subash

subash

දකුණු ආසියාවේ විශාලතම සංනිවේදන කුළුණ ලෙස මේ වන විට කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ ගොඩ නැ‍ඟෙමින් තිබෙන නෙළුම් කුළුණ ගනු දෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ - TCRSL අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා හා තවත් කිහිප දෙනෙකු අමරිකානු ඩොලර් මිලියන 50 කට ආසන්න මුදලක් අයතා ලෙස උපයාගෙන තිබෙන බව එම කොමිසමේ නිළධාරීන් හෙළි කර සිටී.

‘‘වීර කතාජනකතාආගමික කතාසුරංගනා කතාමිත්‍යා කතාචරිත කතාවිකට කතා,ඉතිහාස කතා සහ විවිධ විෂයන් ආශ‍්‍රිතව ලියවුණු සැබෑ කතා ආදී ළමා පොත් විශාල සංඛ්‍යාවක් අපට අවශ්‍යයි. තම රුචිය හා දක්ෂකම් අනුව පොත් තෝරා ගැනීමට එවිට ළමයින්ට අවස්ථාව සැලසෙනව. 

නව කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පත් කෙරුණු ගයන්ත කරුණාතිලක මහතා සිය ධුරයේ රාජකාරි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හෙට (16) භාර ගැනීමට නියමිතය.
රාජපක්‍ෂ පාලන සමයේ සිදුවී යැයි කියන මහා පරිමාණ වංචා හා දූෂණ රැසක් පිළිබඳ මේ වන විට ලැබී ඇති තොරතුරු හෙට (16දා) අනාවරණය කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කියයි.
 

දැවැන්ත මුදල් කන්දරාවක් වැය කොට පසුගිය රජය විසින් පවත්වාගෙන ආ දැයට කිරුළ ප්‍රදර්ශනයේ මෙවර පැවැත්වීම සඳහා මෙතෙක් වැය කරනු ලැබ ඇති හා ඒ සඳහා ගෙවීමට ඇති මුදල් පිළිබඳ විස්තර වහා ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශය සියලු දිසා ලේකම්වරුන්ගෙන් ඉල්ලා ඇත.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්‍ෂාවට අදාළව ජනාධිපති උපදේශක ලෙස පත් කිරීමට රජය පියවර ගෙන ඇත.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවීමක් හෙට (15)දිනයේදී සිදු වීමට නියමිතය. මෙහිදී ශ්‍රීලනීපයේ නායකයකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දිමට මේ වන විටත් එකඟ වී තිබේ.. එමෙන්ම ජනාධිපතිවරයාගේ දින සියයයේ වැඩ පිළිවෙලට සහය පල කිරීමත් රාජපක්ෂ  විසින් සිදු කරනු ඇත. 
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාගේ ජම්බුගස් මුල්ල ප්‍ර දේශයේ තිබෙන නිවස මීට මොහොතකට පෙර මිරිහාන පොලිසිය විසින් වටළනු ලැබීය.

ඉකුත් 8 වැනිදා රාත්‍රී ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විකාශය වද්දීත් අරලියගහ මන්දිරයේදී හිටපු විදේශ ඇමැති ජී එල් පීරිස් මහතාත් , පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ගම්මන්පිල මහතාත්, අගවිනිසුරු මොහාන් පීරිස් මහතාත්, ආරක්ෂක ලේකම්වරයාත් වරයාගේත් මූලිකත්වයෙන් තමන්ට අවාසිදායක තත්වයක් ප්‍රතිඵල වලින් පැහැදිලි වෙමින් තිබුණ බැවින් ඒ ප්‍රතිඵල නිකුත් විම වළක්වන්නට ප්‍රතිඵල නිකුත් වීම වලක්වන්නට කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් සකස් කරමින් සිටින බව අනාවරණය වූ බව විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙයි.

ඉන්දියානු සුපිරි නළු ශාරුක් ඛාන්ට ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ත්‍රිමාණ හැඩතල සහිත ඔහුගේම පිළිමයක් ලැබී ඇත.

Connet With Us