විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට, එවන ඩොලර් ගාන වගේ පස් ගුණයක ණයක් !  

Published in පුවත්
Sunday, 03 July 2022 22:47

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඩොලර් රටට ගෙන්වා ගැනීම සඳහා නව සැලසුමක් පිළිබඳ තොරතුරු අණාවරණය වේ. මේ වන් විට ඒ සඳහා මූලික එකඟතාවයන්ට රජය සහ අදාල ආයතන පැමිණ තිබේ. මෙය විදෙස්ගත ශ්‍රී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පළදායකය ණය යෝජනා ක්‍රමයකි.

විදේස් ගත ශ්‍රමිකයන්ට මෙරටට ඩොලර් එවීම සඳහා හේතුවක් නිර්මාණය කරදීම මඟින් මෙම මෙරට විදේශ විනිමය අර්බුදය යම් තරමකට පියවා ගැනීම මෙම වැඩපිළිවලෙහි අරමුණ වේ.මේ වන විට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය, රජයේ වැඩපිළිවෙලවල් සහ මෙරට දේශපාලන ක්‍රමය ගැන කළකිරී සිටින විදේශ ශ්‍රමිකයන් නිත්‍යනුකූල මාර්ගයන් මඟහැර මෙරට යැපෙන්නන්ට ඩොලර් වෙනුවට රුපියල් හෝ බඩුභාණ්ඩ ලැබෙන ක්‍රමවේදයන්ට යොමුව සිටී.එනම් උන්ඩියල් ,හවාලා වැනි නීතිවිරෝධි මුල්‍ය හුවමාරු ක්‍රමවේදයන් සහ කෙලින්ම විදේශන්ගෙන් ආහාර ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගෙන මෙරටට පැමිණෙන්නන් හරහා සිය යැපෙන්නට එවීම සිදුකරයි.

මේ නිසා මෙරටට මුදල් එවීමට සාධාරණ හේතුවක් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට නිර්මාණය කර දී මෙරට ඩොලර් සංචිතය ගොඩනංවා ගැනීමේ විකල්පය අවස්ථාවක් නිර්මාණය කිරීමට රජය යොමුවී සිටී.

මේ අනුව ඔවුන් ඉහළ ප්‍රතිලාභ ලැබෙන මෙම ආකර්ෂණීය වැඩපිළිවෙළ සකස් වෙනු ඇත.

පසුගිය කාලය විදේශ ප්‍රේෂණ වෙනුවෙන් වැඩපිළිවෙළ රැසක් යෝජනා වී තිබුණි. ඇතැම් යෝජනා ක්‍රියාත්මක වෙමින්ද පවතී. නමුත් මෙම නව යෝජනාව වඩා පළදායක වෙනු ඇතැයි රජය විශ්වාස කරයි. මේ වන විටත් මෙරට වාණිජ බැංකු සියල්ලම පාහේ එකඟ වී ඇතැයි දැන ගැනීමට ලැබේ.

මෙම නව වැඩපිළිවෙල අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක ඇති අනේවාසික ගිණුමක් වෙත මසකට එවන ලද මුදල මෙන් පස් ගුණයක පොලී රහිත ණය මුදලක් ලබාගත හැකි වැඩපිළිවෙළක් මේ හරහා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

උදාහරණයක් ලෙස මෙම ක්‍රමය හරහා යම් විදෙස්ගත ශ්‍රී ලාංකික සේවකයකු මසකට ඇමරිකන් ඩොලර් 100 බැගින් වසරක් සඳහා එවනු ලබන ඇමෙරිකානු ඩොලර් 1,200ක මුදලක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 6,000ක ණය මුදලක් ශ්‍රී ලංකාව තුළදී ඔහුට ලබාගත හැකිවනු ඇත. බැලූ බැල්මට මෙය ඉතා ආකර්ෂණීය වැඩපිළිවෙළකි.

මෙය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන්නකි.

පෙර වසර වලදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන හතක් පමණ නීත්‍යානුකූලව මෙරට එවා තිබිණි. එනම් අවම වශයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක-600ක මුදලක් මෙරටට ලැබිණි. එහෙත් පසුගිය වසර දෙක තුළදී උණ්ඩියල් ආදී ක්‍රමවේදයන් නිසා මෙම මුදලින් ද සැලකිය යුතු ප්‍රමාණයක් (ඩොලර් මිලියන 200 පමණ සීමාවක් තෙක්) රට අහිමිවි වී ගියේය.

උණ්ඩියල් ක්‍රමවේදයන් දැන් දශක ගනනාවක සිට ක්‍රියාත්මක වන්නක් නිසා සැබැවින්ම එම ක්‍රමවේදය නොවන්න ඩොලර් බිලියනයකට වඩා මෙරටට ලැබිය යුතු විය. උණ්ඩියල් හරහා ඩොලරයට වැඩි මිළක් නියම වීම, ඉතා පහසු ක්‍රමයක් වීම මෙම නීත්‍යානුකූල නොවන ක්‍රම ජනප්‍රිය වීමට හේතු විය. නමුත් පසුගිය කාලයේ මෙරට දේශපාලන සහ ආර්ථික අර්බුද හමුවේ පැවැති දුර්වල පාලනයට එරෙහිව නීත්‍යානුකූල මාර්ගයන්ගෙන් ඩොලර් එවීම හිතාමතාම වැලැක්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් කටයුතු කරතිබිණි.

කොහොම නමුත් යෝජිත වැඩපිළිලෙ හරහා ලැබෙන ප්‍රතිලාභයන් ඔවුන්ගේ ජීවිතයේ විවිධ අරමුණු සාක්ශාත් කරගැනීමට පහසු අවස්ථාවක් නිර්මාණය කර දෙන බැවින් ශ්‍රී ලාංකිකයන්ට සිය සිහින සැබෑකර ගැනීමට හැකිවෙනු ඇත.

මේ වන විටත් විදේශගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමේදී ඔවුන්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර රජයේ සහ පෞද්ගලික බැංකුවල ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. බැංකු ක්‍රමය හරහා මුදල් එවීමේදී දැනට ලබාදෙන ප්‍රතිලාභවලට අමතරව තවත් ප්‍රතිලාභ ලබාදෙන ලෙසට අමාත්‍යවරයා එහිදී ඉල්ලා ඇත.

වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට මෙරට සියලු වාණිජ බැංකු එකඟ වී ඇති අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පවත්වා තිබුණි. ඊට විදේශ සේවා හා කම්කරැ අමාත්‍ය මනූෂ නානායක්කාර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරැසිංහ යන මහත්වරැ හා මෙරට සියලුම වාණිජ බැංකු නියෝජිතයෝද සහභාගී වී සිටියහ. මෙහිදී ගොඩනැගුණු එකඟතා අනුව ඉතා ඉතා කඩිනමින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත.

 

SJ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us