සල්ලි දීලා ගත් කොවිඩ් එන්නත් මියන්මාරයට නිකම් දෙන්න වූයේ ඇයි? Featured

Thursday, 30 June 2022 20:41

ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යංශය, ඩොලර් ණයට ගෙන මිලදීගත් covid 19 එන්නත් විශාල තොගයක් දැන් නොමිලේම මියන්මාරයට පරිත්‍යාග කිරීමට සංවිධානය කරමින් තිබෙන බවට ප්‍රවෘත්තියක් දැක්කෙමි.

මෙසේ මේ තරම් ආර්ථික දුෂ්කරතාවන්ගෙන් දුක් විඳින ලංකාව ඩොලර් ණයට ගෙන මිලදී ගත් එන්නත් තොගයක් වෙනත් රටකට දීමට සිදුවීම ඉතාමත් කණගාටුදායක තත්වයකි.

එසේ සිදුව ඇත්තේ අපට නියමිත ක්‍රමවේදයකට එම එන්නත් ජනතාවට ලබාදීමට නොහැකි වූ නිසාද, එසේත් නැත්නම් අපට හරියට එන්නම් අවශ්‍යතාවය ගණන් කර ගැනීමට බැරි වූ නිසා ද? යනුවෙන් ප්‍රශ්නයක් පැනනගී.

කෙසේ වුවත් මෙම නොහැකියාව නිසා අප රටේ පුරවැසියන්ට මහත් පාඩුවක් සිදුව තිබේ. ඩොලර් නොමැතිව අන්ත දුෂ්කර තත්ත්වයට වැටී ඇති අපි දැන් ඩොලර් ණයට ගෙන මිලදීගෙන ඇති එන්නත් කල් ඉකුත් වීමට ආසන්න වීම නිසා වෙනත් රටකට නොමිලේ දීමට සිදුව ඇත්තේය.

මෙයට මාස කිහිපයකට පෙර මා උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ, සැමවිටම ලංකාව අසලින් වැටී ඇති මුහුදු මාර්ගයෙන් ව්‍යාපාර කටයුතු කිරීමට උත්සුක වන, ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සමාගම, මෙසේ එන්නත් තොගයක් කල් ඉකුත් වීමට යන බව දැනගන්නට ලැබී එම එන්නත් රජයෙන් මිලදී ගැනීමට සැලසුම් කරන ලද ආකාරයත්, ඒ සඳහා වැඩ කළ ආකාරයත් මම ළඟින්ම දැක්කෙමි.

එසේ එන්නත් තොගය හා මිලදී ගැනීමට සැලසුම් කළේ ඒවා වෙළඳ නෞකාවල සේවය කරන නාවිකයන්ට ගාල්ලේ දී ලබාදීමට සැලසුමක් සකස් කර ය.

මෙම සැලසුම සකස් කරන ලද්දේ එකල covid 19 පැතිරීම නිසා, වෙළඳ නෞකාවල ගමනාගමනයට ඇතිවී තිබූ මහත් දුෂ්කරතාවයන් වැළැක්වීම සඳහාය. කලින් කතා කරගත් පරිදි ලංකාවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය නියමිත වෙළඳ නෞකාවට නැගීමටත් එහිදී කාර්යමණ්ඩලයේ එන්නත ලබා නොගෙන ඇති සියලුම දෙනාට ලබාදීමටත්ය.

නෞකාවට නැගී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ එක සාමාජිකයෙකු නෞකාව ගමන අවසානය වන වරායට ගොස් එහිදී දෙවන එන්නත ද ලබා දී ආපසු ගුවනින් පැමිණීමටද සැලසුම් කෙරුණි.

මෙම අදහස නියමිත ආකාරයට සැලසුම් කර එම සැලසුම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අන්තර්ජාතික සාගර සංවිධානය (international maritime organisation) වෙත දන්වන ලදුව මෙම මහඟු ්‍රියාදාමයට ඔවුන්ගේ අනුමැතිය සහ ආශිර්වාදයද ලබා දුනි. මෙවැනි වැඩ පිළිවෙලකින් රටට ලැබෙන ජාත්‍යන්තර කීර්තිය ගැන විශේෂයෙන් කිව යුතු නොවේ.

වෙළඳ නෞකා සමග යම් වැඩක් කරන විට ඒවාට ගාස්තු ලැබෙන්නේ ඩොලර් වලිනි. එපමණක් නොව එම ගෙවීම් ලෝකයේ සාමාන්‍යයෙන් එවැනි කටයුතු වල දී ගෙවන ඉහළම ගෙවීම් පරාස වල පවතී.

එසේම covid-19 ලෝක ආර්ථිකය ගිල ගනිද්දී, එක්සත් ජාතීන්ගේ මණ්ඩලය කිහිපයක් key workers ලෙසට නම් කළේ ඒවා නැවතුනොත් ලෝක ආර්ථිකය විශාල බිඳවැටීමකට ලක් වන නිසාය. වෙළඳ නෞකා වල නාවිකයන් ද මේ ගණයට ඇතුල් කරන ලදී.

2021 වසර ගනන් බැලීම් වලට අනුව ලෝකයේ වෙළඳ නැව් 74,000ක, නාවිකයන් මිලියන 1.8 ක් සේවය කරති. මේ සේවාව අපට කර ගන්නට ලැබුනේ නම් ලබාගත හැකිව තිබුණු ගාස්තුව ගැන යම් අදහසක් මෙයින්ම ලබාගත හැකිය.

දැන් මේ සියල්ල සැලසුම් කරගෙන ඒවා සඳහා අනුමැතියන් ලබාගෙන, ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම , මෙසේ එන්නත් කල් ඉකුත් වීමට යන බව පෙන්වා දී, එක් එන්නතක් $50 ගණනේ අත්පිට මුදලට මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කළේය.

සමාගම යෝජනා කළේ කල් ඉකුත් වීමට කිට්ටුවන එන්නත් 750,000 මිලදී ගැනීමටය. අඩු තරමින් මෙයින් යම් කොටසක්, ලක්ෂයක් පමණ වත් මේ සඳහා නිදහස් කළේ නම් ඒ සඳහා රජයට ලැබෙන මුළු මුදල ඩොලර් මිලියන පහකි. දැන් රජය ගෑස් නැවකට ඩොලර් මිලියන 2.5 ක් ගෙවා ගන්න බැරිව ලත වෙන සැටි අපි මේ ලඟදි ප්‍රවෘත්ති වල දුටුවෙමු.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මේ වැඩපිළිවෙල අසාර්ථක කිරීමට තමන්ට හැකි සෑම උත්සාහයක්ම ගත්හ.

එසේ අකුල් හෙලා දැන් අපි ඩොලර් ගෙවා මිලදී ගත් එන්නත් වෙනත් රටකට නොමිලේ දෙන්නට සිදුවීම කොතරම් ශෝකජනකද?

මේසා විශාල පහසුවෙන්ම භාණ්ඩාගාරයට ලබා ගැනීමට හැකියාව තිබියදී එසේ නොකරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳ වගකිව යුතු නිලධාරීන් විසිනි.

තමන්ට යම් ගණනය කිරීමක් වරදින්නට පුළුවන එහෙත් පාඩුවක් රටට නොකර එම වරද නිවැරදි කර ගන්නටත් දැක්මක් තිබිය යුතුය.

lakshmanillangakoon.blogspot.com

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us