IMF : රජයේ කතා සාර්ථකයි. විපක්ෂේ කතා අසාර්ථකයි. Featured

Thursday, 30 June 2022 15:59

මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම රාජ්‍ය බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡා අවසානයේ දී ඒ පිළිබඳ අද (30) දින නිකුත් කරන ලද නිවේදනය අනුව මේ වන විට මෙම සාකච්ඡා සාර්ථක මට්ටමින් සිදු වෙමින් තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට මූල්‍ය අරමුදලේ කැපවීම යළිත් තහවුරු කරන බවත් අවධාරණය කර තිබේ.

එහිදී “ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. උද්ධමනය ඉහළ සහ ඉහළ යන අතරම, 2022 දී ආර්ථිකය සැලකිය යුතු ලෙස හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරනවා. විදේශ සංචිත ඉතා පහළ මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වී තිබෙනවා. මෙම සංචාරයේදී, ශ්‍රී ලාංකීය ජනතාව, විශේෂයෙන්ම අර්බුදයෙන් අසමාන ලෙස පීඩාවට පත් දිළිඳු සහ අවදානමට ලක්වූවන් මුහුණ දෙන දුෂ්කරතා කිහිපයක් කණ්ඩායමට දැකගත හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට අපගේ කැපවීම අපි යළිත් තහවුරු කරනවා“, යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම පවසයි.

Peter Breuer සහ Masahiro Nozaki යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායමක් 2022 ජූනි 20 සිට 30 දක්වා කොළඹට පැමිණ ශ්‍රී ලංකාව සඳහා IMF සහය සහ බලධාරීන්ගේ විස්තීරණ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කළේය.

මේ අතර දූත කණ්ඩායම වැඩිදුරටත් පවසන්නේ,

“..බලධාරීන් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර ඔවුන් සමඟ සංවාදය දිගටම කරගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර ඇති බවය.

“මෙම සන්දර්භය තුළ, සාර්ව ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම, රාජ්‍ය ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් ආර්ථික වැඩසටහනක් සැලසුම් කිරීම පිළිබඳව සාකච්ඡා අවධානය යොමු වූ බවය.

දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සහතික කරන අතරම ඉහළ ගිය රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීමේ අවශ්‍යතාවය ඇතුළුව, මෙහෙයුම අතරතුර සාකච්ඡා සැලකිය යුතු ලෙස ඉදිරියට ගිය බවය.

ආදායම් අඩු මට්ටමක පවතින බැවින්, මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දිගුකාලීන බදු ප්‍රතිසංස්කරණ වහා අවශ්‍ය වේ. ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය අනෙකුත් අභියෝග අතරට උද්ධමනය ඉහළ යාම පාලනය කිරීම, දැඩි ගෙවුම් ශේෂ පීඩනය ආමන්ත්‍රණය කිරීම, දූෂණ අවදානම් අවම කිරීම සහ වර්ධනය ඉහළ නංවන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම ඇතුළත් වන බවත් සදහන්ය.

බලධාරීන් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර ඔවුන් සමඟ සංවාදය දිගටම කරගෙන යාමට අපි බලා සිටිමු යන අවධාරණය ද සිදුකර තිබේ.

කෙසේ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා සාර්ථක වීම අනාගත අපේක්ෂා දල්වන්නකි. ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අනේක විධ අර්බුධකාරිත්වයන්ගෙන් යම් තරමකට හෝ ගැලවීම සඳහා යම් ස්ථිර සාර විසඳුමක් ලෙස ඇත්තේ මුල්‍ය අරමුදලේ සහය පමණි. මෙමගින් විදේශ විනිමය ගැටළුව විසදාගැනීමට අවශ්‍ය දොරටු විවෘත්ත කරගත හැක.

මේ නිසා රටක් විදිහට යම් කැපකිරීමක් හෝ සිදුකරමින් මේ සාකච්ඡා සාර්ථක කර ගැනීමට මේ මොහොතේ අත්හැරිය නොහැකි වගකීමක් පාලකයන්ටත් ජනතාවටත් තිබේ.

පසුගිය මාස කිහිපයක සිට ඇතැම් විපක්ෂ බලවේග මෙම සාකච්ඡා සිදු නොවන තැනට, ඒ කඩාකප්පල් කරන තැනට කුමන්ත්‍රණකාරී ලෙස හැසිරෙනු දකින්නට තිබිණි. මේ සාකච්ඡා නිසා සහනාධාර නැතිවෙනවාය, රාජ්‍ය සේවය කප්පාදු කරනවාය, රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කරණවාය, රට බටහිරට යටත්වනවාය..අම්බෝ රට ඉවරෝයි කියමින් නොයෙක් ආකාරයේ බිල්ලන් මවමින් මේ සාකච්ඡා සිදු නොවන තැනට කටයුතු කිරීමටත් ඒ ගැන ජනතා විරෝධයක් මතු කර ආණ්ඩු විරෝධයක් ඇති කිරීමටත් වෙහෙසුන පිරිස් සිටියහ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මීට පෙර ගනුදෙනු කර නොමැති නම් ඊට එරෙහිව ගොඩ නඟන බිල්ලාට රටක් රැවැටිය හැකිව තිබිණි. එහෙත් ඒ යුගය අප පසුකර දැන් ගොඩක් කල්ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකත්වය මුදල් ගෙවා ශ්‍රී ලංකාවට ලබාගැනීමට මීට දශක ගනනාවකට පෙර යුගයක දී කටයුතු කර ඇත්තේ යම් විදිහකින් අනාගතයේදී මුහුණ දීමට සිදුවිය හැකි ගෙවුම් ශේෂ අර්බුදයකදී අවශ්‍ය සහයෝගය ලබාගැනීම වෙනුවෙනි. එවැනි අවස්ථා කිහිපයකදීම ඒ සහය ශ්‍රී ලංකාව ලබාගෙන ඇත.

එහිදී කොන්දේසි වලට යටවීමට සිදුවීම අනිවාර්ය තත්වයකි. මන්ද අරමුදලෙන් රටකට ණය දෙන්නේ මුදල් තබාගෙන ඉන්න බැරිකමකට නොවේ. ඒ ආපසු අය කර ගැනීමේ අපේක්ෂාව සහිතවය. ඒ අනුව නැවත මුදල් ලැබෙන බවට අරමුදලට තහවුරුවක් අවශ්‍යය. එය තහවුරු කරන්න නම් අදාල රට එය සිදුවන විදිහ පෙන්වා දිය යුතුය.

විදෙස් ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් වෙච්ච රටක්, තෙල් ටික, ගෑස් ටික, කෑම බෙහෙත් ටික ගෙන්න ගන්න ඩොලර් නැති රටක්, වෙනත් රටකින් ණයක් ඉල්ල ගන්න බැරි තරමට හිඟමනෙනුත් පහළට වැටිච්ච රටක්, බවට පත් වූවායෙන් පසුව කවුරු හෝ ණයත් දෙන්නේ ස්ථිරවම එය ලැබෙන බවට,ලැබෙන ක්‍රමවේදය, ඒ සඳහා මුදල් උපයා ගන්නා ක්‍රමවේදය, ඒ වෙනුවෙන් කරණ ප්‍රතිසංස්කරණයන් ආදිය ගැන නිවැරදිම වැටහීමක් ලබාගැනීමෙන් පසුවය.

රටකට මෙම ණය ගෙවීමේ හැකියාව ගැන සැලැස්මක් හෝ අදහසක් නැතිනම් ඒ සිදුකළ හැකි ආකාරය ගැන උපදෙස් අරමුදලෙන් ලබාදීම සිදුවේ. මේ වන විට ශ්‍රී ලංකාව සමඟ වන සාකච්ඡා තිබෙන්නේ මේ අවස්ථාවේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කොන්දේසි දමනවාය කියන්නේ මේ උපදෙස් පිළිපැදීමට රජය එකඟවීමය. පස්ස කහ ගන්නවත් නියපොත්ත නැති තැනට වැටුණු විට පොර මානසිකත්වයෙන් කටයුතු කළ නොහැක.

රට එතෙන්ට වැටුණේ අපේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මිසක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ වෙනත් විදේශ රාජ්‍යයක් හෝ දැමු කොන්දේසි නිසා නොවේ. මේ වැරැද්ද නිවැරදි කරගැනීම කර නොගත්තොත් මේ වැටුණු වළෙන් ගොඩ ඒමක් නැත. නැවත් වළවල් වල නොවැටී යෑම ගැන කාට මොනවා කිව හැකි වෙතත් මුලින්ම වැටුණු වළෙන් ගොඩ ඒම සිදුකළ යුතුය. අද ආණ්ඩුව උත්සහ කරමින් සිටින්නේ එයටය.

ඒ වළෙන් ගොඩ ආ පසු මාස 6 න්, අවුරුද්දෙන් රට හදනවා වගේ කතාවලට යම් පිළිගැනීමක් ඇතිවිය හැකි නමුත් අද අවශ්‍යතාවය වන්නේ වළෙන් ගොඩ එන්න ගන්නා උත්සාහයට ආණ්ඩුවට සහය වීමය. විවේචන සහිතව හෝ ඒ සහය ලබා දිය යුතුය. මන්ද වළ ඇතුළට වී , අපිට දුන්නොත් කරළා පෙන්නනවා කියමින් කා කොටා ගැනීමෙන් වළෙන් ගොඩ ඒමක් ගැන සිතන්නවත් නොහැකි නිසාය.

අද විපක්ෂය කියන්නේ වළෙන් ගොඩ එන්න හැක්කේ එයාලට වැඩේ බාරදුන්නොත් පමණක් කියාය. එහෙත් එය සිදුකරන්නේ කොහොම දැයි තවම කතාවක් නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඩොලර් ඉනිමඟ වළට දැම්මොත් හැර ගොඩ එන්නේ කෙසේදැයි පැහැදිලි නොකර ආණ්ඩුව පෙරළා දමා කරන්න හදන දේ ජනතාව දැන ගත යුතුය.

මේ පවතින ආණ්ඩුව පෙරළා දැමීමට ජනතාව ඔ්නෑම මොහොතක කැරැළි ගැසීමට සූදානම්ව සිටිනවාට සැක නැත. මන්ද පීඩනය එතරම්ම උග්‍රය. එහෙත් කැරලි ගසා දිනා ගන්නේ මොනවාද යන්න ගැන මේ කිසිවකුට අදහසක් නැත. මේ නිසා කැරැලිගැසීම් හුදු විනාශයකින්ම කෙළවර වන්නකට වඩා දෙයක් නොවේ.

අද විය යුතුව තිබෙන්නේ ආණ්ඩුව දැඩි අවදානමක් මධ්‍යයේ රටේ අර්බුදය විසඳා ගන්න දරණ මහන්සියට යම් සහයෝගයක් දීම පමණය. එතැනින එහා සිදුවන දෙයක් ඇත්නම් ඒ මේ සියල්ල විනාශ කිරීමේ වුවමණාව පමණය.

- The Novemberist

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us