රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙක් පත්කරන නමුත් රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙනම මුදල් වෙන්කිරීමක් සිදු නොකිරිමටත්, අමාත්‍යාංශයේ වැය ශිර්ශ යටතේම රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සිදුකිරිමටත් සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම බොහෝ විට හෙට (06) දිනයේදී සිදුවීමට නියමිතය. ඒ අනුව 35 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරු ලෙස පත් වෙනු ඇති බවත් කියැවේ.
නව කැබිනට් අමාතයවරු පත් කිරීම තව සති දෙකක් පමණ ප්‍රමාද කරනු ඇති බවත් පැවසේ. මේ වන විට සිටින කැබිනට් අමාත්‍යවරු 18 දෙනාගේ ධුරයන්හි වෙන්සක් නොවනු ඇති බවත් පැවැසේ.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														