මේ පාර රියර්සල් නෙවෙයි.. රටම එකපාර ගිනි තියනවා..! Featured

Tuesday, 28 June 2022 23:45

පහුගිය වතාවේ ජෙප්පෝ, පොහොට්‍ටුවට ඡන්දෙ දීපු එවුන් කියල හොය හොයා ගෙවල් මංකොල්ල කෑවා, ගිනි තිබ්බා. ඒ අස්සෙ යූඑන්පී කාරයන්ගේ, සජබෙ උන්ගෙත් ගෙවල් මංකොල්ල කෑවා ගිනි තිබ්බා...

සංවිධානාත්මකව මේක කළේ, කලින් සූදානම් වෙලා ඉඳලා. ගමට පිටස්තර ප්‍රදේශ වලින් කණ්ඩායම් ගෙන්නලා මේක කළේ. ඒ් ගම්මුන්ට ආපු එවුන් අඳුන ගන්න බැරි වෙන්න.

මොන දේශපාලනය කළත් ඒ වෙනස්කම් තිබ්බේ මැතිවරණයකදි විතරයි. ඒ බේද දිගට ගියේ නෑ. පස්සෙන් පන්න පන්න, ජීවිත කාලේ පුරා වෛරයන් හිතේ තියාගෙන,  අසල්වැසියා එක්ක මරාගන්න, ගෙවල් මංකොල්ල කන්න, ගිනිතියන්න ගියේ නෑ. ගමට අනතුරක් නම් මේ ගමේ කම ආරක්ෂා කරගෙන එකිනෙකාව ‍රැක ගත්තා. ගමේ සමගිය කැඩෙන්න දුන්නේ නෑ. ජෙප්පො පිටින් කට්ටිය ගෙනත් ගැහුවේ ඒකයි. උන්ට ගමේ සමඟියත් බාධාවක්.  ඒ විදිහට රට පුරාම භීෂණයක් හැදුවා.

දැන් ආයෙත් ඒකට ලැහැස්ති වෙනවා.. රටේ අර්බුදයන් උත්සන්න වෙලා තියෙන වෙලාවේ, මිනිස්සු දැඩි පීඩනයකින් රත් වෙලා ඉන්න වෙලාවේ, රට ගිනි තියලා ඒක මිනිස්සු පිට දාන එක ලෙහෙසියි. මේ උගුල් වල වැටෙන සහිබුද්ධියක් නැති මිනිස්සුත් ඉන්නවා..ඒ මිනිස්සුන්ව පොළඹවන වැඩේ දැන් ජෙප්පො කරමින් ඉන්නවා. රටේ නැති අර්බුද හදමින් ඉන්නවා. රජය මේක ගොඩගන්න මොකක්ම හරි දරණ වෑයම කඩාකප්පල් කරන්න වැඩ කරමින් ඉන්නවා. තමන්ගේ බලමුළු සියල්ල දැන් මේ වැඩේට යොදවලා.

මුලින් කළේ, ඒ කියන්නේ මැයි 09 වෙනිදා කළේ රියර්සල් එකක් කියන එක ජවිපෙ නායකයෝම කලින් කිව්වා. දැන් හරියටම වැඩේ කරන්න හදන්නේ. අහුකොන් නෙවෙයි.. රටම එකපාර ගිනි තියන්න හදන්නේ.  ඒ විනාශය කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ..

ඒ නිසා සියළු රට වැසියෝ මේ ගැන අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යයි..! රට දැන් මුහුණ දීල තියෙන අර්බුදය කැරලිගහලා විසඳන්න බැහැ. ආණ්ඩු පිට ආණ්ඩු මාරු කළත් විසඳන්න බැහැ. මේක සාකච්ඡාවෙන් සම්මුතියෙන් සියලු දෙනා එකතුව හෙමින් සැරේ, ඉවසීමෙන්, එහෙත් ඉක්මනින් විසඳා ගත යුතු තත්වයක්. 

ඒත් ජෙප්පන්ට ඕන රට ගිනි තියලා මළ කඳන් උඩින් පැනගෙන ගිහිල්ල හරි බලය ගන්න. අපි ජනතාව වෙනුවෙන් සටන් වදිනවා කියන බැනරය ඉස්සරහට දාගෙන ජවිපෙ එන්නේ මොකාටද කියන එක හරි පැහැදිලියි.

තමන්ට බලය දුන්නොත් මාස 6 කින් රට හදලා පෙන්වනවා කියන එකෙන්ම ජෙප්පන්ට රට හදන්න තියා රට මුහුණ දීලා තියෙන අර්බුදය ගැනවත් දැනුමක් අවබෝධයක් නැහැ කියන එකත් පැහැදිලියි. ඒ් නිසා ජෙප්පො බලය ගත්ත කියල විස‍ඳෙන ප්‍රශ්නයක් නැහැ නෙවෙයි මේක කොහොමටවත් බේරගන්න වෙන්නේ නෑ කියන එක ඉතාම පැහැදිලියි.

ජෙප්පො හිතන් ඉන්නෙ බුලත් විට කඩයක් කරනවා වගේ රට පාලනය කරන්න පුලුවන් කියලා. මේ ගොන් කතා වලින් මේ රටේ ඡන්දයක් දිනන්න තියා තමන්ගේ ඉතිරි 3 වත් ‍රැක ගන්න බැහැ කියන එක ජෙප්පොන්ට තේරෙන්නේ නැහැ. රටට වින කරපු උන් කියලා තවත් මැති ඇමැතිවරුන්ගේ ගෙවල් දොරවල් ගිනි තියලා, දේශපාලන වශයෙන් පාක්ෂිකයන් නොවන මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියලා රටේ බහුතරයේ කැමැත්ත තමන්ට ලබාගන්න පුලුවන් කියලයි මේ ජෙප්පො හිතන්නේ. ඒත් බහුතරය කියන්නේ සියයට 3ට නෙවෙයිනේ.

ජෙප්පො සමාජවාදි විප්ලවය කියල කිව්වෙත් එහෙම බලහත්කාරී ප්‍රචණ්ඩත්වයකට. අඩුම තරමින් ජෙප්පො මාක්ස්,ලෙනින්වත් විප්ලවය කියල කිව්වෙ මොකක්ද කියන එක දන්නෙ නෑ. බහු ජනතාවගේ ආධාරය කැමැත්ත නැතුව විප්ලව කරන්න බෑ කියන එක රට විනාශ කරපු කැරළි දෙකුකත් ගහලා තමනුත් විනාශ වුණාට පස්සෙවත් ඒ පාඩම ඉගෙන ගෙන නෑ.

මේ රටේ මිනිස්සු ප්‍රචණ්ඩත්වයට කොහොමටවත් කැමැති නෑ. මේක එහෙම රටක් නෙවෙයි. ප්‍රචණ්ඩත්වය ඇති කරපු හැම වෙලාවෙම රටම ඒකට එරෙහිව වැඩ කළා. ජෙප්පො පරාජය උනෙත් එල්ටීටීඊය පරාජය වුණෙත් ඒකයි.

ඒ හැම වෙලාවෙම මිනිස්සු හිටියේ ප්‍රජාතන්ත්‍රවාදීව බලය පවරපු ආණ්ඩුව එක්ක. පහුගිය මැයි 09 වෙනිදා ජෙප්පො රට ගිනි තිය තියා යනකොට මිනිස්සු ඒකත් එක්ක එකතු වුණේ නෑ. ප්‍රචණ්ඩත්වයට විරුද්ධවයි කතා කළේ. ගොඩක් තැන්වල ප්‍රචණ්ඩත්වයන් නොවෙන්න රට වැසියෝ වග බලා ගත්ත. තමන්ගේ විරුද්ධ පාක්ෂිකයාගේ ගෙවල් දොරවල් ආරක්ෂා කරන්න එකතු වුණා. ප්‍රචණ්ඩක්‍රියාවන්ට සම්බන්ධ උන් හොය හොයා පොලිසියට තොරතුරු දුන්නෙත් මේ සාමාන්‍ය මිනිස්සුම තමයි. රටේ බහුතරය එහෙමයි.

දැන් මිනිසුන්ට තියෙනවා වැඩක්.. ජෙප්පො ආයේ රට ගිනි තියන්න ලැහැස්ති වෙනවා.. රට තවත් මහා විනාශයකට ගෙනියන්න හදනවා. මේක වහාම වැලැක්විය යුතුයි. ඒක කරන්න පුලුවන් ඒ වෙනුවෙන් මිනිස්සු වෙලාසනම එකතු වුණොත්.

මේකට, ජෙප්පන්ගෙන් තමන්ගේ ගෙවල් දොරවල් යාන වාහන දේපොළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පක්ෂ බේදයකින් තොරව ගම් වල ආරක්ෂක වැඩ පිළිවෙලක් හදන්න වෙනවා.. ආරක්ෂක කමි‍ටු හදාගන්න වෙනවා.

ගම ආරක්ෂා කරගන්න මොකක්ම හරි කරන්නම වෙනවා. නැතිනම් ගිනි ඇවිලෙන්නේ අල්ලපු ගෙදරට විතරක් නෙවෙයි. ඒ ගින්න තමන්ගේ ගෙදරටත් එන්න පුලුවන්. මහා භීෂණකාරී තත්වයකට රට පත් වෙන්න ඉඩ නොදිමට ජනතාව වග බලා නොගත්තොත් මොකුත් ඉතුරු වෙන්නෙ නෑ.. ඒක සහතිකයි.

 

 

- SJ

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us