මේ අරමුදල් ලබන සංවිධාන මෙරට මානව හිමිකම් වෙනුවෙන් කරපු දෙයකුත් නැත. නමුත් තමන්ගේ විදේශ මව් සංවිධානයට යවන, කළාය කියන වැඩ සටහන් විස්තර වලට අනුව මේ අය නැති නම් මේ රටේ මානව හිමිකම් කියා දෙයක් ඉතිරිව නැත. අරගල අස්සේද මේ අරමුදල් රැස් කර ගැනීමේ ව්‍යාපෘති දියත් විය.

අවසන් වශයෙන් කියන්නට අවශ්‍ය වූයේ විදේශ ගතව සිදුවන උද්ඝෝෂණ වැඩ සටහන් යනු රට ගැනවත් මේ රටේ පුරවැසි ජනතාව ගැනවත් අවංක චේතනාවෙන් සිදු කෙරෙන දේවල් වීමේ ඉඩ කඩ ඉතා සීමිත බවය.

තමන්ගේ තමන්ගේ පවුලේ පෞද්ගලික වුවමණාවන් සපුරාගැනීම වෙනුවෙන් හෝ රටට හෝ පාලකයන්ට එරෙහි මෙවැනි උද්ඝෝෂණ සංවිධානය කිරීම මජර වැඩක් වෙන්නේ මේ හරහා රටත් ජනතාවත් ලෝකය හමුවේ බාල්දුකර අපකීර්තියට ලක්කර මේ වුවමණාවන් සපුරා ගැනීමට ගන්නා උත්සාහය නිසාය.

රටට ඩොලර් ටික නිත්‍යනුකූල මාර්ගයන් ඔස්සේ එවන්න බැරි ඊට වංචා කරන විදේශ ගතව සිටින්නන්ට රටේ සෙසු පුරවැසියන් ගැන කැක්කුම ඇති නොවන්නා සේම මේ ව්‍යාජ උද්ඝෝෂණ කරුවන්ටද රට ගැන ඇත්ත කැක්කුමක් ඇති වන්න ඉඩක් නැත.ඔවුන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා අවස්ථාවාදීන් පමණය.

- LK

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us