අඩු ආදායම්ලාභී පවුලකට රු. 7500-10,000 ක මුදලක් වෙන් කරයි

Published in පුවත්
Friday, 01 July 2022 17:10

දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. මෙම වැඩ පිළිවෙල යටතේ රටේ සිටින සියලුම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500- රු.10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිතය.

දැනට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය සැළකිල්ලට ගනිමින් ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල කෘෂිකාර්මික කටයුතු සමාලෝචනය කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කීය.

මේ අතර දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසැල්වල සිටින සියලුම දරුවන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් සැපයීමට ද ජීවන වියදම් කමිටුව අවධානය යොමු කර තිබේ.

මවුපියන්ගේ රැකියා සහ ආදායම් අහිමිවීම හා ආදායම් අඩුවීම සැළකිල්ලට ගනිමින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩ පිළිවෙළ යෝජනා වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දුෂ්කරතා විශාල ප්‍රමාණයක් මධ්‍යයේ මේ වන විට ජීවන යුද්ධයට මුහුණ දී සිටින පවුල් ප්‍රමාණය ලක්ෂ 30 ඉක්මවා යමින් තිබෙන බව ඒ සම්බන්ධ තොරතුරු වාර්ථා පෙන්වා දෙයි. පවුල් ලක්ෂ 30 ක් යනු රටේ බහුතර ප්‍රමාණයකි. එම නිසා මෙය වහා විසඳිය යුතු බරපතල කාරණයකි.රටේ බහුතරයක් දෙනා දරිද්‍රතාවයට පත්වීම සිදුවුවහොත් එය රටේ ඉදිරිගමනට විශාල අභියෝගයක් වෙනු ඇත.

ආහාර හිඟවීමෙන් පෝෂණ හිඟවේ. ඒ අනුව දරිද්‍රතාවය සමඟින් එන මීළඟ අනතුර රෝග බියය. ඖෂධ හිඟතාවයකට මුයුණ දී තිබියදී ලෙඩ රෝග බහුල වුවහොත් ඒ විසඳා ගැනීම ලෙහෙසි නොවනු ඇත.

දැන් ලංකාව ඇත්තේ මානුෂීය ඛේදවාචකයක් පෙනෙන නොපෙනෙන මානයේය. මේ වන විටත් ජීවත් වීමට නොහැකිව දරුවන් සමඟ ජීවිත අහිමි කරගන්නා තැනට මිනිස්සු පත්වෙමින් තිබෙන බවට වාර්ථා වෙයි. මේ තත්වයන් වහා පිළිසකර කිරීම රජයේ මූලික වගකීමකි.

ඒ අනුව දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය පියවර ගැනීම සාධනීයය. එහෙත් මේ වැඩපිළිවෙල නියමාකාරයෙන් කඩිනම්ව සිදුකිරීමට රාජ්‍ය සේවක යාන්ත්‍රණය සමත් විය යුතුය. සෑම ජීවිතයක්ම මේ රටට වටින්නේය කියන පදනමින් සියල්ල නියමාකාරයෙන් සිදුවිය යුතුය.

- මහේෂි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us