නිලධාරිවාදයක්, නිලධාරී මාෆියාවක් මෙන්ම දුෂිත දේශපාලන සංස්කෘතික් බිහිවූයේද ඒ් අනුවය. රජය යනු දූෂණයට කියන තවත් නමක්ය කියන කාරණය හෙණ ගහන ඇත්තක් බවට පත්ව තිබේ.
එහෙත් මේ තත්වයන් වෙනස් කිරීමට නිදහසෙන් පසුව කිසිදු පාලකයෙකුට ඇත්ත අවශ්‍යතාවයක් තිබුණේ නැත. 1977 න් පසුව රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලිකකරණයට පියවරයන් ගෙන පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගත්තද ඊට එරෙහිව පැන නැගුණු ජාතිකවාදී සහ වාමාංශික විරෝධතා නිසා ඒ බොහොමයක් ක්‍රියාමාර්ග හකුළා ගැනීමට සිදුවිය.
එහෙත් රාජ්‍ය වෙළඳ ඒකාධිකාරයන් පවත්වාගෙන යෑම දුෂිත දේශපාලන යාන්ත්‍රණයේ පැවැත්මට අවශ්‍ය නිසා නිදහස් වෙළඳපොළ ක්‍රමයට රට මුළුමනින්ම විවෘත නොකිරීමට ද පරිස්සම් වී තිබේ. අදත් රාජ්‍ය ප්‍රතිපත්තීන් පදනම්ව ඇත්තේ ඒ මතය. වර්ථමානයේ රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස හඳුන්වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් සැකසී ඇත්තේත් මේ රාජ්‍ය වෙළඳ ඒකාධිකාරයන් සුරක්ෂිත කිරීම මත මේ රට සංවර්ධනය කළ හැකිය කියන ජාතිකවාදී සහ වාමාංශික හණමිටි අදහස් ගොන්න සමඟය.
එම ප්‍රතිපත්තීන් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට යෑම නිසා වසරක් වැනි කෙටිකාලයක් තුළ රාජ්‍යය බංකොළොත් කිරීමට සමත්ව තිබේ. 70 දශකයේ සියරට දේ සිරි සැප දේ කියමින් ක්‍රියාත්මක කළ සංවෘත්ත ආර්ථික ප්‍රතිපත්ති නිසා රට බංකොළොත් කළාට වඩා වැඩි වේගයකින් මෙවර කඩා වැටීම සිදුවිය. එදා සංවෘත්ත ආර්ථික ගැන යම් අවබෝධයක් ඇති පිරිසක් සහ ඇත්තම වුවමණාවකින් එම ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම සිදු වූවත් මෙවර ඒ සිදු කළේ මුග්ධයන්, පිස්සන් සහ දූෂිතයන් රැළකි කීවාට වැරදි නැත. ඔවුන් නැවත දශක ගනනාවකට ගොඩ එන්න බැරි තරමට රට ආගාධයකට තල්ලු කර ඇත.
දැන් කාට කාටත් මේ වළෙන් ගොඩ එන විදිහක් ගැන සිතාගන්නවත් නොහැකිව සිටී. ඒ අතර තවමත් වාමාංශික සහ ජාතිකවාදී මුග්ධ දෙබෑයෝ සියරට දේ සිරි සැප දේ කරානම් හරිය කියමින් කරන නන්දෙඩවිලිද අසන්නට තිබේ. මාස 6 න්, අවුරුද්දෙන් අපි රට ගොඩදාලා පෙන්වන්වා යැයිද කියති. මේ විසුළුකාරයන් යැයි කිසිවිටෙක් නොසිතිය යුතුය. රට මේ තැනට ඇද දැමීමේ මූලිකම කටයුත්ත සිදුකළේ මේ අයය. වාමාංශික සහ ජාතිකවාදී හණ මිටි අදහස් වලින් රට කුරුවල් කර දැමුවේ මේ අයය. ඒ නිසා මේ අය මේ කරන්නේ විහිළු කිරීමක් නොවේ. රටට ගොඩ එන්න තිබෙන අවස්ථාවන් නැති භංගස්ථාන කර දැමීමකි.
රාජ්‍ය ව්‍යාපාර ඒකාධිකාරයක් නඩත්තුකරමින් ගොඩ ආ රාජ්‍යයන් මේ ලෝකයේ ඇත්නම් ඒ තුවක්කු කටින් රාජ්‍ය පාලනය කරන, ඒකාධිපති පාලනයන් පවත්වාගෙන යන, පෞද්ගලික දේපොළ මුළුමනින්ම අහෝසි කළ සමාජවාදී රාජ්‍ය නමින් වන චීනය, උතුරු කොරියාව රටවල් දෙක පමණයක් කියා පැවැසිය හැකිය. සමාජවාදී නමින් වන සෙසු රටවල් වල තත්වයන් දැන් වෙනස් වෙමින් ආර්ථිකයන් විවෘත වෙමින් පවතී.
කොහොම නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්වයට පිළියම් යෙදීම කිසිසේත්ම පහසු කරණයක් නොවේ. ඊට පළමු පියවර තැබිය යුත්තේ මේ රටේ අටුවම් බැස තිබෙන, ජාන ගත වී තිබෙන වාමාංශික සහ ජාතිකවාදී හණ මිටි, ග්‍රාම්‍ය ආකල්පවලින් ජනතාව මුදා ගැනීමය. වත්මන් වැඩිහිටි පරපුර කෙසේ වෙතත් රටේ අනාගතය බාර ගැනීමට සූදානම්ව සිටින තරුණ හා ළමා පරපුරවත් නිවැරදි අදහස් වලින් පෝෂණය කළ හැකිනම් අනාගතයේ දී මේ රට ඔවුන් විසින් දියුණු රාජ්‍යයක් කරගන්නවාට සැක නැත.
-SJ
මේ පහත දැක්වෙන්නේ සමාජ දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයකු වන රසික ජයකොඩි සිය ෆේස්බුක් ගිණුමෙහි කළ වැදගත් සටහනකි.
ලංකාවේ ආර්ථිකය විනාශ මුඛයට යන්න එක ප්‍රධාන හේතුවක් වූයේ ලංකාවේ මිනිසුන්ට වාමාංශික ප්‍රතිපත්ති සමග බැඳුණු ඉතා ම අතාර්කික, රොමෑන්තික ආසාවක් තිබීමයි.
1950-60 දශකවල ජීවත් වූ මිනිසුන්ට මේ රොමෑන්තික ආසාව විශාල ආශ්වාදයක් ගෙනදුන්නත් ඉතිහාසය දෙස නැවත හැරී බලනකොට පෙනී යන්නේ ඒ නිසා ලංකාවට සිදු වූයේ අති විශාල අනර්ථයක් බවයි.
මේ සඳහා හොඳ ම උදාහරණයක් වූයේ 1961 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව විසින් සිදුකළ තෙල් සමාගම් ජනසතුවයි.
මේ යටතේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු තෙල් සමාගම් වූ ෂෙල්, Esso සහ කැල්ටෙක්ස් කියන සමාගම් තුන සිරිමාවෝ ගේ ආණ්ඩුව ලංකාවෙන් පිටමං කළා.
එම සමාගම්වලට අයත්ව ලංකාවේ තිබුණු දේපල ආණ්ඩුවට පවරා ගත්තා.
මේ "තෙල් ජනසතුවෙන්" මාස කිහිපයකට පසුව සිරිමාවෝ ගේ ආණ්ඩුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටවූවා.
ඒ කාලයේ මේ තෙල් ජනසතුව ලංකාවේ මිනිසුන් ගේ රොමෑන්තික 'වමේ සිහිනය' සන්තර්පණය කළා.
මෙයින් සිදු වුණු එක ම වෙනස වුණේ ඔපෙක් රටවල්වල තෙල් ඒකාධිකාරයෙන් මිදී සෝවියට් දේශය වැනි සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන මිලදී ගන්නට හැකියාව ලැබීමයි.
ඒත් ඒ වෙනුවෙන් අපට දිගුකාලීනව ගෙවන්න සිදු වූ පිරිවැය ඉතා විශාලයි.
ලංකාවෙන් පිටමං කළාට පසු Esso වැනි සමාගම් සිංගප්පූරුවේ තමන් ගේ මෙහෙයුම් ඉතා ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කළා.
ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය තෙල් සමාගම් පන්නලා දාලා ස්ථාපිත කරපු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද එක දවසකට රුපියල් බිලියනයක් පාඩු ලබන තැනකට ඇවිල්ලා තියෙනවා.
අපේ රටේ තිබුණු සමාගම් සිංගප්පූරුවට එළවූ අපි අද සිංගප්පූරුවෙන් වසරකට ඩොලර් මිලියන 360ක පමණ පිරිපහදු තෙල් ගෙන්වනවා.
අද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන්නේ ආර්ථිකයට විශාලත ම බරක් වූ රාජ්‍ය ආයතන තුනෙන් එකක්.
කොටින් ම මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් එක තෙල් කඳුළක් නැතුව ඉන්ධන පිරවුම්හල් අසල දවස් ගණන් පෝලිම් ගැසී අපා දුක් විඳිනවා.
සිරිමාවෝ ගේ "වාමාංශික ප්‍රතිපත්තිවල" අග්‍ර ඵලයක් ලෙස සැළකෙන තෙල් ජනසතුවෙන් අවුරුදු 61 ගත වූ තැන අප නතර වී සිටින තැන එතැනයි.
මා මෙතැනදී ඇඟිල්ල දිගු කරන්නේ සිරිමාවෝට පමණක් නෙවෙයි.
එහෙත් අඩු තරමේ පසුකාලීනව සිටි පාලකයන් හෝ මේ තීරණයේ අනර්ථකාරී ප්‍රතිඵල දැකලා එය ආපසු හැරවිය යුතුව තිබුණා. ඒත් ඔවුන් සියලු දෙනා ම කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමන් ගේ හෙංචයියන්ට රැකියා දෙන, තමන් ගේ ගෝලබාලයන් ගේ බවුසර් කුලියට ගන්න, වංචාව සහ දූෂණය ඉහවහා ගිය 'දූෂිතයන් ගේ කෙම්බිමක්' විදියට දිගින් දිගට ම පවත්වාගෙන යාමයි.
ඒ වගේ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ, ප්‍රතිසංස්කරණය කිරීමේ හැම යෝජනාවක් ම ජාතිකවාදයෙන්, වාමාංශික හැඟීම්වලින් ඔද වැඩී ගිය ලංකාවේ මිනිසුන් ප්‍රතික්ෂේප කළා - ඔවුන් අදත් එය ම කරමින් ඉන්නවා.
ඛනිජ තෙල් සංස්ථාව තුළ සිටින අන්ත දූෂිතයන් මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යාම සඳහා මේ හැම ප්‍රතිසංස්කරණයට ම විරුද්ධ වෙනවා.
මේ අතාර්කික වාමාංශික චූන් වීම නිසා ලංකාව තමන්ට පවත්වාගෙන යන්න බැරි තරම් විශාල 'ආණ්ඩුවක්' පවත්වාගෙන යනවා.
ආණ්ඩුවෙන් තෙල් විකුණනවා. කජු විකුණනවා. සම්භාණ්ඩ හදනවා. ලී විකුණනවා. සිමෙන්ති හදනවා. විසිතුරු භාණ්ඩ හදලා විකුණනවා. මැටි බඩු හදනවා. ගුවන් සේවා පවත්වාගෙන යනවා. ටීවී, රේඩියෝ චැනල් පවත්වාගෙන යනවා. පත්තර ගහනවා. චිත්‍රපට පෙන්වනවා. මේ විදියේ මෙකී නොකී ව්‍යාපාර ආණ්ඩුව විසින් කරනවා. මේවායින් බහුතරයක් දැඩි ලෙස පාඩු ලබනවා. බෙල්ල මුලට ම හිරවෙලා ඉන්න ජනතාව පරිප්පු ඇටයේ සිට බදු ගෙවමින් මේ සියල්ල නඩත්තු කරගෙන යනවා.
කොටින් ම ආණ්ඩුව විසින් තමන් ඇත්තට ම කළ යුතු කාර්‍යයන් හැරෙන්නට අනෙක් හැම දෙයක් ම කරනවා.
මේ විශාල ආණ්ඩුව පවත්වාගෙන යන්න රාජ්‍ය සේවකයන් මිලියන 1.5ක් ඉන්නවා. ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකකට රාජ්‍ය සේවයේ රැකියා ලබා දී තිබෙනවා. මේ වෙනකොට ලංකාව කියන්නේ ජනගහණයට සාපේක්ෂව ලෝකයේ විශාල ම රාජ්‍ය සේවයක් තියෙන රටක්.
ලංකාව මේ තත්ත්වයට ඇද වැටෙන්නට මේ කියන අසමත් සහ අතාර්කික වාමාංශික මොඩල් එක ඉතා ම විශාල දායකත්වයක් දැක්වූවා. අද ලංකාව රටක් වැටෙන්න පුළුවන් පහළ ම තැනිනුත් පහළට වැටී තිබෙනවා. දශකයකටවත් ගොඩඑන්න බැරි විදියේ අගාධයකට වැටී තිබෙනවා.
තවමත් ලංකාව ලිබරල්කරණයට බයයි. වෙළෙඳපොළ විවෘත කරන්න බයයි. පුද්ගලික අංශයට බයයි. පුද්ගලික ව්‍යාපාරවලට බයයි. සෘජු විදෙස් ආයෝජනවලට, ධනය උත්පාදනයට බයයි. මේ තරම් විශාල ප්‍රපාතයකට වැටිලත් අපට මේ කරුමක්කාර චින්තනයෙන් ගොඩඒමක් නැහැ.
ලෝකයේ අපට පසුපසින් සිටි බොහෝ රටවල් අප පසුකර වේගයෙන් ඉදිරියට ගියේ අහම්බයක් නිසා නෙවෙයි. ඔවුන්ට එහෙම කරන්න පුළුවන් වුණේ අපේ වළ අප ම කපාගත් නිසයි.
මේ තරම් විශාල ප්‍රපාතයක වැටිලත් ලංකාවේ මිනිසුන් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා යැයි හිතනවා නම් ඔබට විශාල වැරදීමක් සිදුවී තිබෙනවා.
-
රසික ජයකොඩි