subash

subash

ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදුවන මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වන ඞී.එම්.එස්. ජයරත්න පත්කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ තනාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සඳහා පරීක්ෂණ පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යංශය තවමත් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශ සේවකයෝ කනස්සල්ල පළ කරති.

බොදු බල සේනා සංචිධානය ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව දේශපාලන අතකොළුවක් බවට පත්කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා නව රජයට එක්කර නොගන්නා ලෙස කියමින් මාතර - කොළඹ මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර ඇත.

බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වාර්තා රැසක් බිඳ දමමින් බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගත් වැඩිම ආදායම උපයා ගැනීමට රාජ්කුමාර් හිරුණිගේ පී.කේ. චිත්‍රපටය සමත්ව ඇත.

මේ සිරස් තලට යටතේ පළ කල පුවතේ ජනාධිපතිවරණ පෙත්සමට අදාල මහින්ද රාජපක්ෂගේ ලේඛණ ගත නීතීඥවරිය ලෙස නීතීඥ අනෝමා ගුණතිලක මහත්මියගේ නම සඳහන් විය.

මේ සම්බන්ධයෙන් ඇය අප වෙත නිවැරදි කිරීමක් එවා ඇත.

මිනිස් ජාවාරම්කරුවන් හොර රහසේ රඳවා ගෙන ප‍්‍රවාහනය කරමින් සිටි ළදරුවන් 37 දෙනෙකු බේරා ගැනීමට චීන පොලීසියට හැකි වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව වාර්තා වෙයි.මහින්ද රාජපක්ෂ මහතා ඊය‍ේ (14)රාත්‍රිය‍ේ හිටපු මැති ඇමතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී පවසා ඇත්ත‍ේ තමා ක්‍රියාකාරී ද‍ේශපාලනයෙන් සමුගන්නා බවයි. 

මහ ඇමති පවුලම රට යයි

Published in පුවත්
Thursday, 15 January 2015 10:16

සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුලු පවුලේ සාමාජකයෝ 6 දෙනෙක් විදෙස් ගත වීම සඳහා අද (15දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියහ.

කටුනායක ගුවන්තොටුපොළේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ඩුබායි බලා යමට පැමිණි ගුවන්යානයකට කුරුල්ලෙක් වැදී අැත.මේ හේතුවෙන් එම ගුවන් ගමන පැයකුත් විනාඩි හතක් ප්‍රමාද වී තිබේ.

Connet With Us