subash

subash

මෙරට ආහාර සුරක්ෂිතතාව සඳහා වැඩසටහන් රැසක් ඉදිරි මාස හයක කාලය තුළ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සැළසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ රටේ ජනමාධ්‍ය භාවිතය, 'ජඩ මාධ්‍ය' භාවිතයක් නොවන බව නැවත නැවත හුවා දැක්විය යුතු නැත. නිරන්තරයෙන්ම රට වැසියා නොමඟ යැවීම සිදු කිරීම මේ රටේ ජන මාධ්‍ය භාවිතයේ දැනුවත් ප්‍රමුඛ කාර්යය වී තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඩොලර් රටට ගෙන්වා ගැනීම සඳහා නව සැලසුමක් පිළිබඳ තොරතුරු අණාවරණය වේ. මේ වන් විට ඒ සඳහා මූලික එකඟතාවයන්ට රජය සහ අදාල ආයතන පැමිණ තිබේ. මෙය විදෙස්ගත ශ්‍රී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පළදායකය ණය යෝජනා ක්‍රමයකි.

කොවිඩ් ලෝක වසංගතය, රුසියා-යුක්රේන යුද්ධය හා එකිනෙක රාජ්‍යයන් විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති පවත්නා අර්බුදයට බලපෑ ආසන්න හේතු ලෙස දැක්විය හැකිය. මේ වන විට අපගේ ප්‍රමුඛ ගැටලුව වී ඇත්තේ ඉන්ධන හිඟයයි. ලොව ප්‍රකට තෙල් සමාගම් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමේ දී පසුබා සිටින බව පෙනී යයි. මේ අනුව ගැටලුවට විසැඳුමක් ලබා ගන්නා තෙක් පවතින සීමිත තෙල් සංචිත අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබා දීමට රජයට සිදු වී ඇත.

ධාවනයෙන් ඉවත්කර ඇති වසර විසිපහකට වැඩි ආනයනික රුමේනියන් දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කොට ධාවනයට යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරනමෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

අද රටේ මුහුණ දෙන අර්බුදකාරීත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පෞද්ගලික අංශය කුඩුපටට්ම් කර රජය මඟින් ව්‍යාපාර කරන්න යෑම, වෙළඳපොළ පාලනය කරන්න යෑම බව නැවත වතාවක් ඔප්පු කර තිබේ. රාජ්‍ය ඒකාධිකාරයන් පවත්වාගෙන යෑම නිසා අතිශය දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිවීමට ද හේතු වූ අතර රාජ්‍ය ව්‍යාපාර පාඩු පිට පාඩු ලබමින් ජනතා බදු මුදල් නැති භංගස්ථාන කිරීම සිදුවිය.

දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රුසියාවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටෙරි මහතා ප්‍රකාශ කර ඇත.

අඬන්න ඕන කිරි එරෙන්න කීවාට ඒක හැම තැනටම හරි යන්නෙ නැත. ඉල්ලීම් දිනා ගන්න නම් ඉල්ලීම් ලබා දිය හැකි තත්වයක් තිබිය යුතුය. දැන් තෙල් දියව් ගැස් දියව් කිය කෑ ගැසුවට එහෙම තෙල් ගෑස් ලබා දීමේ  හැකියාවක් රටේ නැත. මේ රටේ තෙල් ගෑස් නැත. ඒ විදේශයන්ගෙන් ගෙන ආ යුතුයි. එහෙම ගේන්නත් ඩොලර් අවශ්‍යය. දැන් ඩොලරුත් නැති නිසා ගේන්න වෙන්නේ ණයටය. නැතිනම් ඩොලර් ටිකක් ණයට අරගෙන ගෙන ආ යුතුයි. ඒත් ඩොලර් ණයට දෙන්නත් කෙනෙක් නැත.

ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යංශය, ඩොලර් ණයට ගෙන මිලදීගත් covid 19 එන්නත් විශාල තොගයක් දැන් නොමිලේම මියන්මාරයට පරිත්‍යාග කිරීමට සංවිධානය කරමින් තිබෙන බවට ප්‍රවෘත්තියක් දැක්කෙමි.

Connet With Us