ආර්ථික අර්බුදයේ අපහසුතාවයන් ඇති - නැති පාර්ශ්ව දෙකමට දරාගන්න වෙනවා - මහ බැංකු අධිපති

Published in පුවත්
Friday, 02 September 2022 09:38

ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂා කරගත යුතු වන්නේ අඩු ආදායම් ලාබීන් බවත් එම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවත් මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම” යන මැයෙන් ඊයේ (01) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සංවාදමය කථිකාවට සහභාගී වෙමිනි.

අඩු ආදායම් ලාබීන්ට ඇතිවන ආර්ථික අපහසුතා වැඩි වුවහොත් දුප්පත් මිනිසුන් පාරට බැසීම සිදු විය හැකි බවත් ඒ නිසා කලබලකාරී තත්ත්වයන් රට තුළ ඇති විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

එබැවින් වැඩි ආදායම් ලබන සහ අඩු ආදායම් ලබන දෙපාර්ශ්වය අතරම ඇතිවන ආර්ථික අපහසුතාව බෙදී යෑමට සැලැස්වීම මගින් අඩු ආදායම් ලබන පාර්ශ්ව වල අසහනය පාලනය කරමින් ආර්ථිකය ස්ථාවර කළ යුතු බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

එසේම ණය ලබාගැනීම පාලනය කොට රාජ්‍ය ආදායම වැඩිකරගැනීමේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දුන්නේ ය. මෙහිදී වර්තමානයේ ඇති වී තිබෙන උද්දමනය පාලනය කොට අපනයන ආදායම වැඩිකර ගැනීම සිදු කළ යුතු බව ද පැවසූ ඒ මහතා රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීම වැදගත් බව අවධාරණය කළේය.

මෙහිදී ආනයනය සීමාකිරීම මගින් පසුගිය වසරේ බිලියන 2 පමණ වූ වියදම මෙම වසරේ 1.3කට අඩු කරගැනීමට හැකි වූ බව පෙන්වා දුන් වීරසිංහ මහතා ඒ මගින් බෙහෙත්, ඛණිජ තෙල් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීමට හැකි වූ බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම වර්තමාන රාජ්‍ය ආදායම බිලියන 1.2 පමණ වන බවත් තවදුරටත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය සීමාකිරීම මගින් රාජ්‍ය වියදම පාලනය කිරීමට හැකි නම් එය රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් වැදගත් වන බවත් හෙතෙම පැහැදිලි කළේය.

තවද මෙම අර්බුදය විසදීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත් අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සුදු වන බව තමා විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම මෙම අර්බුදය මගහරවා ගැනීමට රාජ්‍ය ආදායම 14/15% ක මට්ටමකට වත් වැඩි කළ යුතු බව ද නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළේය.

කෙසේ නමුත් මහ බැංකු අධිපති විසින් රටේ මූල්‍ය තත්ත්වය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමුකළ ප්‍රශ්න කිහිපයක් නිසා එහි නොසන්සුන්තාවක් ඇති වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 20ක් දක්වා පහත වැටී තිබියදී වගකිවයුතු කිසිවෙකු හෝ එය මූල්‍ය බලය පවතින පාර්ලිමේන්තුවට කල් තියා දැනුම් නොදුන්නේ ඇයි ද යන්න එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසා තිබේ.

එම ප්‍රශ්නය හමුවේ නිසි පිළිතුරු නොලද බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.

රටේ ආර්ථික තත්ත්වය ගැන පැවසීමට පෙර එම ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්නැයි මෙහිදී ඉල්ලා ඇති කිරිඇල්ල මහතා රට බංකොලොත්වී ඇති බව මන්ත්‍රීවරුන් කිසිවෙකුත් කල් තියා දැන නොසිටි බව ද ප්‍රකාශ කර ඇති බවත් එවිට තමා මෙහි පැමිණියේ රටේ ආර්ථික තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීමට විනා මරණ පරීක්ෂණ පැවැත්වීමට නොවේ යැයි මහ බැංකු අධිපතිවරයා පවසා ඇති බව ත් එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මේ අතර, මෙම වැඩමුළුවට පැමිණ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යම් යම් කරුණු කාරණා ගැන අදහස් දක්වමින් සිටි අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඔහුට විවිධ දේ කියමින් බාධා කර ඇත.

මෙහිදී මන්ත්‍රීවරයා “අපි මේ වැදගත් දේවල් කතා කරන්නේ. ඔයාලට ඉතින් අපෙන් වැඩක් නැත්තම් අපි යන්නම්,” යනුවෙන් පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි දැනගන්නට ඇත.

මෙම වැඩමුළුව අමතා වැඩිදුරටත් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා රටේ ආර්ථිකය ගැන සිතා මැතිවරණ පොරොන්දු දේශපාලනයෙන් බැහැරවීමට කාලය උදාවී ඇතැයි ද ප්‍රකාශ කර තිබේ. සෑම දෙයක් ම අඩු කරමින් සහ සහන ලබා දෙමින් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකි බව ත් රටේ ආර්ථික තත්ත්වය පිරිහීමට බදු අඩු කිරීම ද ප්‍රධාන සාධකයක් වූ බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

දෙදහස් එකොළහ වර්ෂයෙන් පසු වාණිජ ණය අධික පොලියට ගැනීම රටේ ආර්ථිකය විශාල අර්බුදයක් කරා ගෙන ගිය අතර භාණ්ඩ ගණනාවක ආනයන සීමා කිරීමෙන් යම් යම් ක්‍ෂේත්‍රවලට ගැටලුකාරී තත්ත්වයන් පැනනැගී ඇති නමුත් රටේ ආර්ථිකය පැත්තෙන් දීර්ඝකාලීනව එය විශාල වාසිසහගත තත්ත්වයක් බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු විවාදයන්හිදී, මූල්‍යමය කාරණා සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ක්‍රියාකාරි සහභාගිත්වය තහවුරු කිරීම සහ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික මඟ පිළිබඳ ඵලදායී කථිකාවක් ඇති කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.

මෙම සංවාදමය කථිකාවට පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුලු මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් සහභාගීවූහ.

Last modified on Friday, 02 September 2022 10:16

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us