වෘත්තිය සමිති මා‍ෆියාවට තවත් වැඩක් සෙට් වෙයි. Featured

Tuesday, 28 June 2022 18:08

 ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් හි ස්ථාපිත සමාගම් සමඟ ඇති කර ගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රට තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම දැඩි අභියෝගාත්මක කාර්යයක් වී තිබීම මතය. එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳ ගැටලුකාරිත්වයන් රැසක් හඳුනාගැනීමට හැකිව තිබෙන අතර එය මෙරට ඉන්ධන සැපයුම අඩාල කිරීමට බලපා ඇති බවද අණාවරණය වී ඇත. එම තත්වයන්ට හේතු වී ඇත්තේ දූෂිත නිලධාරීන් විසින අනුගමනය කරන වංචා සහගත ක්‍රමවේදයන් බවද හෙළි විය. අඛන්ඩව ඉන්ධන මෙරටට ලබා ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යැකිව තිබු කඩිනම් ක්‍රමවේදයන් ගනනාවක් මේ නිලධාරීන්ගේ සටකපටකම් නිසා ඇහිරී තිබිණි.

මේ තත්වයට විසඳුම් ලෙස මෙම ආයතන ක්‍රමවේදයන් වෙනස් කිරීම විය යුතුව තිබුණත් ඒ සිදුකිරීමට යෑමට එරෙහිව වෘත්තීය සමිති මාෆියාව ක්‍රියාත්මක වීම සහ එමඟින් දැනට පවත්වාගෙන යන ක්‍රියාවලිය පවා අඩපණ කිරීම මේ වෘත්තීය සමිති විසින් සිදුකරනු ඇතැයි යන්න උපකල්පන කළ හැකිය. වෘත්තීය සමිති මාෆියාවට අවශ්‍ය වන්නේ දූෂිත යාන්ත්‍රණය එලෙසම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයය. එසේ නොවුණහොත් ඔවුන්ගේ බැංකු ගිණුම් වලට හොර පාරෙන් වැටෙන අතයට ගතමනාව අහිමි වේ.

මෙවැනි මොහොතක කඩාකප්පල්කාරී තත්වයක් ඇති වුවහොත් රට තවදුරටත් අර්බුදයකටම ලක් විය හැකිය. ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් හි ස්ථාපිත ප්‍රධාන පෙළේ සමාගම් සමඟ දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීමට රජය තීරණය කිරීම ඊට ඇති හොඳම විසඳුමකි.

ඒ අනුව මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයට එම සමාගම්වල අරමුදල් උපයෝගි කරගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම් වෙත අවස්ථාව සලසා දීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත.

රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%කට පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දායකත්වය දරන අතර, ඉතිරි 10% ලංකා ඉන්දියානු තෙල් සමාගම (IOC) විසින් සපයනු ලබයි.

ඒ කොහොම වුණත් මේ වන විටත් මේ වෘත්තීය සමිති මාෆියාව මේ තීරණයටත් එරෙහිව කෑකෝ ගැසීම ආරම්භ කර ඇත. මේ මාෆියාව කෙතරම් බලවත්ද කෙතරම් සංවිධානාත්මකද ඔවුන්ගේ මේ දුෂ්ඨ ජාලය කෙතරම් පැතිරුණ එකක්ද යන්න තවත් පැහැදිලි කරමින් රජයේ මේ තීරණයට එරෙහිව මුලින්ම අවි අමෝරා ගත්තේ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති මාෆියාවේ ප්‍රධානියකු සහ ජවිපෙ නායකයකුද වන රංජන් ජයලාල්ය.

ඔහුට අනුව මේ පවතින ඉන්ධන හිඟය වත්මන් ආණ්ඩුව විසින් හිතාමතා ඇති කර මෙරට රාජ්‍ය ඉන්ධන සැපයුම විදේශ සමාගමකට පැවැරීමට කළ කුමන්ත්‍රණයකි. ඇට නැති දිව කැමැති අතකට නව නවා නොයෙක් දේ කිව හැකිය. එහෙත් ඒ් ඇත්තක්ද බොරුවක්ද කියා අසන්නන් සිහි බුද්ධියෙන් අසා තේරුම් ගත යුතුය.

ප්‍රශ්නය කොහේ වුණත් වදින්නේ තමන්ගේ මාෆියාවටනම් ඔවුන් එකා මෙන් නැඟී සිටියි. විදුලි බල සහ බලශක්ති ක්ෂේත්‍ර එකිනෙක හා සම්බන්ධවන්නේ කෙසේද මේ ආයතන වෘත්තීය සමිති මාෆියාවනුත් එලෙසම සම්බන්ධය. මේවා එකතු කරන්නේ මහා ජාවාරම්කරුවන් විසිනි.

මෙරට ඉන්ධන සැපයුම රජයේ ආයතනවලින් ගැලවී පෞද්ගලින අංශ වෙතට මාරු වන විට මේ ජාවාරම්කරුවන්ටත් ඔවුන්ගෙන් සංතෝසම් ලබන නිලධාරීන්ගෙත් බඩට වැදීම සිදුවෙයි. ඒ නිසා ඊට ඉඩ නොදීම මේ අයගේ ප්‍රතිපත්තියයි.

රාජ්‍ය ආයතන පාඩු ලබන විට එම කටයුත්තම සුළුවෙන් සිදුකරන පෞද්ගලික සමාගම් අපහසුවකින් තොරව ලාබ ලබමින් සිටින බවට හොඳම උදාහරණයක් වන්නේ මෙරට ඉංදියානු තෙල් සමාගමය (IOC).එම සමාගම ලාබ ලැබීම රජයට බදු ආදායම් සහ රාජ්‍ය භාගය ලෙස විශාල මුදලක්ද ලැබේ. අදත් නොකඩවා ඉන්ධන ටික ලැබෙමින් පවතින්නේ මේ IOC බෙදාහැරීම් ජාලය මඟින් පමණය. නමුත් රාජ්‍ය ආයතනය තවදුරටත් නඩත්තුකරගෙන යා නොහැකි තරමට දිගින් දිගටම පාඩුම ලබයි.

අද මේ රුපියල් බිලියන සිය ගනනක පාඩුවට කරගහන්න වී ඇත්තේ ජනතාවටය. ඉන්ධන මිල දරන්න බැරි තරම් ඉහළ දමා ඇත්තේ මෙ පාඩු පියවීමටය. එසේම ජනතාවගෙන් අය කරන බදු මුදල්ද මේ පාඩු පියවීම වෙනුවෙන් යොදවයි. එනම් අවස්ථා දෙකකදීම ජනතාව මේ පාඩු පියවීම් වෙනුවෙන් සූරාකෑමකට ලක්වේ.

මේ පාඩු ලබන ආයතන මේ විදිහට තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න ගැන දැන් විවාදයක් නැත. මේ තවත් සිදුකළ නොහැකිය. දශක ගනාවක් තිස්සේ දූෂිත වූ, දූෂිත නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවූ මේ ආයතන හදන්නත් බැරිය. ඒවාට මේ දූෂිත නිලධාරී මා‌ෆියාව ඉඩ දෙන්නේ නැත.

නමුත් ඊට විකල්පයක් අවශ්‍යය. රජය දැන් තිරණය ගෙන ක්‍රියාත්මක කරන්න යන්නේ ඒ විකල්ප විසඳුමකි.

මේ රට ගොඩනැඟීම ගැන, පවතින පීඩාවන්ගෙන් මීදීම ගැන ජනතාවට කුමක් හෝ අපේක්ෂාවක් තිබෙනවා නම් මේ තීරණයට එකඟවිය යුතුය. ඊට සහය දිය යුතුය. මෙයින් රජයට ලැබෙන ආදායම හෝ ලාබය නොසලකා හැරියත් මෙයින් රජයට පාඩුවක් නැතිනම්, ජනතාවට පාඩුවක් නැතිනම්, ඉන්ධන සැපයුම කලට වේලාවට අවශ්‍යතරමට ලැබෙනවා නම් ඊට විරුද්ධ වන්න හේතුවක් නැත.

පටු දේශපාලන වාසි, තකා බඩගෝස්තරයට ඊට එරෙහිවන්නගෙන් ජනතාව පරිස්සම් විය යුතුය. මන්ද ඔවුන් සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිත සමඟය. අනාගත දරුපරම්පරාවගේ ජීවිත සමඟය. ඒ වැලැක්විය යුතුය.

- මහේෂි

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us